දෙසැම්බර් මස 01 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රියන් තුල සිගමන් යැදීම සම්පුර්ණයෙන්ම තහනම් බව දුම්රිය සේවා අමාත්‍යාංශය නිවේදනය කළා. එලෙස දුම්රිය තුල සිගමන් යදින පුද්ගලයින්ට එරෙහිව දැඩි දඬුවම් පමුණුවන බවද දුම්රිය සේවා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් පැවසුවා.
ජනාධිපති ලේකම් කාර්යයාලයේ සංකල්පයක් මත දිවයින පුරා ක්‍රියාත්මක කරන ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනට සමගාමීව කාසල්රි ජලාශයට රෝ මත්ස්යය පැටවුන් දෙලක්ෂ අසුදහසක් අද මුදා හරිනු ලැබුවා. නුවරඑලිය දිස්ත්‍රික්කය තුල ප්‍රෝටින් මන්දපෝෂණ තත්ත්වය අවමකිරීම, මිරිදිය මත්ස්යය අස්වැන්න සුලභ කිරිම සහ පරිභෝජනය ඉහල දැමිම යන අරමුණින් සිදු කරන මෙම ව්‍යපෘතිය සඳහා ජනාධිපති ලෙක්ම් කාර්යයාලය මඟින් නුවරඑලිය ජාතික ජලජිවි […]
පසුගියදා බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා සහ නික් ජොනාස් ගේ පලමු විවාහ සංවත්සරය සමරනු ලැබුවා. ඒ වෙනුවෙන් නික් ගෙන් ප්‍රියංකාට අපූරු තෑග්ගක් ලැබී තිබෙනවා. ඒ සුරතල් බලු පැටියෙක්. ඩියානා ලෙස නම තබා ඇති මේ බලු පැටියා සමඟ ප්‍රියංකා වැඩිපුර කාලය ගත කරන බව ඉන්දිය මාධ්‍ය සඳහන් කළා.
පාකිස්තානයේ ටෙස්ට් සංචාරය සදහා එක්වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ඒ අනුව නායක දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, කුසල් ජනිත්,ළහිරු තිරිමාන්න,ඕෂධ ප්‍රනාන්දු , ධනංජයද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, දිල්රුවන් පෙරේරා, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත, ලක්ෂාන් සඳකැන් , සුරංග ලක්මාල්, ළහිරු කුමාර යන ක්‍රීඩකයින් ය.
වසරේ ගත වූ මාස 11 තුළ නීතිපති දප්පුල ද ලිවේරා විසින් අපරාධ නඩු 15,000ක පමණ පරීක්ෂණ අවසන් කර තිබෙනවා. ඉන් 9000 කට මහාධිකරණය හමුවේ නඩු පවරා ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න සඳහන් කළා.
තම ධුර කාලය තුළ පැමිණෙන පළමු රාජ්‍ය නායකයා ලෙස ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට ආරාධනයක් කර තිබෙනවා. සිය ඉන්දීය සංචාරය අතරතුර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා අද දහවල් පැවැත්වුණා. ඒ නවදිල්ලියේ පිහිටි ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවස වන හයිද්‍රාබාද් හවුස්හිදීයි. ද්වීපාර්ශ්වික සාකච්ඡාවලින් […]
අධික සාගින්නට ගොදුරු වන සිම්බාබ්වේ වැසියන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාම හේතුවෙන් එරට තුළ දරුණු තත්ත්වයක් උද්ගතව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සදහන් කළා. උද්ධමනය ඉහළ යාම සහ දිළිඳුබව මෙලෙස සාගින්න ඉහළ යාමට හේතු වී ඇති බව ඔවුන් නිකුත් කළ වාර්තාවක දැක්වෙනවා. සාගින්නට ගොදුරු වන වැඩි ප්‍රමාණයක් කාන්තාවන් සහ කුඩා ළමයින් වන බව ද එමගින් […]
තම ධුර කාලයේදී ඉන්දු – ශ්‍රී ලංකා සබඳතා ඉහළම තලයකට රැගෙන යාමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සදහන් කළා. ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් සමඟ පැවති සාකච්ඡාවේදි ජනාධිපතිවරයා මේ බව පැවසුවා. අද උදෑසන රාෂ්ට්‍රපති භවන් වෙත පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් සහ එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් මහත් හරසරින් පිළිගනු ලැබුවා. අනතුරුව […]
පොලිසියේ ඉහල තනතුරු වල වෙනසක් සිදුව තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව පොලීසියේ නිලධාරීන් 11 දෙනකුට මෙලෙස ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පතිවරුන් 4 මෙන්ම ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරීවරුන් සිව් දෙනෙකුට ස්ථාන මාරු වීම් ලබා දී තිබෙන අතර ඒ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ද වනවා.
ඉකුත්දා වත්මන් ආණ්ඩුව විසින් ජනතාව සහනයක් සලසමින් රජය විසින් අයකරන බදු වර්ග කිහිපයක් අහෝසි කිරීමට තීරණය කල අතර ඇතැම් බදු මිල පහත දැමීමට කටයුතු කළා. කෙසේ වෙතත් මෙම බදු අඩු කිරීම හරහා වාහන මිල ගණන් වලට කෙරෙන බලපෑම ගැන ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මහතා සදහන් කරන්නේ එම බදු පහත හෙලීම තුලින් වාහන […]
යාපනය – පුංකුඩුතිව් හිදී ශිවලෝගනාදන් විද්‍යා දැරිය ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරු වූ ප්‍රධාන සැකකරු වන මහාලිංගම් සෂිකුමාර හෙවත් ස්විස් කුමාර් පොලිස් අත්අඩංගුවෙන් මුදාහැරීම පිළිබඳව වන නඩුව අද යාපනය මහාධිකරණය හමුවේ විභාගයට ගැනීම සිදුකෙරුණා. ඊයේ දිනයේදී මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී මහාධිකරණ විනිසුරු අන්නාලිංගම් ප්‍රේම්ශංකර් නියෝග කළේ මෙම සිදුවීමට අදාළ දෙවන විත්තිකරු නොමැතිව නඩුව විභාග කිරීමටයි. එවකට […]
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී තිබෙනවා.