පවතින මගී තදබදය අවම කිරිමේ අරමුණෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පුළුල් කිරිමේ ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙන බව විෂයභාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරනවා. ඒ අනුව මේ සදහා ගුවන් තොටුපළ සමාගම වැය කරන මුදල රුපියල් මිලියන 600 ක් වන අතර ලබන මාර්තු 20 වන දින විට මෙම සංවර්ධන කටයුතු අවසන් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය සැලසුම් […]
ජාතික නිදහස් දින සමරු උළෙලේ පෙරහුරු හේතුවෙන් අද සිට කොළඹ නිදහස් චතුරස්‍රය ආශ්‍රිත ප්‍රදේශයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා. ඒ අනුව අද දිනයේත් ලබන 31, පෙබරවාරි 02, 03 දිනයන්හි උදෑසන 6.00 සිට පස්වරු 1.00 දක්වා එම රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක බව පොලීසිය වැඩි දුරටත් සදහන් කරනවා.
මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනීම හෙට ආරම්භ කරන බව වී අලෙවි මණ්ඩලය පවසනවා. ඒ අනුව වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් මහ භාණ්ඩාගරයෙන් මුදා හැරෙන බව වී අලෙවි මණ්ඩලයේ සභාපති ආචාර්ය ජටාල් මාන්නප්පෙරුම මහතා වැඩි දුරටත් සදහන් කළා.
විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා එක්සත් ජාතික පෙරමුණේ පළාත් පාලන මන්තී‍්‍රවරුන්ට විශේෂ කැදවීමක් කර තිබෙනවා. ඒ, පස්වරු 02.00 ට කොළඹ පිහිටි ශී‍්‍ර ලංකා ප‍්‍රදර්ශන හා සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වෙන විශේෂ හමුව සදහායි.
නව කොරෝනා වෛරස හේතුවෙන් මේ වන විට චීනය බරපතල තත්වයකට මුහුන පා ඇති බව චින ජනාධිපති ෂී ජින්පින් පවසන බව විදෙස් වාර්තා උපුටා දක්වනවා. මේ වන විට චිනයේ මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 56 ක් දක්වා ඉහල ගොස් තිබෙන අතර අසාදිත පුද්ගලයින් ගණන 1,900කට අධික බව පැවසෙනවා. එමෙන්ම පවතින තත්ත්වයත් සමග මේ වනවිට චිනයේ නගර 18 […]
අද දිවයින පුරා බොහෝ ප්‍රදේශවල වැසි රහිත කාලගුණ තත්වයක් පැවතිය හැකි බව එම දෙපාර්තමේන්තුව සදහන් කරනවා.
කොරෝනා වෛරසය හෙතුවෙන් චීනයේ වුහාන් හි අවදානමකට ලක්ව සිටින සියලු ශ්‍රී ලාංකික සිසුන් වහාම දිවයින ගෙන්වා ගැනීමට පියවර ගන්නා ලෙසට ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතා අදාල අංශ වෙත උපදෙස් දී තිබෙනවා.
කොරෝනා වෛරසය වැළඳී ඇති බවට සැකපිට කොළඹ අයි ඩී එච් රෝහලට කාන්තාවන් දෙදෙනකු ඇතුළත් කර ඇති බවට වාර්තා වෙනවා.කෙසේ වෙතත් එම කාන්තාවන් දෙදෙනාට එම රෝගය වැළඳී ඇති බවට මෙතෙක් තහවුරු වී නොමැති බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. අයි ඩී එච් රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අසිත අත්තනායක මහතා සඳහන් කළේ චීනයේ වූහාන් පළාතේ වෛද්‍ය විද්‍යාලයක අධ්‍යාපනය ලබා මෙරටට […]
ඩොලර් බිලියනයක ආයෝජයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ඉදිරි මාස දෙක ඇතුළත ගිවිසුම් අත්සන් කරන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. මහනුවර පැවැති සංවර්ධන වැඩසටහනකින් අනතුරුව මාධ්‍යයට අදහස් පළකරමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් මේ වන විට සියලු කටයුතු කර ඇති බවත් තනි ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීමේ වටපිටාවක් […]
හැටන්, ගිනිගත්හේන සහ අඹගමුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට (26) පැය 24 ක ජල කප්පාදුවක් සිදු කෙරෙනවා. හෙට පෙරවරු 09 සිට පසුදා පෙරවරු 09 දක්වා මෙම ජල කප්පාදුවක් සිදුකෙරෙනු ඇති. මෙහිදී හැටන් පාර, රංජුරාව, බදුපොල, ගල්පොත්ත යාය සහ දෙල්හේන යන ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවනවා. අලුතින් එළන ලද ජලනල පද්ධතිය දැනට තිබෙන බෙදාහැරීමේ නළ පද්ධතියට සම්බන්ධ […]
සාරා අලී ඛාන් වර්තමානයේ බොලිවුඩයේ සිටින දක්ෂතම යොවුන් සිනමා නිළියක් වනවා. මේ වනවිට ඇයට සුපිරි දකුණු ඉන්දීය සිනමා නළු ධනුෂ් සමඟින් චිත්‍රපටයක රඟපෑමට ආරාධනා ලැබී තිබෙනවා. අක්ෂේ කුමාර් නිෂ්පාදනයෙන් ආනන්ද එල් රායි අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වීමට නියමිත මෙම චිත්‍රපටය ධනුෂ් හා සාරා ප්‍රධාන චරිත වලින් හැඩ ගැන්වෙන බවට වාර්තා වනවා. මෙම චිත්‍රපටය සඳහා ඉන්දීය රුපියල් කෝටි […]
චීනයෙන් ව්‍යාප්ත වීම ආරම්භ වූ කොරෝනා වෛරස කාණ්ඩයට අයත් නව වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු පළමු වරට දකුණු ආසියාවෙන්ද සොයාගෙන තිබෙනවා. නේපාලය පැවසුවේ චීනයේ සංචාරයක නිරත වී දින කිහිපයකට පෙර පැමිණි 32 හැවිරිදි තරුණයෙකුට වෛරසය වැලදි ඇති බව තහවුරු කර ගත් බවයි. මේ අතර නව වෛරසය ආසාදනය වූ බවට සැකකරෙන පුද්ගලයෙකු පළමුවරට ඔස්ට්‍රේලියාවෙන්ද සොයාගෙන තිබෙනවා. මෙල්බර්න් […]