News Line| Off Air
Generic placeholder image

Feb
5

අගමැතිගෙන් කෙලින් ප්‍රශ්න අහන්න අද සිට මන්ත්‍රීවරුන්ට අවස්ථාව

Generic placeholder image

අගමැතිගෙන් සෘජුව ප්‍රශ්න කිරීමේ හැකියාව මන්ත්‍රීවරුන්ට අද සිට නැවත හිමිවන බව වාර්තා වෙනවා. ඒ අනුව සෑම මසකම පළමු සතියේ බදාදාට එම අවස්ථාව හිමි කර දී තිබෙන අතර පාර්ලිමේන්තුව අද පස්වරු 1.00 ට රැස්වීමට නියමිතව තිබෙනවා.


Feb
5

කොරෝනා මරණ සංඛ්‍යාව 479 ක් දක්වා ඉහළට

Generic placeholder image

චීනයේ කොරෝනා වෛරසය නිසාවෙන් මිය ගිය ගණන තවදුරටත් ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ 479 ක් දක්වායි. මෙම වෛරසය හේතුවෙන් එමෙන්ම චීනයේ පිටත සිදු වූ දෙවන මරණය හොංකොං දේශයේන් වාර්තා වූ අතර මේ අතර කොරෝනා වෛරසය ගෝලීය අවදානම් තත්ත්වයක් බවට පත්වීමට පෙර වළක්වාගැනීමට අවස්ථාව උදා වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරනවා.


Feb
5

නීත්‍යානුකූල නොවන ලෙස සේවය හැර ගිය හමුදා සාමාජිකයින්ට පොදු සමා කාලයක්

Generic placeholder image

නීත්‍යානුකූල නොවන අන්දමට සේවය හැර ගිය ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට දින 7 ක පොදු සමා කාලයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝග මත ප්‍රකාශයට පත් කර තිබෙනවා. අද සිට දින 7 ක් එම පොදු සමා කාලය ක්‍රියාත්මක අතර එහිදී එම හමුදා සාමාජිකයින්ට නැවත හමුදා සේවයට එක්වීමට හෝ නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීම සිදු කල හැකිය.


Feb
5

එජාප මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අද

Generic placeholder image

එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද රැස්වීමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා. ඒ අද පෙරවරු 10.00ටයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මන්ත්‍රී කණ්ඩායම රැස්වන බවයි වාර්තා වන්නේ.


Feb
5

අදත් සවසට වැසි

Generic placeholder image

අද දිනයෙත් සවස් කාලයේ තද වැසි ඇති විය හැකි කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව සබරගමුව හා දකුණු පළාත්වලත් කළුතර, නුවරඑළිය හා මහනුවර දිස්ත්‍රික්කවලත් සවස 02 00 වැසි ඇති විය හැකි බව එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන් කරනවා.


Feb
4

72 ජාතික නිදහස් දිනය අදයි

Generic placeholder image

72 ජාතික නිදහස් දිනය අදයි. අද කොළඹ නිදහස් චතුරශ‍්‍රයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් දිනහස් දින උත්සවය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ති‍්‍රවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් හමුදාව නියෝජනය කරමින් නිලධාරීන් 7267 දෙනෙකු නිදහස් උත්සවය සදහා සහභාගි වනු ඇති. එමෙන්ම නිදහස් උත්සවය සදහා ආරාධිතයින් 2500 කට ආසන්න පිරිසක් එක්වීමට නියමිතයි. මෙවර නිදහස් දින සැමරුම් […]


Feb
3

මාරාන්තික කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 362 දක්වා ඉහළට

Generic placeholder image

මාරාන්තික නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියගිය පිරිස මේ වනවිට 362 දක්වා ඉහළ ගොස් තිබෙනවා. වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් චීනයේ වෙන්සු නගරය වසා දැමීමට එරට බලධාරීන් අද පියවර ගත් බව සදහන්. මාරාන්තික නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් මේ වනවිට ලොව රටවල් 27කින් හමුවී තිබෙනවා. එම රටවලින් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 17,385ක් වන අතර […]


Feb
3

විදුලි බලය දිනකට පැය දෙකක කාලයක් විසන්ධි කිරීම නවතී

Generic placeholder image

ලංකා විදුලි බල මණ්ඩලයට ඉන්ධන සැපයීමට තිබූ ණය සීමාව ඉක්මවා යාම හේතුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද දින (03) කෙරවළපිටිය බලාගාරයට සපයන ලද ඉන්ධන ප්‍රමාණය අත්හිටුවීමට පියවර ගත්තා. මේ හේතුවෙන් කෙරවළපිටිය බලාගාරයේ විදුලිය උත්පාදනය කිරීම ඇණ හිටීමකට ලක් වූ අතර විදුලි බලය දිනකට පැය දෙකක කාලයක් විසන්ධි කිරීමට විදුලි බල මන්ඩලය තීරණය කර තිබූණා. […]


Feb
3

වුහාන් නගරයට ගිය ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය ජනධිපතිගේ ඇගයීමට

Generic placeholder image

කොරෝනා වෛරසය පැතිරයාම නිසා වසා දැමුණු වුහාන් නගරයට ඇතුල්වී එහි සිටි ශ්‍රි ලාංකික සිසුන් සිය රටට රැගෙන ඒමට ජීවිත අවදානම නොතකා ස්වේච්ඡාවෙන් ක්‍රියා කළ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක් වී තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විශේෂ ආරාධනය අනුව ඔවුහු අද (03) දහවල් ජනාධිපති කාර්යාලයේ දී භෝජන සංග්‍රහයකට එක්වුණා. එහිදී ශ්‍රී ලංකන් […]


Feb
3

චීනයේ මුහුණු ආවරණ හිඟයක්

Generic placeholder image

කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව ඉහළ යමින් පවතින චීනයේ මුහුණු ආවරණ ඇතුළු ආරක්ෂිත වෛද්‍ය උපකරණ හිඟයක් පවතින බවට වාර්තා වනවා. බිලියන 1.4ක ජනගහනයක් සහිත චීනයේ ජනතාව අතර වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා අදාළ උපකරණ කඩිනමින් අවශ්‍ය වන බව චීන බලධාරීන් සදහන් කළා. පූර්ණ ධාරිතාව සහිතව නිෂ්පාදනය කළ ද චීනයේ කම්හල්වලට දිනෙක දී නිපද විය හැක්කේ මුහුණු ආවරණ […]


Feb
3

එජාපය ප්‍රමුඛ සන්ධානයේ මහ ලේකම් තනතුරට රංජිත් මද්දුම බණ්ඩාර නම්කරයි

Generic placeholder image

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් එක්සත් ජාතික පක්ෂයේ නව සන්ධානයේ මහ ලේකම් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර නම්කර තිබෙනවා.


Feb
3

සුරා සැල් හා මස් මාංශ අලෙවිසැල් හෙට වැසෙයි

Generic placeholder image

72 වන ජාතික දිනය සැමරුම වෙනුවෙන් හෙට (04) දිවයිනේ සියලුම මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන, මස් මාංශ අලෙවිසැල්, සුරා සැල් සහ බලපත්‍ර ඇති අනෙකුත් සියලුම මත්පැන් අලෙවි මධ්‍යස්ථාන වසා දැමීමට දැනුම් දී තිබෙනවා. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇති අතර 72 […]


News Articles
Latest Videos
Most Popular Post