අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය බන්ධනාගාර දෙපාර්තමේන්තුව හා ඇවන්ගාර්ඩ් සමුහ ව්‍යාපාරය එක්ව දියත් කරනු ලබන බන්ධනාගාර රැදවියන් 5000ක් පුනරුත්ථාපනය කර රැකියා නියුක්තිකයින් බවට පත්කර සමාජ ගත කිරීමේ වැඩ පිළිවෙළ ආරම්භ කිරීම අද (18) බන්ධනාගාර මුලස්ථානයේදී සිදු කෙරුණා. අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ […]
ලිහිසි තෙල් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන ආනයනය, බෙදා හැරීම සහ අලෙවිය පූර්ණ පරීක්ෂාවකට ලක් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබෙනවා. මහජන උපයෝගීතා කොමිසමේ සහය මත දීපව්‍යාප්ත වැටලීම් මාලාවක් ආරම්භ කර ඇති බව එම අධිකාරිය සඳහන් කළා. ලිහිසි තෙල් සම්බන්ධයෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ලැබෙන පැමිණිලි සළකා මෙම වැටලීම් සිදු කෙරෙනවා. ලිහිසි තෙල් නිෂ්පාදනය, බෙදා […]
පොදු සමා කාලයෙන් පසුවත් නීතිවිරෝධී ගිනි අවි ළඟ තබාගෙන සිටින පුද්ගලයන් පිළිබඳ පියවර ගැනීම සඳහා තොරතුරු ලබාදෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය ජනතාවට දැනුම්දීමක් කර තිබෙනවා. පසුගියදා ක්‍රියාත්මක වූ පොදුසමා කාලය තුළ නීතිවිරෝධී ගිනි අවි 200 ක් පොලිස් ස්ථාන වෙත භාරදී තිබූ බව එම අමාත්‍යාංශය සඳහන් කළා.
යාපනය මණ්ඩතිව් කලපුවේ නීතිවිරෝධී ලෙස කඩොලාන ශාක කපමින් සිටි පුද්ගලයෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. යාපනය මණ්ඩතිව් ප්‍රදේශයේ උතුරු නාවික විධානයට අයත් සෙබලුන් පිරිසක් විසින් සිදු කරනු ලැබූ සෝදිසියකදී ඩිංගි යාත්‍රාවක ආධාරයෙන් කඩොලාන කපමින් සිටි පුද්ගලයෙකු මෙසේ අත්අඩංගුවට ගත් බව සදහන්. අත්අඩංගුවට ගත් සැකකරු යාපනය ගුරුනගර ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි වියේ පසුවන අතර එම […]
විශ්‍රාමිකයින්ට තම ජාතික හැඳුනුම්පත සෘජුවම දුම්රිය ස්ථානය වෙත ඉදිරිපත් කරමින් නිදහස් දුම්රිය ප්‍රවේශපත්‍රයක් ලබා ගැනීමේ ක්‍රමවේදය හෙට (19) සිට ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙනවා. ප්‍රවාහන සේවා කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කොටුව දුම්රිය ස්ථානයෙන් මෙය ආරම්භ කිරීමට නියමිත බව සදහන්. ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, සහ මොබිටෙල් ආයතනය ඒකාබද්ධව […]
පාසල් සිසුන් මත් උවදුරෙන් මුදා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ වැඩපිළිවෙලක් සකස්කර තිබෙනවා. ඒ අනුව මෙම වැඩපිළිවෙලට අනුව සෑම පාසලකටම වෙනම පොලිස් නිලධාරියෙක් යොදවා ඇති අතර තොරතුරු දැනුම් දීම සඳහා නව දුරකථන අංකයක් ද හඳුන්වා දී ඇති බව සදහන්. ඒ අනුව 0777 128 128 යන දුරකථන අංකයට මේ පිලිබද දැනුම්දීම් සිදුකළ හැකියි.
8 වන පාර්ලිමේන්තුවේ 4 වන සැසිවාරය සඳහා වූ කෝප් කමිටුවේ පළමු වාර්තාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති විසින් අද සභාවට ඉදිරිපත් කළා. එහි මහජන බැංකුව, මහබැංකුව, ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු රාජ්‍ය ව්‍යාපාර ආයතන 10 කට අදාළ කරුණු ඇතුළත්. කෝප් වාර්තාවේ අඩංගු කරුණු තුළින් හෙළි වන වංචා, දූෂණ සහ ඒවාට ඍජුවම වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව […]
අර්ධ සුඛෝපබෝගී හෙවත් Semi Luxury බස් සේවාවේ සිදුවිය යුතු වෙනස්කම් ඇතුලත් කැබිනට් පත්‍රීකාවක් ඉදිරිපත් කර ඒ සඳහා අනුමැතිය ගැනීමට ප්‍රවාහන සේවා අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබෙනවා. අමාත්‍යංශයේ අද පැවති සාකච්ඡාවකදීයි මහින්ද අමරවීර මහතා මෙම තීරණය ගෙන තිබෙනවා. අර්ධ සුඛෝපබෝගී බස්රථ සේවාව සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාව සිදුකළ සමීක්ෂණයකදී අනාවරණ වී ඇත්තේ එම බස් […]
ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් මහනුවර ප්‍රධාන පෙළේ හෝටලයක සංවිධානය කර තිබු ෆේස්බුක් සාදයක් සුරාබදු දෙපාර්තමේන්තු විසින් වටලා තිබෙනවා. පසුගිය 15 අලුයම දින ශ්‍රි ලංකා සුරාබදු දෙපාර්තමෙන්තුවේ මහනුවර සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරින් විසින් මෙම වැටලීම සිදු කර ඇති අතර ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් මහනුවර බහිරවකන්ද ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ හෝටලයක සංවිධානය කර තිබු ෆේස්බුක් සාදයේ සිටි විවිධ වර්ගයේ […]
රටම පාවාදුන් ජිනීවා යෝජනාවලියෙන් ඉවත්වීමට අදාළ කටයුතු සිදුවෙමින් තිබෙන බවත් මේ පිළිබඳව ඊයේ (17) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්ද පවත්වා තිබෙන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කළා. 2015 හා 2016 වසරවල මානව හිමිකම් කොමිසම ඉදිරිපත් කර තිබෙන යෝජනාවල 30 හා 31 වැනි යෝජනා දෙක කැබිනට් මණ්ඩලයට හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බවද එම […]
සිංගප්පූරුවේ ගෘහස්ථ අංශයේ සේවිකාවක වශයෙන් සේවය කරන ශ්‍රි ලාංකික කාන්තාවක් වන පී.ජසින්තා මහත්මිය 2020 වසරේ හොඳම විදේශීය ගෘහස්ථ සේවිකාව ලෙස සම්මාන හිමි කර ගත් අතර එරට රැකියා නියෝජිතයින්ගේ සංගමය මගින් ඇයට හිමි සම්මානය හා සිංගප්පූරු ඩොලර් 2000ක් (ආසන්න වශයෙන් රු.260000.00) ත්‍යාගය වශයෙන් ලබා දී තිබෙනවා.
සංචාරක ව්‍යාපාරය සංවර්ධනය සදහා නව ආයතනයක් ස්ථාපිත කිරීමට සූදානම් බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. දැනට ක්‍රියාත්මක ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, ශ්‍රි ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, ශ්‍රී ලංකා සම්මුති කාර්යංශය ඒකාබද්ධ කර මෙම නව ආයතනය පිහිටුවීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇතැයි ද අමාත්‍යවරයා පැවසුවා. මේ සදහා […]