රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් ලෙස විශ්‍රාමික මෙජර් ජනරාල් විජිත රවීප්‍රිය මහතා පත් කර තිබෙනවා.
සිසුන්ගේ ඉගෙනුම් ක්‍රියාවලියට වන අපහසුතා හේතුවෙන් පාසල් වාරය මැද ගුරු මාරු සිදු නොකරන්නැයි පාසල් රැසක විදුහල්පතිවරුන් කළ ඉල්ලීම් සලකා සියලු ජාතික පාසල් වල වාරය මැද සිදුකළ ගුරු ස්ථාන මාරු තාවකාලිකව අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. මේ අනුව මෙම වර්ශයේ ගුරු ස්ථාන මාරු කටයුතු ක්‍රියාත්මක කරන දිනය ඉදිරියේදි දැනුම් දීමට නියමිතයි. එමෙන්ම ගුරු ස්ථාන මාරු […]
අඩු නිපුණත්වයෙන් යුත් ශ්‍රමිකයින්ට වීසා ලබාදීම අත්හිටුවීමට බ්‍රිතාන්‍ය තීරණය කර තිබෙනවා. යුරෝපා සංගමයෙන් ඉවත්වීමත් සමඟ මෙම තීරණය ගෙන ඇති බව සදහන්. එමෙන්ම මිනිස් ශ්‍රමය වෙනුවට තාක්ෂණය භාවිත කල හැකි සෑම අවස්ථාවකදීම ඊට පසුබට නොවන ලෙස බ්‍රිතාන්‍ය රජය එරට ආයතන වලට උපදෙස් ලබාදී තිබෙනවා.
කොරෝනා වෛරසය ආසාදනය වී සිට අංගොඩ වසංගත රෝග පිළිබඳ රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබා ගත්, චීන ජාතික කාන්තාව අද (19) සවස යළිත් සිය රට බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත් වුණා. ලූඕ යාන් (Luo Yang) නැමැති 44 හැවිරිදි ඇය චීනයේ හූබෙයි ප්‍රාන්තයේ උපත ලත් කාන්තාවක්. ඇය අද දින සවස 5.35 ට චීනයේ ග්වැන්ෂෝ බලා පිටත්ව ගිය ශ්‍රී […]
දිවයින පුරා කාපර්ට් මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සෑදීම වෙනුවෙන් පළමු අදියර යටතේ පේරාදෙණිය ගලහ ප්‍රදේශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ලංකාවේ සෑම ප්‍රධාන නගරයකට ඉතා ඉක්මනින් ලගා විය හැකි වීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය බලගැන්වෙනු ඇති.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් 153 දෙනෙකු මේ වන විට අත්අඩංගුවේ පසුවන බව ශ්‍රී ලංකා පොලීසිය සදහන් කළා. පාස්කු ප්‍රහාරයේ විමර්ශන ප්‍රගතිය සම්බන්ධයෙන් වන විශේෂ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රොහණ මහතා අනාවරණය කළා. පාස්කු ප්‍රහාරයෙන් පසු කාන්තාවන් 07ක් ඇතුළු සැකකරුවන් 216 දෙනෙකු අත්අඩංගුවට ගත් බව නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කියා […]
දැනට අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මධුෂ්ගේ සමීපතමයෙකු වන ආමි සමන්ත නැමැත්තා මත්ද්‍රව්‍ය සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, දිවුලපිටිය – බඩල්ගම ප්‍රදේශයේ ඔහුගේ නිවසේ රැඳී සිටියදියි. සැකකරු මාකඳුරේ මධුෂ් සමඟ විවිධ අපරාධ සඳහා එක්ව ඇති අතර ඔහු කොස්ගොඩ සුජී නැමති සංවිධානාත්මක අපරාධකරුගේද ගෝලයෙක්. ඝාතන ඇතුලු විවිධ අපරාධ සඳහා […]
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. දිමුත් කරුණාරත්න එහි නායකත්වය දරණ අතර අවිශ්ක ෆනෑන්ඩෝ, කුසල් ජනිත් පෙරේරා, ෂෙහාන් ජයසූරිය, නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්්ස්, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, දසුන් ශානක, වනිදු හසරංග, ලක්ෂාන් සදකැන්, ඉසුරු උදාන, නුවන් ප‍්‍රදීප් සහ ලහිරු කුමාර එම සංචිතයට අයත් වනවා.
පේරු රාජ්‍යයේ පැතිර යන ඩෙංගු උණ රෝගයෙන් පුද්ගලයන් දොළොස් දෙනෙක් මියගොස් ඇති අතර ඩෙංගු ආසාදිත රෝගීන් සංඛ්‍යාව 5480 ක් බව වාර්තා වනවා. 2019 වර්ෂයේ අවසන් කාර්තුවේ සිට මේ දක්වා පේරු රාජ්‍යයේ ඩෙංගු උණ රෝගය ව්‍යාප්තවීම සැලකිය යුතු මට්ටමකින් ඉහළගොස් තිබෙනවා. රෝගය වැඩිවශයෙන් ව්‍යාප්ත වී තිබෙන්නේ ඇමසෝනියා කලාපවලයි. ඉන් වැඩි බලපෑම් එල්ලවූ කලාප කිහිපයකට ජාතික ආපදා […]
අද (19) අලුයම රිය අනතුරක් සිදුකර පළා යමින් සිටි රංගන ශිල්පියකු වන කාවිංග පෙරේරා තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. තලංගම වේලේ කඩේ හන්දිය ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරක් හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව සදහන්. මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින් පිරිසක් මාර්ගයේ නඩත්තු කටුයුතුවල නිරත වෙමින් සිටියදී ඉන් එක් සේවකයකු අලුයම සැකකරුගේ මෝටර් රථයේ […]
අධිකරණයට අපහාස කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී විශ්‍රාමික යුද හමුදා මේජර් හා නීතිඥ අජිත් ප්‍රසන්න මහතා දැඩි කොන්දේසි සහිත ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය නියම කළා. මෙම පැමිණිල්ල අද (19) කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා ඉදිරියේ කැඳවනු ලැබු අතර එහිදී රිමාන්ඩ් භාරයේ පසුවන අජිත් ප්‍රසන්න මහතා රුපියල් […]
ඉදිරි මහ මැතිවරණය සඳහා රුපියල් කෝටි 500 කට අධික මුදලක් වැයවෙනු ඇති බව ජාතික මැතිවරණ කොමිසම පවසනවා. එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් මැතිවරණය ප්‍රකාශයට පත් කළ පසු රජයට දැනුම් දෙන බවයි. මේ අතර එළඹෙන මහ මැතිවරණයට අදාළ මූලික ලියකියවිලි සකස් කිරීම මේ වනවිට සකස් කරමින් පවතින බව ද ඔහු […]