News Line| Off Air
Generic placeholder image

Jan
30

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ව්‍යවස්ථාව සම්මත වෙයි

Generic placeholder image

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ව්‍යවස්ථාව සම්මත වී තිබෙනවා. සම නායකයන් දෙදෙනෙක්, සභාපති, මහලේකම් සහ භාණ්ඩාගාරික තනතුරු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබාදීමට තීරණය වී ඇති බව සදහන්.


Jan
30

වූහාන් නගරයේ සිටින ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමට නගරයට ගුවන් යානයක් ගොඩබෑමට චීනය සූදානමින්

Generic placeholder image

චීනයේ වූහාන් නගරයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ගෙන්වා ගැනීම සඳහා එම නගරයට ගුවන් යානයක් ගොඩබෑමට චීන රජය යුහුසුළුවෙමින් සිටින බව විදේශ සබඳතා අමාත්‍යාංශය පවසනවා. හුබේ විදෙස් අමාත්‍යංශ කාර්යාලය සහ වුහාන් නගර බලධාරීන්ගෙන් ශ්‍රී ලාංකිකයින්ගේ තත්ත්වය පිළිබඳව නිරන්තරයෙන් විමසා බලන බව අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් විදේශ අමාත්‍යාංශ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා […]


Jan
30

කොබේ බ්‍රයන්ට්ගේ සහ දියණියගේ මරණයෙන් පසු පළමු වතාවට ඔහුගේ බිරිද පළකළ පණිවිඩය

Generic placeholder image

සුප‍්‍රසිද්ධ අමෙරිකානු ජාතික පැසිපන්දු කී‍්‍රඩක කොබේ බ‍්‍රයන්ට් සහ ඔහුගේ දියණිය වූ 13 හැවිරිදි ජියානා බ‍්‍රයන්ට් ඇතුළු පුද්ගලයින් 09 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්කරමින් කැලිෆෝනියාවේ කැලබාපස් හි සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් දින කිහිපයකට පසු කොබෙ බ‍්‍රයන්ට් ගේ බිරිද Instagram හි පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. අදාල පණිවිඩය මගින් මෙම වේදනාකාරී අවස්ථාවේ තමාට සහ තම දියණියන්ට ශක්තිය සැපයූ රසිකයින්ට […]


Jan
30

සංචාරකයින් 7000ක් රැගත් මගී නෞකාවකට කොරෝනා ඇතුල්වී ඇති බවට සැකයක්

Generic placeholder image

විශාලත්වයෙන් ලොව පස් වෙනි ස්ථානයේ පසුවන සුඛෝපභෝගී මගී නෞකාවට කොරෝනා වෛරසය ඇතුල්වී ඇති බවට සැක පළවී තිබෙනවා. මේ හේතුවෙන් එහි සිටින මගින් 7000ක් දැඩි අවධානමකට ලක්ව ඇති බව වාර්තා වුණා. ඉතාලී සමාගමකට අයත් සුඛෝපභෝගී මගී නෞකාවේ සිටින චීන ජාතික යුවලක් කොරෝනා වෛරස් රෝගයට ගොදුරුව ඇති බවට සැක මතුවී ඇති අතර දැඩි උණ රෝගයෙන් පෙලෙන මෙම […]


Jan
30

කොරෝනා වෛරසය ගුවන්තොටුපල හරහා දිවයිනට පැමිණීම සම්පූර්ණයෙන් පාලනය කරයි

Generic placeholder image

කොරෝනා වෛරසය කටුනායක ගුවන්තොටුපල හරහා දිවයිනට පැමිණීම සම්පූර්ණයෙන් පාලනය කර ඇති බව ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කළා. පසුගිය 26 වනදා සිට මගීන් 4028 දෙනෙකු දිවයිනට පැමිණ ඇති අතර ඉන් 1936 දෙනෙකු චීන ජාතිකයින් බව අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියා. ඔවුන්ට වෙනම පිටවීමේ ප්‍රදේශයක් […]


Jan
30

පාසල් නිල ඇඳුම් හා පාවහන් තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කරයි

Generic placeholder image

පාසල් නිල ඇඳුම් හා පාවහන් තිළිණපත්වල වලංගු කාලය පෙබරවාරි මස 28 දක්වා දීර්ඝ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. පාසල් නිල ඇඳුම් හා පාවහන් තිළිණ පත්වල වලංගු කාලය 2020 ජනවාරි මස 31 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබූ අතර එම කාලය මෙලෙස පෙබරවාරි මස 28 දක්වා දීර්ඝ කළ බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළා.


Jan
30

වෝහාරික විගණන වාර්තාවේ ඇමුණුම් හා ප්‍රදර්ශක පාර්ලිමේන්තුවට

Generic placeholder image

භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ සිද්ධිය පිළිබඳව, විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ නිර්දේශයට අනුකූලව, මහබැංකුව විසින් සිදු කරන ලද වෝහාරික විගණනයේ මීට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තා 05 ට,අදාළ ඇමුණුම් හා ප්‍රදර්ශක මේ වන විට පාර්ලීමේන්තුවට ලැබී තිබෙනවා. මීට පෙර පාර්ලිමේන්තුවට ලබා දී තිබූ වෝහාරික විගණන වාර්තාවේ අදාළ ඇමුණුම් හා […]


Jan
30

හුබෙයි පලාතේ චීන සමාගම් සේවකයින්ට නැවත ශ්‍රී ලංකාවට පැමිණීමෙන් වළකින ලෙස දැනුම්දෙයි

Generic placeholder image

නැවත ශ්‍රී ලංකාවට පැමිණීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය හුබෙයි පලාතේ චීන සමාගම් සේවකයින්ට උපදෙස් ලබාදී තිබෙනවා. චීන අලූත් අවුරුදු උළෙලින් පසු චීන ජාතිකයින් පැමිණීම පිළිබඳව ශ්‍රී ලාංකික ජනතාවට බියවීමට හේතුවක් නැතැයි විශ්වාස කරන බව මාරාන්තික නව කොරෝනා වෛරසය පිළිබඳව කරුණු දක්වමින් තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. වූහාන් නගරය වෙත ඇතුළුවීම සහ […]


Jan
30

චීනයේ සිට අදත් සිසුන් රැගත් ගුවන් යානා තුනක් දිවයිනට

Generic placeholder image

නව කොරෝනා වසංගතය නිසා චීනයේ වූහාන් නගරයෙහි දැනට කොටු වී සිටින ශ්‍රී ලංකික සිසුන් පිරිසක් රැගත් යානා තුනකින් ශ්‍රී ලාංකික සිසුන් 110 ක් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණ බව වාර්තා වෙනවා. ඒ අනුව චීනයේ සිට ශ්‍රී ලාංකික සිසුන් 140ක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබූ අතර ඔවුන් සියලු දෙනා ඔවුන්ගේ නිවෙස් […]


Jan
30

ඉන්දියාවෙන් පළමු කොරෝනා ආසාදිතයා වාර්තා වෙයි

Generic placeholder image

ඉන්දියාවෙන් කොරෝනා වෛරසය ආසාදිත පළමු රෝගියා වාර්තා වී තිබෙනවා. ඔහු චීනයේ වූහාන් සිට කේරලයට පැමිණ ඇති සිසුවෙකු බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සදහන් කළා.


Jan
30

ගූගල් චීන කාර්යාලය වසා දැමීමට තීරණය කරයි

Generic placeholder image

චීනය තුල නව කොරෝනා වෛරසය පැතිර යෑම හමුවේ ගූගල් සමාගම සිය සේවකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගූගල් චීන කාර්යාලය වසා දැමීමට තීරණය කර තිබෙනවා. මිට අමතරව එම සමාගම විසින් හොංකොන් හා තායිවානයේ පිහිටි ගූගල් කාර්යාලද ද වසා දමා තිබෙන අතර නැවත දැනුම් දෙන තුරු සිය රාජකාරි සිය නිවෙස් වල සිට සිදු කිරීමට සිය සේවකයින්ට උපදෙස් දී තිබෙනවා.


Jan
30

නිදහස් උත්සවයේදී ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණයි

Generic placeholder image

මෙවර කොළඹ නිදහස් චතුරස්‍රයේ පැවැත්වෙන ජාතික නිදහස් උත්සවයේදී ජාතික ගීය ගායනා කරන්නේ සිංහල භාෂාවෙන් පමණක් බව රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසුවා. ඒ මහතා මේ බව සදහන් කලේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින්. ප්‍රාදේශීයව පැවැත්වෙන උත්සව වලදී ජාතික ගීය දමිළ භාෂාවෙන් ගායනා කළ හැකි බවත් එතුමා වැඩි දුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post