News Line| Off Air
Generic placeholder image

Jan
27

රියදුරු බලපත්‍රයට දින වෙන් කර ගැනීමට අද සිට නව ක්‍රමවේදයක්

Generic placeholder image

අද සිට රියදුරු බලපත්‍රය සඳහා වන වෛද්‍ය පරීක්ෂණ පිළිබඳව දිනය හා වේලාව, ඔන්ලයින් ක්‍රමයට වෙන් කර ගැනීමේ අවස්ථාව හිමිවන බව මගී ප්‍රවාහන කළමණාකරණ අමාත්‍යංශය පවසනවා. ඒ අනුව අද සිට නව ක්‍රමවේදය ක්‍රියාත්මක කෙරෙන අතර ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබා දීම අරමුණු කර ගනිමින් මෙම සේවාව ක්‍රියාත්මක කරන බවයි වාර්තා වන්නේ. පෙර පැවති ක්‍රමයට […]


Jan
27

කොරෝනා වෛරසයෙන් චීනයේ මියගිය ගණන 80ක් දක්වා ඉහළට

Generic placeholder image

කොරෝනා වෛරසයෙන් චීනයේ මියගිය සංඛ්‍යාව 80 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර චීනයේ වෛරසය පවතින නගරවලට පනවා ඇති සංචාරක තහනම තවදුරටත් දීර්ඝ කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළා. චීනයේ වූහාන් නගරයෙන් පළමු වරට සොයාගත් නව කොරෝනා වෛරසය මේ වන විට එරට නගර රැසක් ආක්‍රමණය කර ඇති අතර ලොව රටවල් රැසකට ද ව්‍යාප්ත වී තිබෙනවා. […]


Jan
27

නානුඔය ගින්නකින් වෙළඳසැල් 2ක් විනාශ වෙයි

Generic placeholder image

නානුඔය – ෆාමස්ටන් ප්‍රදේශයේ දැව වෙළඳ සැලක ඇති වු ගින්නකින් එම දැව වෙළඳ සැල හා එහි බිම්මහලේ වු ඔවුන්ගේ නිවස, ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි සැලක් හා ලොරි රථයක් ගිනිගෙන විනාශ වු බව ලිඳුල පොලීසිය පවසනවා. ඊයේ (26) රාත්‍රී 10.00 පමණ දැව වෙළඳ සැල තුළින් මතුවු ගින්න ඔවුන්ගේ නිවස පිහිටි බිම් මහලටත්, ගොඩනැඟිලි ද්‍රව්‍ය වෙළඳ සැලට හා […]


Jan
27

ඇමෙරිකා ජාතික පැසි පන්දු ක්‍රීඩකයෙක් ගුවන් අනතුරකින් මරුට

Generic placeholder image

ඇමෙරිකාවේ ජාතික පැසි පන්දු ක්‍රීඩකයෙක් වන කොබේ බ්‍රයන්ට් හෙලිකොප්ටර් යානා අනතුරකින් ජිවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. බ්‍රයන්ට්ගේ දියණිය සහභාගී වීමට තිබු බාස්කට් බෝල් තරගයකට සහභාගී වීමට යන අතරතුර මෙම ගුවන් අනතුරට ලක්ව තිබෙනවා. මියයන විට ඔහු 41 වන වියෙහි පසුවූවා.


Jan
27

අමෙරිකාවේ කොරෝනා අසාදිතයින් ප්‍රමාණය 5ක් දක්වා ඉහළට

Generic placeholder image

චීනයෙන් වාර්තා වූ නව කොරෝනා වෛරසය මේ වන විට ලෝකයේ බොහෝ රටවලට ව්‍යප්ත වී තිබෙනවා. ප්‍රංශය , ජපානය , මලයාසියාව , නේපාලය , සිංගප්පූරුව , දකුණු කොරියාව ,තායිවානය,තායිලන්තය , අමෙරිකාව ,වියට්නාමය , කැනඩාව යන රටවල් ඒ අතර ඇති අතර මේ වන විට එම වෛරසය ආසාදනය වීමෙන් 56 දෙනෙකු මියගොස් තිබෙනවා. මේ වන විට අමෙරිකාවෙන් මෙම […]


Jan
27

එජාපය නව ලකුණකින් ඉදිරි මහ මැතිවරණයට?

Generic placeholder image

ඊයේ එක්සත් ජාතික පෙරමුණේ පළාත් පාලන නියෝජිතයින් හා පැවැති හමුවක් විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී පැවැත්වුණා. එම හමුවෙන් අනතුරුව විපක්ෂනායකවරයා ඉදිරි මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය නව ළකුණකින් සන්ධානගත වී තරග වදින බව ප්‍රකාශ කල බව ඒ පිලිබදව අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා සදහන් කළා.


Jan
27

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශය යටතට

Generic placeholder image

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා යටතට පත්කර තිබෙනවා.


Jan
27

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

Generic placeholder image

පාදුක්කේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක් කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේදී කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් කැලණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගෙන ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළා. ඒ අනුව මේ හේතුවෙන් කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රියන්හි ප්‍රමාදයක් හටගෙන ඇති බවත් එය කඩිනමින් යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරගෙන යන බව දුම්රිය පාලක මැදිරිය […]


Jan
27

කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට පත්කළ ජාතික ක්‍රියාකාරී කමිටුව අද රැස්වෙයි

Generic placeholder image

ජනාධිපතිවරයාගේ උපදෙස් මත කොරෝනා වෛරසය පැතිරීම වැලැක්වීම සඳහා පත් කල ජාතික ක්‍රියාකාරී කමිටුව අද රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අද පස්වරු 05.00ට සෞඛ්‍ය අමාත්‍යාංශයේ දීය. කොරෝනා වෛරසය පිළිබඳව ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සහ ක්‍රියාත්මක කළ යුතු ආරක්ෂක වැඩපිළිවෙල පිලිබඳව ද එහිදී සාකච්ඡාකිරීමට නියමිත අතර සාමාජිකයින් 22 දෙනෙකුගෙන් මේ කමිටුව සමන්විතයි.


Jan
27

අදත් වැසි රහිත කාලගුණයක්

Generic placeholder image

දිවයින පුරා අද දිනයේත් බොහෝ ප්‍රදේශ වලට වැසි රහිත කාලගුණ තත්වයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.


Jan
26

මෙරටින් කිසිදු කොරෝනා රෝගියෙකු වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අංශ තහවුරු කරයි

Generic placeholder image

අසාදිතයැයි සැක කල පුද්ගලයින් 4 දෙනාගේ රුධිර සාම්පල පරීක්ෂාවේදී ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය තහවුරු කරනවා. එමෙන්ම එම රුධිර වාර්තා වල කිසිඳු බරපතල ගණයේ වෛරස් රෝගයක් ආසාධිත වී නොමැති බව සදහන් වෙනවා. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ කරන බව එම ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා වැඩි දුරටත් […]


Jan
26

උණ -සෙම්ප‍්‍රතිෂ්‍යාව-කැස්ස ඇතුළු රෝග ලක්ෂණ ඇත්නම් වහාම ප්‍රතිකාර ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අංශ දැනුම්දෙයි

Generic placeholder image

චීනයෙන් වාර්තා වූ නව කොරෝනා වෛරස චීනයේ පැතිර යමින් පවතින අතර මේ වන විට දකුණු ආසියානු රටවල් කිහිපයකටද එම වෛරසය සීග‍්‍රයෙන් ව්‍යාප්ත වි තිබෙනවා. මේ හේතුවෙන් ලංකික ජනතාවද මේ පිලිබදව සැලකිලිමත්ව පසු වන්නැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා. ඒ අනුව උණ, කැස්ස, සෙම්ප‍්‍රතිෂ්‍යාව, හුස්ම ගැනිමේ අපහසුතාව, දියර ලෙස මලපහ පිටවීම, හිසරදය, උගුරේ වේදනාව සහ ඇඟපත වේදනාව […]


News Articles
Latest Videos
Most Popular Post