News Line| Off Air
Generic placeholder image

Jan
25

ඇන්ජලෝ මැතිව්ස් ICC ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත ලැයිස්තුවේ ඉදිරියට

Generic placeholder image

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් සිය නවතම ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් නිවේදනය කර තිබෙනවා. ඒ අතරින් ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජෙලෝ මැතිව්ස් ශ්‍රේණිගත කිරීම්හි සුපිරි 20 දෙනා අතරට පැමිණ තිබීම විශේෂත්වයක්. ඒ අනුව ඇන්ජෙලෝ මැතිව්ස් එහි 16 වන ස්ථානය දක්වා ස්ථාන 8 ක් ඉදිරියට පැමිණ තිබෙනවා. ඇන්ජලෝ මැතිව්ස් මීට පෙර 2014 වසරේ දී කි‍්‍රකට් […]


Jan
25

තුර්කියේ ප්‍රබල භුකම්පනයකින් පුද්ගලයින් 14 ක් ජීවිතක්ෂයට

Generic placeholder image

නැගෙනහිර තුර්කියට බලපෑ ප්‍රබල භුකම්පනයක් හේතුවෙන් පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. භූකම්පනය හේතුවෙන් තවත් පුද්ගලයින් සියයකට අධික පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සදහන් කළා. රික්ටර් මාපකයේ 6.8ක් ලෙස භු කම්පනය සටහන්ව ඇති බව සඳහන්. අසල්වැසි සිරියාව, ලෙබනනය සහ ඉරානය යන රටවලට ද කම්පන තත්ත්වයක් සිදුව ඇති බව වාර්තා වනවා. භුකම්පනයෙන් පසු කම්පන […]


Jan
25

මරදාන දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් පීලිපැනීමක්

Generic placeholder image

මරදාන දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රියක් පීලිපැනීමකට ලක්ව තිබෙනවා. කොළඹ කොටුවේ සිට මීරිගම දක්වා ධාවනය වන දුම්රිය මෙලෙස පීලි පැනීමකට ලක්ව ඇති බව දුම්රිය ගමනාගමන අධිකාරී ගාමිණී සෙනෙවිරත්න මහතා සඳහන් කළා. මේ හේතුවෙන් සියලුම දුම්රියන් ප්‍රමාද වන බවද ඒ මහතා පැවසුවා. දුම්රිය පීලිගත කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා.


Jan
25

වැසි ජලය නැවත පොළව අභ්‍යන්තරයේ තැන්පත් කිරීමට වැඩපිළිවෙළක්

Generic placeholder image

වැසි ජලය කෘත්‍රීමව නැවත පොළව අභ්‍යන්තරයේ තැන්පත් කිරීමේ නව ක්‍රමවේදයක් හදුන්වා දීමට වයඹ පලාත් භූගත ජල ඒකකය කටයුතු කර තිබෙනවා. පොළව අභ්‍යන්තරයේ පවතින ජල හිගතාවය හේතුවෙන් මෙම වැඩසටහන හදුන්වා දුන් බව එහි කළමණාකාර ජ්‍යෙෂ්ඨ භූ විදයාඥ උපුල් ඒකානයක මහතා දඹුල්ලේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියා. කුරුණෑගල වාරියපොල ප්‍රදේශයේ පිහිටි ජාතික ජල සම්පාදන හා ජලපවාහන […]


Jan
25

ප්‍රදේශ රැසකට අද පස්වරුවේ තද වැසි

Generic placeholder image

සබරගමුව පළාත හා ගාල්ල/කලුතර දිස්ත්‍රික්කවල අද පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා. එමෙන්ම නැගෙනහිර සහ ඌව පළාත්වල පැවති වැසි තත්ත්වයේ අඩුවීමක් බලාපොරොත්තු වන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ සදහන්. ගිගුරුම් සහිත වැසි හටගන්නා අවස්ථාවලදී අකුණු අනතුරු අවම කරගන්නා ලෙස කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් […]


Jan
25

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් දීමට පොලිස්පති පූජිත් ජනාධිපති කොමිෂන් සභාවට

Generic placeholder image

පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ජනාධිපති කොමිෂන් සභාවට පැමිණ තිබෙනවා.


Jan
24

කොරෝනා වෛරසය අසල්වැසි ඉන්දියාවටත් පැමිණෙයි

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසය බවට සැක කෙරෙන රෝගීන් දෙදෙනෙකු ඉන්දියාවේ මුම්බායි නගරයෙන් වාර්තා වී තිබෙනවා.චීනයේ සිට පැමිණ ඇති මොවුන් සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස යන රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති බවයි විදෙස් පුවත් සේවා වාර්තා කර ඇත්තේ. ඒ අනුව, ඔවුන් දෙදෙනා මුම්බායි නුවර – කස්ටුබා රෝහලේ වෛද්‍ය අධීක්ෂණය යටතේ වෙන් කර තැබීමට පියවර ගෙන තිබෙනවා. කෙරෝනා වෛරසය බිහි […]


Jan
24

යසන්ත කෝදාගොඩ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්තා සභාවේ අනුමැතිය

Generic placeholder image

අභියාචනාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්තා සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජජපක්ෂ මහතා විසින් යසන්ත කෝදාගොඩ මහතාගේ නම යෝජනා කර තිබූ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ අවස්ථාවේදී ඊට අනුමැතිය ලබා දුන් බව සදහන්.


Jan
24

මාරාන්තික කොරෝනා වෛරසය ගැන ශ්‍රී ලංකන් ගුවන් සේවය දැඩි අවධානයෙන්

Generic placeholder image

ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් මාරාන්තික කොරෝනා වෛරසය මඟින් ඇති වන අවදානම අවම කිරීම සඳහා පූර්වාරක්ෂක පියවර මාලාවක් ක්‍රියාත්මක කර තිබෙනවා. ගුවන් ගමන් අතරතුරදී මෙවන් තත්ත්වයක් වාර්තා වුවහොත් ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳ ගුවන් කාර්ය මණ්ඩලය දැනුවත් කර ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පෙන්වා දෙනවා. මේ අතර චීනයෙන් හදුනාගත් මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් අනුගමනය කළ […]


Jan
24

ආදරවන්තයන්ගේ දිනයට බොලිවුඩයෙන් තෑග්ගක් (Video)

Generic placeholder image

පෙබරවාරි 14 ආදරවන්තයන්ගේ දිනය නිමිත්තෙන් තිරගත වීමට නියමිත ‘ලව් ආජ් කල් 2’ චිත්‍රපටයේ ප්‍රචාරකපටය පසුගියදා එළිදැක්වුණා. මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ ඉන්දීය නළු කර්තික් ආර්යන් (Kartik Aaryan) සහ සාරා අලි ඛාන් (Sara Ali Khan) යන දෙදෙනා බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. 2009 තිරගත වුණු මුල් චිත්‍රපටයේ ඉන්දීය බොලිවුඩ් නළු සයිෆ් අලි ඛාන් සහ දීපිකා පදුකෝන් […]


Jan
24

මග නතර වෙන ඉන්දියාවෙන් ගෙන් වූ දුම්රිය එන්ජින්

Generic placeholder image

ඉන්දියාවෙන් ගෙන්වන ලද දුම්රිය එන්ජින් පිළිබඳ සොයා බැලීම සදහා ඉන්දිය දුම්රිය එන්ජින් පරීක්ෂක කණ්ඩායමක් මෙරටට පැමිණ තිබෙන බව වාර්තා වෙනවා. ඒ ඒම දුම්රිය එන්ජින් පිළිබඳ පවතින දෝෂ නිසාවෙන්ය. මේ පිලිබදව අදහස් දක්වමින් දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය සදහන් කරන්නේ එම දුම්රිය එන්ජින් කට්ටල මෙරට දුම්රිය මාර්ගවල ධාවනයට යෝග්‍ය නොවන බවයි. මේ වන විට එරටින් ආනයනය කරන […]


Jan
24

විරෝධතාවයක් නිසා ඒ-9 මාර්ගයේ ගමනා ගමනයට බාධා

Generic placeholder image

වව්නියාව දකුණ කලාප කාර්යාලය ඉදිරිපස යාපනය-නුවර ඒ-9 මාර්ගයේ විරෝධතාවයක් පැවැත්වෙන බව වාර්තා වෙනවා. වව්නියාව මඩුකන්ද ජාතික පාසලට ගුරුවරුන් ඉල්ලා එහි ඉගෙනුම ලබන සිසුන්ගේ දෙමාපියන් විසින් මෙම විරෝධතාවය ආරම්භ කර ඇති අතර අද උදෑසන 9.00 ට පමණ ආරම්භ වු මෙම විරෝධතාවය හේතුවෙන් මේ වන විට ඒ-9 ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු පැය භාගයක පමණ කාලයක් අවහිර […]


News Articles
Latest Videos
Most Popular Post