අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කහවත්ත පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් නිලධාරීයෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කහවත්ත පොලිස් ස්ථානයට අනුයුක්තව රථ වාහන රාජකාරියේ නිරත වසිටි පොලිස් නිලධාරියෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවා. දැව ප්‍රවාහනය කරන ලද ලොරි රථයක් සම්බන්ධයෙන් නීතිමය කටයුතු නොකර සිටීමට මොහු රුපියල් 25,000ක අල්ලසක් ඉල්ලා ඇති අතර […]
2020 ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය මාර්තු මස 29 වනදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා. දකුණූ අප්‍රිකානු කණ්ඩායමේ ඉන්දීය තරඟ සංචාරය අවසන් වීමෙන් පසු අයි.පී.එල් තරඟාවලිය ආරම්භ කරන බවයි තරඟ සංවිධාකයින් පවසන්නේ. ඒ අනුව පළමු තරඟය පසුගිය වසරේ ශූරයන් වු මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ එහි අනුශූරයන් වු චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබෙනවා.
එල්.ටී.ටී.ඊ සංවිධානය ක්‍රියාකාරීව පැවති සමයේ එල්.ටී.ටී.ඊ බැංකුවක් පවත්වාගෙන ගිය බව සැලකෙන කනගරායකුලම් ප්‍රදේශයේ පිහිටි භූමියක කැණීම් සිදුකර තිබෙනවා. වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණය ලබා ගත් නියෝගයකට අනුව කනගරායකුලම් පොලිසියේ නිලධාරීන් විසින් මෙම කැණීම් සිදුකර ඇති අතර අදාළ ස්ථානයේ කැණීම් සිදුකළ පුද්ගලයින් තිදෙනෙකු පසුගියදා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පොලීසිය විසින් එම ස්ථානය සම්බන්ධයෙන් කැණීම් කිරීම සඳහා අධිකරණයෙන් නියෝගයක් ලබා […]
ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනී ඇලයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය අද මෙරට විදේශ සබඳතා අමාත්‍යාංශය වෙත කැඳවීමට තීරණය කර තිබෙනවා. යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට අමෙරිකා එක්සත් ජනපදය විසින් සංචාරක තහනමක් පැණවීම පිළිබඳව කරුණූ විමසීම සඳහා එම කැඳවීම සිදුකරන බවයි විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා. මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් විශ්වාසදායක තොරතුරු මත […]
නාඋල, පුබ්බිලිය බඹරගහවත්ත රජයේ රක්ෂිතයට අනවසරයෙන් ඇතුළු වී තලගොයින් 8 දෙනෙකු මරා පුළුස්සමින් සිටි පුද්ගලයන් හයදෙනකු වනජීවි නිලධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පුබ්බිලිය, මාලගමුව, ගලේවෙල, සහ මනන්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන්. ඇලහැර වනජීවී කාර්යාලයේ නිලධාරීන් කිහිපදෙනෙකු නාඋල පුබ්බිලිය ප්‍රදේශයේ රජයේ රක්ෂිතයේ ඉදිකොට ඇති විදුලි වැට පිළිබඳව නිරීක්ෂණයක් සිදු කරමින් සිටියදී රජයේ රක්ෂිතය […]
චීනයෙන් වාර්තා වූ කොවිඩ් – 19 වෛරසයෙන් මිය ගිය ගණන 1662 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. ඒ ඊයේ දිනයේ හූබෙයි පළාතේ වෛරසය ආසාදනය වූවන් 139 දෙනෙකු මියයාමත් සමගයි. මෙම වෛරසය ආසාදනය වූ සමස්ත අසාධිතයින් ගණන 56,249 ක් ලෙස සදහන් වෙනවා. කෙසේ වෙතත් චීන විදේශ අමාත්‍යවරයා සදහන් කරන්නේ මෙම වෛරසය පාලනයට ඉතා ඉක්මනින් හැකිවනු ඇති බවයි.
දිවයිනේ සබරගමුව පළාතෙත් කොළඹ, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස 2.00න් පමණ පසුව තැනින් තැන වැසි ඇති විය හැකි කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවත් ඒම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සදහන්.
පසුගිය වසරට වඩා සියයට 64 කින් හෙරොයින් පිළිබඳව නඩු වැඩි වී ඇති බවත් මෙම තත්ත්වය ඉතාමත් ඛේදනීය බවත් අධිකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළා. වැලිකඩ බන්ධනාගාරයේ පැවැති උත්සවයක් අමතමින් ඔහු මේ බව පැවසුවා. මහා පරිමාණයෙන් හෙරොයින් ගෙන්වා බෙදා හරින පුද්ගලයින්ට දැඩි දඩුවම් ලබා දිය යුතු බවත් බන්ධනාගාර ගතව සිටින රැදවියන් වැඩි වශයෙන් […]
මහ මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිෂන් සභාව ලබන අගහරුවාදා දිනයේදී විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබෙනවා. නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය කෙරෙහි එහිදී වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇති බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළා. සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයට අදාළව ඉදිරිපත්ව ඇති ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන්ද මෙහිදී විමසා බැලීමට නියමිතයි. එම පක්ෂයේ ලාංඡනය ලෙස දැනට නව […]
කොරෝනා වෛරස් අවදානම හේතුවෙන් සිංගප්පූරුවේ නව යුවළ සිය විවාහ උත්සවය කල් දැමීමට කටයුතු කර ඇති බව සදහන්. විදේශයන් හි සිට පැමිණෙන අමුත්තන් වෛරසයට ගොදුරු වීමේ අවදානම ඊට හේතුව වන අතර වෛරසයේ අවදානම හේතුවෙන් සිංගප්පූරුවේ කතෝලික දේවස්ථානවල දේව මෙහෙයන් ද නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. මේ අතර, ලන්ඩනයේ ප්‍රථම කොරෝනා වෛරස් ආසාදිතයා සහභාගි […]
නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ඇතුළු උසස් පොලිස් නිලධාරීන් 14 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. ජාතික පොලිස් කොමිසම් සභාවේ අනුමැතිය පරිදි සේවා අවශ්‍යතා මත මෙම ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කළා. ඒ අනුව ප්‍රවාහන, සංදේශ හා තොරතුරු තාක්ෂණ දිසාව භාර වැඩබලන නියෝජ්‍ය පොලිස්පති ආර්. විජේසිංහ ප්‍රවර්ථන දිසාව වෙත මාරු කර […]
රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ වීරතුංග මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණු බව බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ලබන සඳුදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට […]