නව කොරෝනා වෛරස ආසාදිතයින් වාර්තා වීම හේතුවෙන් ජපානයේ යොකෝහාමා වරාය ආශ්‍රිතව නැංගුරම්ලා තිබූ ඩයමන් ප්‍රින්සස් සුඛෝපභෝගී නෞකාවේ නිරෝධායන ක්‍රියාවලිය අවසන් වී තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව වෛරසය ආසාදනය වූ බවට තහවුරු වී නොමැති පළමු මගීන් කණ්ඩායම ලෙස මගීන් 70 කට ආසන්න පිරිසක් අද (19) දිනයේ නෞකාවෙන් ඉවත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් […]
තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගය නිකුත් කරන මෙන් ඉල්ලා වැඩ තහනමකට ලක්ව සිටින හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, කොළඹ අපරාධ කොට්ඨාශය අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙන අතර මෙම පෙත්සම සලකා බැලීම සඳහා අද (19) පෙරවරුවේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ.එච්.එම්. නවාස් […]
නව කොරෝනා වෛරසය ආසාදනය වී ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබා සම්පූර්ණයෙන්ම සුවය ලැබූ චීන ජාතික කාන්තාව අද රෝහලෙන් පිටව යාමට නියමිතව තිබෙනවා.
රාජ්‍ය ආයතනවලට තාවකාලික, අනියම්, ආදේශක, කොන්ත්‍රාත් හෝ සහන පදනම මත බඳවාගෙන දින 180 කට වැඩි සේවා කාලයක් සපුරා ඇති සේවකයින් වෙත ස්ථිර පත්වීම් ලබා දීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. එම සේවකයින්ට කාර්යාල සේවක හා ඒකාබද්ධ රියදුරු සේවයේ ස්ථිර පත්වීම් ලබාදීමට අදාලව අමාත්‍යාංශයේ ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් […]
නුවරඑළිය පොලිස් වසමේ නේස්බි වත්ත ප්‍රදේශයේ තිබී ඊයේ උදෑසන 119 ලැබුණු හදිසි ඇමතුමක් මත නුවරඑළිය පොලීසිය විසින් සිදු කරන ලද විමර්ශනයකදී දිනක් පමණ වයසැති ගැහැණු බිළිඳු මළ සිරුරු 2ක් සොයා ගෙන තිබෙනවා. ඒ අනුව බිළිඳු මළ සිරුරු 2 ක හඳුනා ගෙන දින 14 කින් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීමට නුවරඑළිය වැඩ බලන මහේස්ත්‍රාත්තුමිය විසින් […]
එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක් අද සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. එහිදී ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සමගි ජන බලවේගය කටයුතු කරන ආකාරය පිලිබදව අවසන් තීරණයක් ගැනීම සදහා එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල මෙලෙස රැස්වෙන බවයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන්නේ.
චීනයෙන් වාර්තා වූ කොවිඩ් – 19 වෛරසය හේතුවෙන් මේ වන විට මිය ගිය ගණන 2009ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව විදෙස් වාර්තා වෙනවා. ගත වූ පැය 24 තුල වාර්තා වූ පුද්ගල මරණ ගණන 132ක් වන අතර කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් ගණන අද වනවිට 75000 ඉක්මවා ගොස් තිබෙනවා.
අද සිට විශ්‍රාමිකයින්ට තම ජාතික හැඳුනුම්පත දුම්රිය ස්ථානය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නොමිලේ දුම්රිය ප්‍රවේශ පත්‍රයක් ලබා ගැනිමේ හැකියාවක් පවතින බව වාර්තා වෙනවා. එම වැඩ සටහන අද අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කොටුව දුම්රිය ස්ථානයේ දී ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි රහිත කාලගුණ තත්වයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. හම්බන්තොට, පුත්තලම දිස්ත්‍රික්කවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර 30 – 40 ක් දක්වා වැඩි විය හැකි බව එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සදහන්.
කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 1874 දක්වා ඉහළ ගොස් තිබෙනවා.එමෙන්ම ආසාදිතයන්ගේ සංඛ්‍යාව 73,336 ක්. ඉන් 72,438 ක් වාර්තා වන්නේ චීනයෙන්. ජපානයේ යොකොහොමා වරායේ නැංගුරම් ලා ඇති ඩයමන්ඩ් ප්‍රින්සස් මගී නෞකාවේ වෛරසය ආසාදිතයන් 454 දෙනෙකු සිටින බවට වාර්තා පළවූ අතර, එය චීනයෙන් පිටත වාර්තාවන ඉහළම ආසාදිතයන් සංඛ්‍යාව වනවා. එම නෞකාවේ ශ්‍රී ලංකාවේ […]
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න –Click Here
සමගි ජන බලවේගය යටතේ හංසයා ලකුණින් ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය අද තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක සදහන් කළා. ඒ, පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කළ පක්ෂ නායකයින් මෙම සාකච්ඡාවට එක්ව සිටි අතර මෙම […]