News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
29

පාකිස්තානයට යන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කෙරේ

Generic placeholder image

පාකිස්තානයේ ටෙස්ට් සංචාරය සදහා එක්වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ඒ අනුව නායක දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, කුසල් ජනිත්,ළහිරු තිරිමාන්න,ඕෂධ ප්‍රනාන්දු , ධනංජයද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, දිල්රුවන් පෙරේරා, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත, ලක්ෂාන් සඳකැන් , සුරංග ලක්මාල්, ළහිරු කුමාර යන ක්‍රීඩකයින් ය.


Nov
29

ගත වූ මාස 11 තුළ අපරාධ නඩු 15,000ක පරීක්ෂණ අවසන්

Generic placeholder image

වසරේ ගත වූ මාස 11 තුළ නීතිපති දප්පුල ද ලිවේරා විසින් අපරාධ නඩු 15,000ක පමණ පරීක්ෂණ අවසන් කර තිබෙනවා. ඉන් 9000 කට මහාධිකරණය හමුවේ නඩු පවරා ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න සඳහන් කළා.


Nov
29

ජනපති ගෝඨාභගෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ඇරයුමක්

Generic placeholder image

තම ධුර කාලය තුළ පැමිණෙන පළමු රාජ්‍ය නායකයා ලෙස ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට ආරාධනයක් කර තිබෙනවා. සිය ඉන්දීය සංචාරය අතරතුර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා අද දහවල් පැවැත්වුණා. ඒ නවදිල්ලියේ පිහිටි ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවස වන හයිද්‍රාබාද් හවුස්හිදීයි. ද්වීපාර්ශ්වික සාකච්ඡාවලින් […]


Nov
29

සිම්බාබ්වේ වැසියන් අධික සාගින්නෙන් පීඩාවට

Generic placeholder image

අධික සාගින්නට ගොදුරු වන සිම්බාබ්වේ වැසියන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාම හේතුවෙන් එරට තුළ දරුණු තත්ත්වයක් උද්ගතව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සදහන් කළා. උද්ධමනය ඉහළ යාම සහ දිළිඳුබව මෙලෙස සාගින්න ඉහළ යාමට හේතු වී ඇති බව ඔවුන් නිකුත් කළ වාර්තාවක දැක්වෙනවා. සාගින්නට ගොදුරු වන වැඩි ප්‍රමාණයක් කාන්තාවන් සහ කුඩා ළමයින් වන බව ද එමගින් […]


Nov
29

ඉන්දු – ශ්‍රී ලංකා සබඳතා ඉහළම තලයකට රැගෙන යන බව ජනපති කියයි

Generic placeholder image

තම ධුර කාලයේදී ඉන්දු – ශ්‍රී ලංකා සබඳතා ඉහළම තලයකට රැගෙන යාමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සදහන් කළා. ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් සමඟ පැවති සාකච්ඡාවේදි ජනාධිපතිවරයා මේ බව පැවසුවා. අද උදෑසන රාෂ්ට්‍රපති භවන් වෙත පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් සහ එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් මහත් හරසරින් පිළිගනු ලැබුවා. අනතුරුව […]


Nov
29

පොලීසියේ ඉහළ තනතුරු වල වෙනසක්

Generic placeholder image

පොලිසියේ ඉහල තනතුරු වල වෙනසක් සිදුව තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව පොලීසියේ නිලධාරීන් 11 දෙනකුට මෙලෙස ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පතිවරුන් 4 මෙන්ම ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරීවරුන් සිව් දෙනෙකුට ස්ථාන මාරු වීම් ලබා දී තිබෙන අතර ඒ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ද වනවා.


Nov
29

බදු පහල දැමීම වාහන මිලට බලපාන අයුරු

Generic placeholder image

ඉකුත්දා වත්මන් ආණ්ඩුව විසින් ජනතාව සහනයක් සලසමින් රජය විසින් අයකරන බදු වර්ග කිහිපයක් අහෝසි කිරීමට තීරණය කල අතර ඇතැම් බදු මිල පහත දැමීමට කටයුතු කළා. කෙසේ වෙතත් මෙම බදු අඩු කිරීම හරහා වාහන මිල ගණන් වලට කෙරෙන බලපෑම ගැන ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මහතා සදහන් කරන්නේ එම බදු පහත හෙලීම තුලින් වාහන […]


Nov
29

විද්‍යා දැරිය ඝාතන සැකකරු, නිදහස් කිරීමට අදාළ නඩුව විභාග කරයි

Generic placeholder image

යාපනය – පුංකුඩුතිව් හිදී ශිවලෝගනාදන් විද්‍යා දැරිය ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරු වූ ප්‍රධාන සැකකරු වන මහාලිංගම් සෂිකුමාර හෙවත් ස්විස් කුමාර් පොලිස් අත්අඩංගුවෙන් මුදාහැරීම පිළිබඳව වන නඩුව අද යාපනය මහාධිකරණය හමුවේ විභාගයට ගැනීම සිදුකෙරුණා. ඊයේ දිනයේදී මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී මහාධිකරණ විනිසුරු අන්නාලිංගම් ප්‍රේම්ශංකර් නියෝග කළේ මෙම සිදුවීමට අදාළ දෙවන විත්තිකරු නොමැතිව නඩුව විභාග කිරීමටයි. එවකට […]


Nov
29

ජනාධිපති ගෝඨාභය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවෙයි

Generic placeholder image

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී තිබෙනවා.


Nov
29

මැකෝ සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන බව ජනපතිට දැනුම් දෙයි

Generic placeholder image

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන බව ජනපතිවරයාට දැනුම් දී තිබෙන බව වාර්තා වෙනවා.


Nov
29

ගතවු මාස 09 තුළ එච්.අයි.වී ආසාදිතයින් 3393 ක්

Generic placeholder image

මෙම වසරේ ගතවු මාස 09ක කාලය තුළදී එච්.අයි.වී ආසාදිතයින් 3393 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. පසුගිය වසර අවසානය වනවිට එච්.අයි.වී ආසාදිතයින් 1574 දෙනෙකු රජයේ රෝහල්වල ලිංගාශ්‍රිත රෝග සායනවලින් ප්‍රතිකාර ලබාගෙන ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කළා. එච්.අයි.වී ආසාදනය ඇති බව හඳුනා ගැනීම සිදුකළ හැකිවන්නේ එච්.අයි.වී සඳහාම සිදුකරන රුධිර පරීක්ෂණයකින් පමණක් වන අතර අසාදිත […]


Nov
29

ජපන් මන්ත්‍රීවරුන්ට විශේෂ හිස්වසුමක්

Generic placeholder image

ජපන් මන්ත්‍රීවරුන්ට හදිසි අවස්ථාවකදී භාවිතයට ගත හැකි වනා පරිදි විශේෂ හිස්වසුමක් ලබා දී තිබෙනවා. ඒ ජපානය තුල නිරන්තරයෙන් භුමි කම්පා ඇති වන නිසාවෙන් යම් මොහොතක පාර්ලිමේන්තු සැසිවාරයකදී එසේ සිදු වුවහොත් එයින් ආරක්ෂා වීම සදහායි.


News Articles
Latest Videos
Most Popular Post