19 න් පහළ ලෝක කුසලාන තරගාවලිය දකුණු අපි‍්‍රකාවේදී අද ආරම්භ වුණා. ඒ යටතේ දකුණු අපි‍්‍රකානු 19 න් පහල කණ්ඩායමේ මුල්ම තරගය මේ වන විට පැවැත්වෙනවා. මේ වන විට දකුණු අපි‍්‍රකානු 19 න් පහල කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 111 ලබාගෙන තිබෙනවා. ශී‍්‍ර ලංකාව සහභාගි වන පළමු තරගය 19 වන දින පැවැත්වීමට නියමිතයි.
සබරගමුව හා බස්නාහිර පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක හෙට (18) පස්වරු 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. එමෙන්ම ඌව හා නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව අද මධ්‍යාහ්න නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.
ඩ්‍රෝන යානා ගුවන් ගත කිරීමට තිබූ තහනම ඉවත් කළ බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සදහන් කළා. සිවිල් ගුවන් සේවා රෙගුලාසිවලට යටත්ව මෙලෙස ඩ්‍රෝන යානා ගුවන් ගත කිරීමට තිබූ තහනම ඉවත් කළ බව එහි අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.සී. නිමල්සිරි පැවසුවා.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කිරීමට ජනාධිපතිතුමා තීරණය කර තිබෙනවා. ජනාධිපතිතුමා ඒ පිළිබඳ සිය නිර්දේශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත යොමු කළ බව සඳහන් වෙන අතර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතීඥ ප්‍රසන්න ජයවර්ධන මහතාගේ අභාවයෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයක් පුරප්පාඩු වී තිබෙනවා.
ඉකුත්දා හදිස්සියේ ගොඩ බැස් වූ ලයන් එයාර් ගුවන් යානයේ සිටි ගුවන් මගින් තිදෙනෙකුට හදිස්සියේ අසනීප වීම හේතුවෙන් කටුනායක ගුවන් තොටුපළට හදිසි ගොඩබෑමක් සිදුකරනු ලැබුවා. නමුත් ඒ වන විට රෝගී වූ ගුවන් මගින් දෙදෙනෙකු ඒ වන විටත් ජිවිතක්ෂයට පත්ව සිටි අතර එහි සිටි අනෙක් මගියා වැඩි දුර ප්‍රතිකාර සදහා ගොතටුව පිහිටි ජාතික බෝවන රෝග විද්‍යාතනයට ඇතුලත් […]
ලොව විශාලතම නිවුන් පුද්ගල හමුවක් පවත්වා ගිනස් වාර්තාවක් තැබීමට ශ්‍රි ලංකා නිවුන් සංගමය සැලසුම් කර තිබෙනවා. කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගනයේදී ලබන සඳුදා එම හමුව පැවැත්වීමට නියමිතයි. ඊට සහභාගීවීමට කැමති ඕනෑම වයසක නිවුන් පුද්ගලයන් ප්‍රාදේශිය ලේකම් විසින් සහතික කළ තම උප්පැන්න සහතිකයේ පිටපතක් සහ ජාතික හැඳුනුම්පතේ පිටපතක් රැගෙන එදින පෙරවරු 10.00ට පෙර පැමිණිය යුතුයි. අවුරදු 18ට […]
2019-2020 වසරේ ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ වි මාසයක් වැනි කෙටි කාලයක් තුල ප්ලාස්ටික් වතුර බෝතල් ලක්ෂයකට අධික ප්‍රමාණයක් මස්කෙලිය ප්‍රාදේශිය සභාව මගින් එක්රැස් කර ඇති බව මස්කෙලිය ප්‍රාදේශිය සභාවේ නල්ලතන්නිය උප කාර්යයාලයේ ස්ථානාධිපති බි.ඩබ්ලිව්.හේමන්ත මහතා පැවසුවා. මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් බි.ඩබ්ලිව්.හේමන්ත මහතා කියා සිටියේ මෙවර ශ්‍රි පාද වන්දනා සමයේදි වන්දනාකරුවන් පොලිතින්උර භාවිතයෙන් වැලකි සිටින […]
මෙරට ඛනිජ වැලි සම්පත අගය එකතු කිරීමකින් තොරව සෘජුවම අපනයනය කිරීමේ කටයුත්ත නවතා ඊට උපරිම අගයක් එකතු කිරීමේ තාක්ෂණය සහිත ක‍්‍රමවේද හඳුන්වා දී ලංකා ඛනිජ වැලි සමාගම මෙරට විදේශ විනිමය උපයන ප‍්‍රධානතම රාජ්‍ය ආයතනය බවට පරිවර්තනය කිරීම තම අරමුණ බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා සදහන් කළා. ඊයේ (16) පුල්මුඬේ පිහිටි ලංකා […]
චීන ඉතිහාසයේ පළමුවරට උපත් අනුපාතිකය පහළම අගය වාර්තා කර තිබෙනවා. වසර 70 කට ඉහතදී මහජන චීනය පිහිටුවීමෙන් පසු පසුගිය වසරේදී මෙලෙස උපත් අනුපාතිකය පහළම අගය වාර්තා කර ඇති අතර එය සටහන්වී ඇත්තේ උපත් 1000 කට 10 යි දශම 4 යි 8 ක් ලෙසටයි. පසුගිය වසරේදී චීනය තුළ සිදුවූ මුලු උපත් සංඛ්‍යාව එක් කෝටි 46 ලක්ෂ […]
අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය විභාග කිරිමේ අරමුණින් එරට සෙනෙට් සභිකයින්, ජූරි සභිකයින් ලෙස දිවුරුම් දී තිබෙනවා. එරට අගවිනිසුරු ජෝන් රොබට්ස් ඉදිරියේ දිවුරුම් දුන් සෙනෙට් සභිකයින් කියා සිටියේ “අපක්ෂපාතීව යුක්තිය ඉටු කිරීම”වෙනුවෙන් තමන් මෙලෙසෙ දිවුරුම් දිම සිදු කරන බවයි. ඒ, අනුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් ගොනු කර ඇති දෝෂාභියෝග චෝදනා සම්බන්ධයෙන් ලබන 21වැනිදා සිට […]
අත්තනගල්ල ආසන සංවිධායක ධුරයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඉවත්කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය තීරණය කර ඇති බව එම පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සදහන් කළා.
බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක අද (17) ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබෙනවා. කල් ඉකුත්වූ බලපත්‍රයක් ළඟ තබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබූ රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා පසුව ඇප මත නිදහස් කරනු ලැබුවා. එම නඩු කටයුත්ත සම්බන්ධයෙන් මන්ත්‍රිවරයාව මෙලෙස යළිත් අධිකරණය වෙත ඉදිරිපත් කළ බව සදහන්. කෙසේ වුවත් අධිකරණ විනිසුරුවරන්ගේ […]