News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
1

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සමාරම්භක දිනය අද

Generic placeholder image

13 වන වරට පැවැත්වෙන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල අද නේපාලයේ, කත්මන්ඩු නුවරදී අද ආරම්භ වනවා. ඒ අනුව මෙම සමාරම්භක උළෙල කත්මන්ඩු නුවර දසරත් රංගසාලා කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සුදානම් වී තිබෙනවා. ක්‍රීඩා ඉසවු 28ක් යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 2500කට අධික පිරිසක් මෙම ක්‍රීඩා උළෙල සදහා මෙවර සහභාගී වනවා. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 600 […]


Dec
1

පස්සර -බදුල්ල මාර්ගය තාවකාලිකව වැසෙයි

Generic placeholder image

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් පස්සර -බදුල්ල මාර්ගය තාවකාලිකව වසාදැමූ බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සදහන් කරනවා. ඊට හේතු තිබෙන්නේ මෙම මාර්ගයට පස් හා ගල් කඩා වැටීමෙන් මාර්ගය අවහිර වීමයි. බදුල්ල පොලිසිය සදහන් කරන්නේ මෙම මාර්ගය භාවිත කරන ජනතාවට ඒ සදහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි.


Dec
1

HIV මවගෙන් දරුවාට ආසාදනය වීම තුරන් කළ රටක් ලෙස ශී‍්‍ර ලංකාව නම් කරයි

Generic placeholder image

HIV මවගෙන් දරුවාට ආසාදනය වීම සම්පුර්ණයෙන්ම තුරන් කල රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරනවා. එමෙන්ම ලෝක ඒඞ්ස් දිනය අද දිනයට දී තිබෙන අතර එක්ව සිතමු – වෙනසක් කරමු – ඒඞ්ස් දුරලමු මෙවර තේමාවයි.


Dec
1

ජනපති පළමු නිල සංචාරය නිම කර යළි දිවයිනට

Generic placeholder image

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත්දා සිය පළමු නිල සංචාරය ආරම්භ කරමින් ඉන්දීයාව බලා පිටත් වූ අතර එහිදී ඉන්දීය ජනපති හා ඉන්දීය අගමැති හමු වී ද්විපාර්ශ සාකච්චා පැවැත්වුවා. ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ රාත්‍රියේ මෙම දෙදින ඉන්දීය නිල සංචාරය නිම කරමින් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 196 දරන ගුවන් යානයෙන් යළි දිවයිනට පැමිණියා.


Dec
1

සා. පෙළ විභාගය හෙට සිට ආරම්භ වේ

Generic placeholder image

2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට ආරම්භ වන අතර මෙවර විභාගයට පෙනී සිටින අපේක්ෂකයින් හත් ලක්ෂ දාහත්දහකට ආසන්න ප්‍රමාණයක් ඉල්ලුම් කර තිබෙනවා. දෙසැම්බර් 12 වැනිදා විභාගය අවසන් වීමට නියමිත බව විභාග දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.


Dec
1

අදත් වැස්ස වැඩියි

Generic placeholder image

අදත් දිවයින පුරා බොහෝ ප්‍රදේශ වල තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. විශේෂයෙන්ම උතුරු,වයඹ,බස්නාහිර, සබරගමුව, දකුණු පළාත්වලත් ඇතැම් ස්ථානවලට මි.මී.100 ඉක්ම වූ වැසි බලාපොරොත්තු විය හැකි බවයි ඒමේ දෙපාර්තුමේන්තුව සදහන් කරන්නේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තුමේන්තුව […]


Nov
30

ගාලූමුවදොර පිටිය සහ කොටුව දුම්රියපොළ අවට සිටි යාචකයන් 700ක් ඉවත් කරයි

Generic placeholder image

බස්නාහිර පළාත තුළ සිඟමන් යදින යාචකයින් ඉවත් කිරීම පොලීසිය විසින් ආරම්භ කර තිඛෙනවා. පොලිස් මූලස්ථානය බස්නාහිර පළාතේ සියලූම පොලිස් මූලස්ථාන වෙත ලබා දුන් උපදෙස් අනුව මෙලෙස යාචකයන් ඉවත් කිරිම සිදුකරනු ලබනවා. මේ වනවිට ගාලූමුවදොර පිටිය සහ කොටුව දුම්රියපොළ අවට සිටි යාචකයන් 700 ආසන්න පිරිසක් ඉවත් කර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉන් පිරිසක් අම්බලන්තොට – […]


Nov
30

පාකිස්ථානයට එරෙහිව ඩේවිඩ් වෝනර් ගෙන් ත්‍රිත්ව ශතකයක්

Generic placeholder image

පාකිස්ථානයට එරෙහි දෙවන ටෙස්ට් තරගයේදී නොදැවී ත්‍රිත්ව ශතකයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියාවේ ඩේවිඩ් වෝනර් සමත් වී තිබෙනවා. ඇඩිලේඞ් හී පැවැත්වෙන තරගයේදී සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ඔස්ට්‍රේලියාවේ රැස්කළ ලකුණු සංඛ්‍යාව සංඛ්‍යාව 589 ක්. ඩේවිඩ් වෝනර් නොදැවී ලකුණු 335 ක්ද මාර්නස් ලැබුෂෙයින් ලකුණු 162 ක්ද රැස් කරනු ලැබුවා. ෂහීන් අෆ්රිඩි කඩුලු 3 ක් දවා […]


Nov
30

සී.අයි.ඩී යේ සහකාර පොලිස් අධිකාරී බී.එස්. තිසේරා පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට

Generic placeholder image

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී බී.එස්. තිසේරා පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට තාවකාලිකව අනුයුක්ත කර තිඛෙනවා. ඔහු සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව අද සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව වැඩබලන පොලිස්පතිවරයා විසින් එම අනුයුක්ත කිරීම සිදුකර ඇති බව පොලිස් කොමිසම සඳහන් කළා.


Nov
30

උතුරේ කිසිදු හමුදා කඳවුරක් ඉවත් කිරීමේ සූදානමක් නොමැති බව ආරක්ෂක ලේකම් කියයි

Generic placeholder image

උතුරේ කිසිදු හමුදා කඳවුරක් ඉවත් කිරීමේ සූදානමක් නොමැති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා. මහනුවරදී අද පෙරවරුවේ මල්වතු – අස්ගිරි මා නා හිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අඳහස් දක්වමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව කියා සිටියා. නව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා අද අලුයම මහනුවරට පැමිණ ඓතිහාසික ශ්‍රි […]


Nov
30

ලෝක ප්‍රකට කඳු නගින්නෙකු වන බ්‍රෑඩ් ගෝබ්‍රයිට් කන්දකින් වැටී මරණයට

Generic placeholder image

ලෝක ප්‍රකට කඳු නගින්නෙකු වන බ්‍රෑඩ් ගෝබ්‍රයිට් කන්දකින් වැටී මරණයට පත්ව තිබෙනවා. එම අනතුරින් ඔහුගේ සඟයා දිවි බේරා ගැනීමට සමත් වී ඇති අතර ලෝක ප්‍රකට ඇමරිකානු නිදහස් ඒකල කඳු නගින්නෙකු වන බ්‍රෑඩ් ගෝබ්‍රයිට් තද බෑවුමක් සහිත කන්දකින් පහළට බැසීමට උත්සහ කිරීමේදී ඉන් ඇද වැටී මියගොස් ඇති බව සදහන්. 31 හැවිරිදි බ්‍රෑඩ් ගෝබ්‍රයිට් උතුරු මෙක්සිකෝවේ එල් […]


Nov
30

ජනපති ගෝඨාභය ඉන්දියාවට පැමිණීම දෙරටේ ඓතිහාසික සබදතාවයේ නව ප‍්‍රවේශයක් – ඉන්දීය ජනපති

Generic placeholder image

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය රටට පැමිණීම දෙරටේ ඓතිහාසික සබදතාවයේ නව ප‍්‍රවේශයක් සනිටුහන් කරන බව ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් සදහන් කළා. ඊයේ රාති‍්‍රයේ රාෂ්ඨපති භවන්හි ශී‍්‍ර ලංකා ජනාධිපතිවරයා වෙනුවෙන් සංවිධාන කර තිබූ විශේෂ රාතී‍්‍ර භෝජන සංග‍්‍රහයේදී ඉන්දීය ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. දෙරට අතර දිගු කාලීන මිත‍්‍රත්වය දකුණු ආසියානු කලාපයේ ඉදිරි ගමනට ශක්තියක් වනු ඇති […]


News Articles
Latest Videos
Most Popular Post