News Line| Off Air
Generic placeholder image

Jan
16

නායකත්වය සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගැනීමට එජාප මන්ත්‍රිවරුන් සිරිකොතට රැස්වෙයි

Generic placeholder image

නායකත්වය සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගැනීම සම්බන්ධව එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සාකච්ජාව මේ වන විට සිරිකොත පක්ෂ මුලස්ථානයේදී ආරම්භ වී තිබෙනවා. ඒ සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සිරිකොත පක්ෂ මුලස්ථානයට රැස්ව සිටින බව සදහන්. පසුගිය සතියේදී පැවති එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරුන්ගේ විශේෂ රැස්වීමෙන් අනතුරුව අද දිනයේදී […]


Jan
16

ජනපති බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ හදිසි නිරීක්ෂණ චාරිකාවක

Generic placeholder image

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පස්වරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබෙනවා. එහිදී ජනාධිපතිවරයා ගුවන්තොටුපල පරිශ්‍රයේ පර්යන්ත කිහිපයක කටයුතු පිලිබඳව සොයා බලා ඇති බව සදහන්.


Jan
16

රංජන් සමග දුරකථන සංවාදවල නිරතවූ විනිසුරුවරුන්ගෙන් ප්‍රකාශ ලබාගන්නැයි නියෝගයක්

Generic placeholder image

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක සමග දුරකථන සංවාදවල නිරතවූ බවට චෝදනා එල්ලවී ඇති හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණි එන්. රණවක, මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය සහ මහේස්ත්‍රාත් ධම්මික හේමපාලගෙන් ප්‍රකාශ ලබාගන්නා ලෙසට නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාශයට උපදෙස් ලබා දී තිබෙනවා.


Jan
16

පැය 18 ක් හිම යට සිරවී සිටි දැරියගේ දිවි බේරා ගනියි

Generic placeholder image

පැය 18 ක් පුරා හිම යට සිරවී සිටි 12 හැවිරිදි ගැහැණු දරුවෙකුගේ දිවි බේරා ගැනීමට පකිස්තාන සහන කණ්ඩායම් අද (16) සමත්වුණා. පකිස්තානය යටතේ පාලනය වන කාශ්මීරයේ පිහිටි මෙම ගැහැණු දරුවාගේ නිවස මතට හිම කන්දක් කඩා වැටී ඇය අතුරුදන්ව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. සහන කණ්ඩායම් අදාළ ස්ථානයට ලගාවෙත්ම ඇය උදව් ඉල්ලා කෑ ගැසීම හේතුවෙන් […]


Jan
16

කොළඹ ප්‍රදේශ රැසකට අනිද්දා පැය 22 ක ජල කප්පාදුවක්

Generic placeholder image

අඹතලේ ජල පවිත්‍රාගාරයේ වාර්ෂික නඩත්තු කටයුත්තක් හේතුවෙන් ලබන සෙනසුරාදා පෙරවරු 9 සිට පැය 22 ක කාලයක් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි. කොළඹ,දෙහිවල-ගල්කිස්ස,කෝට්ටේ සහ කඩුවෙල නගර සභා බල ප්‍රදේශ ඊට අයත් වනවා. මහරගම,බොරලැස්ගමුව,කොළොන්නාව යන නගර සභා බල ප්‍රදේශවලටද කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයටද සෙනසුරාදා පෙරවරු 9 සිට ඉරිදා පෙරවරු 7 දක්වා ජලය […]


Jan
16

මීගමුව දිස්ත්‍රික් මහ රෝහල මධ්‍යම රජයට පවරා ගැනීමට රජය තීරණය කරයි

Generic placeholder image

පුළුල් සේවාවක් ජනතාවට ලබා දීම අරමුණු කරගෙන මීගමුව දිස්ත්‍රික් මහ රෝහල මධ්‍යම රජය යටතට පවරා ගැනීමට රජය තීරණය කර තිබෙනවා. විශේෂයෙන්ම කොළඹ කටුනායක අධිවේගී මාර්ගය, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ,කටුනායක නිදහස් වෙළඳ කලාපයට සමීප මෙම රෝහල පිහිටා තිබෙන හෙයින් සංක්‍රමණික මගීන් හා නාවික සංචාරකයික් සඳහාද මෙම රෝහලින් ප්‍රතිකාර ලබා ගනු ලැබෙනවා.


Jan
16

අසර්බයිජාන්හිදී මියගිය ශ්‍රී ලාංකික ශිෂ්‍යාවන් තිදෙනාගේ දේහ දිවයිනට

Generic placeholder image

අසර්බයිජාන්හිදී හදිසි අනතුරකින් මියගිය ශ්‍රී ලාංකික ශිෂ්‍යාවන් තිදෙනොගේ දේහ, ඊයේ දිවයිනට රැගෙන එනු ලැබුවා. එම දේහයන් මේ වනවිට ඔවුන්ගේ නිවෙස්වල තැනපත් කර තිබෙනවා. මල්ෂා සංදීපනි සහ ඇයගේ සොහොයුරිය වන තාරුකි අමායාද අමෝද්‍යා මදුහංසිද අසර්බයිජාන්හි මියගොස් තිබුණේ ඔවුන් නවාතැන් ගෙන සිටි නිවසේ ඇතිවූ ගින්නකින්. නිවසේ විදුලි පරිපථයේ ඇති වු දෝෂයක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති අතර […]


Jan
16

2020 සදහා නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමට අයදුම්පත් කැඳවයි

Generic placeholder image

2020 වසර සඳහා නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සදහා අයදුම්පත් කැඳවීමට මැතිවරණ කොමිසන් සභාව තීරණය කර තිබෙනවා. ඊට අදාළ පුවත්පත් දැන්වීම් හෙට දිනයේ ජාතික පුවත්පත්වල පළ කරන බව එම කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියා සිටියා. 2009 අංක 58 දරණ පාර්ලිමේන්තු මැතිවරණ සංශෝධන පනතින් සංශෝධිත 1981 අංක එක දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනත යටතේයි මෙම […]


Jan
16

සංචාරක බස්රථ හිමියන්ට කල්බදු ‌ සහන

Generic placeholder image

සංචාරක බස්රථ හිමියන්ට කල්බදු වාරික ගෙවීම සදහා සහන කාලයක් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය සමග සාකච්ඡා කර කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරිමට පියවර ගන්නා බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන අතර ලංකා සංචාරක බස්රථ හිමියන්ගේ සංගමය හා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අතර එම […]


Jan
16

යාපනයේ අහස හැඩ කළ සරුංගල් සැණකෙළිය ( Photo )

Generic placeholder image

2020 නව වසරේ සරුංගල් සැණකෙළිය මෙවරද යාපනය වැල්වැටිතුරෙයි මුහුදු තීරයේදී පැවැත්වුණා. යාපනය වැල්වැටිතුරෙයි හා කන්කසන්තුරෙයි මුහුදු තීරයේදී පැවති මෙම සරුංගල් සැණකෙළිය නැරඹිමට මෙවර අතිවිශාල ජනතාවක් සහභාගී වුණ බව වාර්තා වෙනවා. වැල්වැටිතුරෙයි ප්‍රාදේශීය සභාව ඇතුලු සිවිල් සංවිධාන කිහිපයක් විසින් සංවිධානය කරන ලද මෙම සරුංගල් සැණකෙළිය වෙනුවෙන් දිවයිනේ බොහෝ සරුංගල් නිර්මාණකරුවන් රැසක් සහභාගී වුණා.


Jan
16

රන්ජන්ව වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කරයි

Generic placeholder image

අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක බන්ධනාගාර වෛද්‍යවරයෙකු වෙත අද ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙනවා. ඒ තුලින් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමට ලක් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. එමෙන්ම හඬ පරීක්ෂාවක් සඳහා රන්ජන් රාමනායක මන්තී‍්‍රවරයා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන ලෙසත් නුගේගොඩ මහේස්ත‍්‍රාත්වරයා ඊයේ නියෝග කර තිබුණා.


Jan
16

පළතුරු මිල ඉහළ යයි

Generic placeholder image

එළවළු මිල පහළ යමින් පවතින බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳුන් පවසන අතර නමුත් පවතින පළතුරු මිල ගණන් තවදුරටත් ඉහල ගොස් ඇති බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post