News Line| Off Air
Generic placeholder image

Jan
28

නීතිපතිවරයා හා කතානායක අතර හමුවක් අද

Generic placeholder image

නීතිපති දප්පුල ද ලිවේරා මහතා, කතානායක කරූ ජයසුරිය මහතා හමුවීමට නියමිතව තිබෙනවා. ඒ කතානායක කාර්යාලය කළ දැනුම් දීමකට අනුවයි. නිතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, එම හමුව සිදුවන දිනය පිළිබඳ හෝ වේලාව සඳහන් කළ නොහැකි බවයි. මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නිකුත් කර ඇති නියෝගය පිළිබඳ නීතිපතිවරයා එහිදී කතානායකවරයා හමුවේ කරුණු දැක්වීමට […]


Jan
28

ගුවන් මගීන්ට හැර ඔවුන්ගේ සමිපතයින්ට ගුවන් තොටුපොළට ඇතුළුවීම අත් හිටුවයි

Generic placeholder image

පවතින තත්වය හේතු කොටගෙන අද පෙරවරු 06 සිට ක්‍රියාත්මක වන පරිදි ගුවන් මගීන්ට හැර ඔවුන්ගේ සමිපතයින්ට ගුවන් තොටුපළ පර්යන්ත වෙත ඇතුළුවීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ඒ කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බවයි ගුවන් තොටුපොල ආරංචි මාර්ග සදහන් කරන්නේ.


Jan
28

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය නම් කිරීම මේ සතියේ

Generic placeholder image

මෙම සතිය තුළ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය පත් කෙරෙනු ඇති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසනවා. කෘත්‍යාධිකාරී මණ්ඩලය පත් කිරීමෙන් අනතුරුව පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබදව තීන්දු තීරණ ගනු ඇති බව මන්ත්‍රීවරයා සදහන් කළා.


Jan
28

මාරාන්තික කොරෝනා වෛරසයෙන් මිය ගිය ගණන තව දුරටත් ඉහළට

Generic placeholder image

මාරාන්තික නව කොරෝනා වෛරසය ආසාදනයෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 106ක් දක්වා ඉහළ ගොස් ඇතැයි චීන වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය රැසක් වාර්තා කර තිබෙනවා. මේ අතර ජර්මනිය හා කාම්බෝජයෙන්ද වෛරස ආසාදිතයන් හමුව ඇති බවත් මාරාන්තික නව කොරෝනා වෛරසය අද වනවිට ඉතාමත් සීඝ්‍රයෙන් ලෝකය පුරා ව්‍යාප්ත වෙමින් පවතිනවා. නවතම වාර්තා පෙන්වා දෙන්නේ දැනට හදුනාගෙන ඇති නව කොරෝනා […]


Jan
28

චීනයේ සිටි ලාංකික සිසුන් 204ක් දිවයින බලා පිටත් වෙයි

Generic placeholder image

මේ වනවිට චීනයේ රැදි සිටින ශ්‍රී ලාංකික සිසුන් 204 දෙනෙකු චීනයෙන් පිටත් කර හැර ඇති බව චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා. එහි වැඩබලන තානාපති කේ.කේ.යෝගනාදන් මහතා සදහන් කළේ අද(28) සහ හෙට(29) යන දිනවල දී තවත් පිරිසක් ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කරන බවයි. මේ අතර චීනයේ සිටි ශ්‍රී ලාංකික සිසුන් පනස් දෙනෙකු පමණ ඊයේ දිනයේ […]


Jan
28

මාරාන්තික කොරෝනා වෛරසයේ ප්‍රභවය පරීක්ෂකයින් විසින් තහවුරු කරයි

Generic placeholder image

චීනයෙන් වාර්තා වූ නව කොරෝනා වෛරසය ආරම්භය පිලිබදව පරික්ෂකවරු මේ වන විට තොරතුරු අනාවරණය කර තිබෙනවා. ඒ අනුව පරීක්ෂකවරුන පෙන්වා දෙන්නේ චීනයේ වුහාන් ප‍්‍රදේශයේ පිහිටි වන සතුන් අලෙවි කරන වෙලදසැලකින් නව කොරෝනා වෛරසය ආරම්භ වී ඇති බවයි තහවුර කර තිබෙන අතර එහි වන සතුන් සහ ඔවුන්ගේ මාංශ තොග ක‍්‍රමයට අලෙවි කරන ස්ථානයක්. වන සතුන් වර්ග […]


Jan
28

චීන ජාතිකයින්ට වීසා නිකුත් කිරීම තාවකාලිකව නවතයි

Generic placeholder image

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් වීසා ලබාදීම චීන ජාතිකයින්ට නතර කිරීමට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාවන්නි ආරච්චි මහත්මිය සදහන් කරනවා. මෙම තීරණය නැවත දැනුම්දෙන තුරු වලංගු බවයි වාර්තා වන්නේ.


Jan
28

අදත් වැසි රහිත කාලගුණයක්

Generic placeholder image

අදත් දිවයින පුරා බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. එමෙන්ම දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල හමා එන සුළගේ වේගය පැ.කි.මී. 30-40 දක්වා වැඩි විය හැකි බව එම දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් සදහන් කරනවා.


Jan
27

Update – මෙරටින් හමු වූ කොරෝනා රෝගියා ආ ගිය තැන් පිලිබද සෞඛ්‍ය අංශ අවධානයෙන්

Generic placeholder image

චීනයේ හුබෙයි ප‍්‍රාන්තයේ සිට ශී‍්‍ර ලංකාවට පැමිණි උණ රෝගයෙන් පෙළුනු චීන ජාතික කාන්තාවක් අයි ඩී එච් රෝහලට ඇතුළත් කර තිබෙනවා. එහිදී සිදුකළ පරීක්‍ෂණයේදී ඇයට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට හෙළිවී තිබෙනවා. වයස අවුරුදු 43 ක් වන මෙම කාන්තාව දින කිහිපයකට පෙර මෙරටට පැමිණ ඇති බවත් ඇය සංචාරය කළ ප‍්‍රදේශ සහ ඇය සමග සිටි පුද්ගලයින් […]


Jan
27

ශී‍්‍ර ලංකාවෙන් පළමු කොරෝනා රෝගියා වාර්තා වෙයි

Generic placeholder image

චීනයේ හුබෙයි ප‍්‍රාන්තයේ සිට ශී‍්‍ර ලංකාවට පැමිණි උණ රෝගයෙන් පෙළුනු චීන ජාතික කාන්තාවක් අයි.ඩී.එච් රෝහලට ඇතුළත් කර තිබෙනවා. එහිදී සිදුකළ පරීක්‍ෂණයේදී ඇයට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට හෙළිවී තිබෙනවා.


Jan
27

තවත් වෛරසයකින් 29 දෙනෙක් මරුට

Generic placeholder image

එබෝලා වෛරසයට සමාන ලස්සා නැමති වෛරස් ප්‍රභේදය හේතුවෙන් රක්තපාත උණට ගොදුරු වූ නයිජීරියානුවන් 29 දෙනෙකු මේ මාසය තුළ ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් වාර්තා පවසනවා. නයිජීරියාවේ ප්‍රාන්ත 11 කින් ආසාදිතයන් 195 දෙනෙකු සොයා ගත් බව එරට වසංගත රෝග පාලන ආයතනය සඳහන් කළා. මේ නිසා මෙම වෛරස් රෝගය පැතිරීම වැළැක්වීමට නයිජීරියානු රජය විසින් පියවර රැසක් ගෙන […]


Jan
27

ශී‍්‍ර ලංකා සිම්බාබ්වේ දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ අලුත්ම තත්ත්වය

Generic placeholder image

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය වනවිට පැවැත්වෙනවා. කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 50 ක් අවසානයේ කඩුළු 04 ක් දැවී ලකුණු 190 ක් ලබාගෙන තිබෙනවා. තරගය පැවැත්වෙන්නේ හරාරේ හි දියි.


News Articles
Latest Videos
Most Popular Post