දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලු අනියම් සේවකයින් ස්ථිර කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි ව තිබෙනවා. ඒ, ඊයේ පැවති කැබිනට් රැස්වීමේදීය. අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවකට එලෙස අනුමැතිය හිමි වූ අතර මේ අතර රජයේ ආයතනවලට තාවකාලිකව, අනියම්, ආදේශක හා කොන්ත්‍රාත් පදනම යටතේ බඳවා ගෙන ඇති කාර්යාල සහායක සේවකයන් හා රියැදුරන් ස්ථිර කිරීමට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු […]
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඩයමන් ප්‍රින්සස් නෞකාවේ සිටි මගීන් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වෙනවා. මෙම නෞකාවේ සිටි මගින් 3700 අතරින් 624 දෙනෙකු කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන අතර දින 14ක නිරෝධායනය ක්‍රියාවලියෙන් පසුගියද මෙම නෞකාවේ සිටි වෛරසය ආසාදනය නොවූ බවට තහවුරු කරගත මගින් ඉන් ඉවත් කිරීම ජපාන බලධාරීන් කටයුතු කළා.
සයින්දමරුදු ප්‍රදේශය වෙනම නගර සභාවක් ලෙස පිහිටුවීමට නිකුත් කළ ගැසට් නිවේදනය අහෝසි වනු ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට අද එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර ඊයේ දිනයේ රැස්වූ කැබිනට් මණ්ඩලය ගත් තීරණයකට අනුව මෙය සිදු කර තිබෙනවා.
කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද(20) පෙරවරුවේ පැවැත්විමට නියමිතව තිබෙනවා.ඒ පෙරවරු 11.00ටයි. අද දිනයෙන් පසුව පාර්ලිමේන්තුව ලබන මස 03 වන දින දක්වා කල්තැබීමට නියමිත අතර 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව මාර්තු මස 02 වන දිනෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරිමේ බලය ජනාධිපතිවරයාට හිමි වෙයි. යම් හෙයකින් ජනාධිපතිවරයා විසින් මාර්තු මන 02 […]
ජර්මනියේ හැනාව් නගරයේ අවන්හල් දෙකක් ඉලක්ක කර අද අලුයම වෙඩි තැබීම් කිහිපයක් සිදුව තිබෙනවා. එයින් පුද්ගලයින් අටදෙනෙක් මියගොස් තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරනවා. බටහිර ජර්මනියේ සුප්‍රකට ශීෂා අවන්හල් දෙකක මෙම වෙඩි තැබීම සිදුව තිබෙනවා. අවන්හල් වෙත කඩාවැඳුනු වෙඩිකරුවන් එහි සිටි පිරිස වෙත වෙඩි තබා ඇති අතර පළමු අවන්හලේ සිදු වූ වෙඩි තැබීමෙන් පුද්ගලයෝ 03 […]
කොවිඩ් – 19 වෛරසය අසාධනය වීම හේතුවෙන් මේ වන විට මිය ගිය ගණන 2125 දක්වා ඉහල ගොස් ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා. මේ අතර මෙම වෛරසය ආසාධනය වීම හේතුවෙන් ඉරානයෙන්ද මරණ දෙකක් වාර්තා වෙනවා. ගතවූ පැය 24 ක කාලය තුළ මරණ 108ක් වාර්තා වී තිබෙනවා.
ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත අද නීතිපති දප්පුල ද ලිවේරා මහතා කැදවා තිබෙන බව වාර්තා වෙනවා. තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාලව හිටපු නාවික හමුදාපතිවරයා විසින් ජනාධිපති කොමිසම හමුවේ පසුගියදා සාක්ෂි ලබාදුන් අතර එහිදී ඔහු ලබාදුන් සාක්ෂි මත පදනම්ව නීතිපතිවරයා කොමිසම හමුවට කැඳවීමට තීරණය කර තිබෙනවා.
අද පැවැත්වීමට නියමිත පක්ෂ නායක රැස්වීමේදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක සභාගත කළ හඬපට ප්රසිද්ධ කිරීම පිලිබදව අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා. ඉකුත්දා පක්‍ෂ නායක රැස්වීමකදී රන්ජන් රාමනායක සභාගත කළ හඬපට මන්තී‍්‍රවරුන් වෙත ලබාදීමට කථානායකවරයා සූදානම් වුවද ඊට විරෝධතා එල්ල වුණා. කෙසේ වෙතත් අද ඒ පිලිබදව අවසන් තීරණයක් ගැනීමට නියමිතයි.
දිවයිනේ නැගෙනහිර, ඌව හා මධ්‍යම පළාත්වලට වැසි හා සුළං තත්ත්වයේ තරමක වැඩි වීමක් අපේක්ෂා කල හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම හම්බන්තොට, ගාල්ල,මාතර මුලතිව් දිස්ත්‍රික්කයෙත් වැසි වාර කීපයක් ඇති විය හැකි බවත් මධ්‍යම පළාතේ ඇතැම් ස්ථානවලට මිලි මීටර 40- 50 අතර තද වර්ෂාවක් ඇති විය හැකි බවත් එම නිවේදනයේ වැඩි දුරටත් සදහන්.
කොවිඩ් නයින්ටීන් වෛරසය සමග සටන් වදින වූහාන් නගරය පිළිබඳව චීනයේ CGTN නාලිකාව වාර්තා වැඩසටහනක් නිර්මාණය කර තිබෙනවා. ඉතා සංවේදී වැඩසටහනක් වන එය නම්කර තිබෙන්නේ “එපිසෙන්ටර් – ටුවෙන්ටි ෆෝ අවර්ස් ඉන් වූහාන්” යනුවෙන්. නව කොරෝනා හෙවත් කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් වැඩිම බලපෑම එල්ල වුණේ චීනයේ හුබෙයි පලාතේ පිහිටි වූහාන් නගරයටයි. මේ වනවිට එම නගරය මුළුමනින්ම […]
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සමගි ජන බලවේගයේ ලකුණ ලෙස හංසයා තෝරා ගන්නේ නම් වසර පහක් ඉක්මවෙන තෙක් එම සලකුණ යළි පෙර පැවති පක්ෂයට ලබා දිය නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාව එක්සත් ජාතික පක්ෂයට දැනුම් දී තිබෙනවා. එම නිසා “හංසයා”, ලකුණ සමගි ජන බලවේගයට භාවිත කිරීම පිළිබඳ අවසන් තීරණයකට එළැඹීම සිදු නොවූ බව එක්සත් ජාතික පක්ෂ […]
ශ්‍රී ලංකා තායිලන්ත බෞද්ධාගමික සබඳතා තහවුරු කරමින් මෙරට බෞද්ධාගමික කටයුතු සදහා රුපියල් දස ලක්ෂයක මුදල් පරිත්‍යාගයක් සිදුකර තිබෙනවා. හොංකොං හි කොන්ෂුක් නාම්චක්ෂි භික්ෂුණිය ඇතුළු ශ්‍රී ලංකාවේ චාරිකාවක නිරත තායිලන්ත දූත පිරිස අද (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පරිත්‍යාගය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දුන් බව සදහන්. තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර බෞද්ධාගමික සබඳතා වර්ධනය […]