මධ්‍යම මාලිහි ගම්මානයකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් 22 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මාලි හි ඔගොසාගෝ ගම්මානයට එල්ල වූ ප්‍රහාරයෙන් තවත් පිරිසක් අතුරුදන්ව ඇති බව විදෙස් වාර්තා සදහන් කළා. අදාල ප්‍රහාරඅය හේතුවෙන් එම ගම්මානයේ නිවාස රැසක් විනාශ වී ඇති බව සඳහන්. කෙසේවෙතත් ප්‍රහාරයේ වගකීම කිසිවෙකු භාරගෙන නොමැති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
රුපියල් කෝටි 10කට ආසන්න වටිනාකමකින් යුතු රත්‍රං තොගයක් නීතිවිරෝධීව ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු යාපනය මාදගල් මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාවික හමුදාවට අයත් ඩිංගි යාත්‍රාවක් මගින් ඊයේ සැක සහිත ධීවර යාත්‍රාවක් නිරීක්ෂණය කර ඇති අතර, වැඩිදුර පරීක්ෂා කිරීමට සූදානම් වූ අවස්ථාවේ එම යාත්‍රාව අණ නොතකා යාත්‍රා කර ඇති බව නාවික හමුදාව […]
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගනු ලැබු රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා. අද අලුයම දිවයිනට පැමිණි රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ, මිග් යානා ගනුදෙනුවක් සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයකට අදාළවයි.
මහමැතිවරණයේදි දෙපලිකට බෙදි තරඟ නොකර හංසයා ලකුණ යටතේ එක්ව තරඟ කිරිමට එජාප සජිත් පිල හා රනිල් පිල අද සවස පැවති සාකච්ජාවේදි එකගතාවකට පැමිණ ඇති බව වාර්තා වනවා.
පෙබරවාරි 14 අපි හැමෝම දන්නේ ආදරවන්තයින්ගේ දිනය ලෙසයි. නමුත් ඔබ දන්නවද? ලොව සියලු දෙනා අද වන විට පරිහරණය කරන සමාජ මාධ්‍යයක් වන You Tube හි ආරම්භය සිදුවන්නේ අද වන් දිනකයි. 2005.02.14 දින ආරම්භ වන You Tube ගැන වැඩි විස්තර දැනගන්න පහත වීඩියෝව නරඹන්න. Click Here
ඇමරිකාව සහ ඊශ්‍රායලය සුළු අතපසුවීමකින් හෝ තම රටට අනතුරක් සිදුකළහොත් ඊට ප්‍රතිචාර දැක්වීමට සූදානම් බව ඉරාන ආරක්ෂක හමුදාවේ ප්‍රධානියෙකු වන කමාන්ඩර් හුසේන් සලාම් පවසනවා. ඉරාන හමුදා ප්‍රධානී කසීම් සුලෙයිමානිගේ ඝාතනයෙන් දින 40කට පසු පැවති සැමරුම් උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න –Click Here
විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මැදපෙරදිග ගුවන් තොටුපළ දෙකක සිට මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව් දෙනෙකු අද (14) අලුයම කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් සිව් දෙනා අද දින අලුයම 5.00 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා දෙකකින් […]
මධ්‍යම අධිවේගී මාර්ගය සහ සෙසු අධිවේගී මාර්ග කඩිනමින් ඉදිකරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරින්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ මාර්ග සහ මහාමාර්ග අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමග අද ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදීයි. කොළඹ දෙසට පවතින වාහන තදබදයට කඩිනම් විසඳුම් සොයන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නා. එසේම, ගාලූපාරට සමාන්තර මුහුදුබඩ මාර්ගය, පානදුර දක්වා දීර්ඝ කිරීමට […]
චීනයේ සෞඛ්‍ය සේවකයින් 1700කට අධික පිරිසක් කොවිඩ්නයින්ටීන් හෙවත් කොරෝනා වෛරස ආසාදනයට ලක්ව ඇති බව එරට සෞඛ්‍ය අංශය පවසනවා. පසුගිය 11 වනදා වන විට සෞඛ්‍ය සේවකයින් 1716 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති අතර ඉන් සේවකයින් 06 දෙනෙකු මියගොස් ඇති බව ඔවුන් පැවසුවා. ඉන් 1500 දෙනෙකු හුබෙයි පළාතෙන් වාර්තා වී තිබෙනවා. කොරෝනා වෛරසයෙන් සෞඛ්‍ය සේවකයින් ආරක්ෂා කිරීම […]
තමා ජනාධිපති ධුරයේ රැඳී සිටින තුරු රුසියාවේ සමලිංගික විවාහ නීතිගත නොකරන බව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටීන් පවසනවා. මව, පියා යන සම්ප්‍රදායික නාමයන් වෙනස් කිරීමට තමන් ඉඩ නොතබන බවද ඔහු සඳහන් කර තිබෙනවා. සමලිංගික විවාහ නීතිගත කිරීම සම්බන්ධයෙන් තම ස්ථාවරය මීටපෙර ද ප්‍රකාශයට පත් කර ඇති බව පෙන්වාදෙන රුසියානු ජනාධිපතිවරයා තමා ධුරයේ කටයුතු කරන තුරු එම […]
‘සමගි ජනබලවේගය’ නව සන්ධානයෙන් තරග කිරීම පිළිබඳව අවසන් තීරණයක් ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(14) පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ව කැඳවා තිබෙනවා. නව සන්ධානය සඳහා එකඟතාව ලබා ගැනීමේ අරමුණින් එම කැඳවීම සිදුකර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි නලීන් බණ්ඩාර මහතා ප්‍රකාශ කළා. එක්සත් ජාතික පක්ෂයේ සජිත් පාර්ශ්වය ‘සමගි ජනබලවේගය’ නමින් පක්ෂයක් පිහිටුවා ඇති අතර එම නව […]