News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
29

ජනපති ඉන්දීය විදේශ කටයුතු ඇමති හමුවෙයි

Generic placeholder image

දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට ගොස් සිටින ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා එරට විදේශ කටයුතු අමාත්‍ය ජයිශංකර් සහ එරට ජාතික ආරක්ෂක උපදේශක අජිත් කුමාර් හමුව තිබෙනවා. ජනපතිවරයා අද දිනයේ එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවීමට නියමිත බව සදහන්.


Nov
29

බිඳ වැටුණු සමාජ ජාල වෙබ් අඩවි යළි යථා තත්ත්වයට

Generic placeholder image

බිඳ වැටීමට ලක්වු ෆේස්බුක් සහ ඉන්ස්ට්‍රග්‍රෑම් සමාජ ජාල වෙබ් අඩවි යථා තත්ත්වයට පත් කර ඇති බව ෆේස්බුක් ආයතනය සඳහන් කරනවා. ඊයේ දිනයේ අදාළ සමාජ ජාල වෙබ් අඩවිවල අවහිරතා පැවති බවටලොව පුරා රටවල් රැසකින් වාර්තා වුණ අතර ඊට හේතුව වශයෙන් ඔවුන් දක්වා ඇත්තේ කිතුණුවන්ගේ තුති පුදකිරිමේ නිවාඩු සමය වෙනුවෙන් විශාල වශයෙන් අදාළ සමාජ ජාල මාධ්‍ය හරහා […]


Nov
29

ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමග සැකකරුවන් ‍දෙදෙනෙකු අල්ලයි

Generic placeholder image

කුරුණෑගල, තෝරයාය ප්‍රදේශයේ වයස අවුරුදු 25 සහ 26 හැවිරිදි තරුණයින් දෙදෙනෙක් ව්‍යාජ නෝට්ටු භාවිත කර ඇති බවට පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම සැකකරුවන් දෙදෙනා අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව ඔවුන් ලග තිබී රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 124ක් සහ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය සඳහා යොදාගත් පරිගණකයක් පොදෝය දිය භාරයට ගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්දයෙන් වැඩි […]


Nov
29

තෙවන පාසල් වාරය අදින් අවසන්

Generic placeholder image

තෙවන පාසල් වාරය අදින් අවසන් වන අතර ඒ අනුව අලුත් අවුරුද්දේ නව පාසල් වාරය ජනවාරි 02 වනදා ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව රජයේ සියලු පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල මෙසේ තෙවන පාසල් වාරය අදින් අවසන් වෙනවා.


Nov
29

රාජ්‍ය ආයතනවල ඉහල තනතුර සදහා ඉල්ලුම් කිරීමට සුදුසුකම් ලත් ඕනෑම පුරවැසියෙකුට අවස්ථාව

Generic placeholder image

රාජ්‍ය ආයතනවල ඉහල තනතුරු සදහා සුදුසුකම් සහිත ඕනෑම පුරවැසියෙකුට ඉල්ලුම් කිරීමට හැකි බව ඊයේ ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා කල සය පුද්ගල කමිටුව මගින් නිර්දේශ ඉදිරිපත් කරමින් පවසා තිබෙනවා. මෙම කමිටුවේ ප්‍රධානත්වය දරන්නේ හිටපු අමාත්‍ය මණ්ඩල ලේකම්වරයෙකුද වන සුමිත් අබේසිංහ මහතායි.


Nov
29

උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යලි යථා තත්වයට

Generic placeholder image

ඉකුත් දා ගල්ගමුව සහ අඹන්පොළ අතරතුරදී යාල් දේවී දුම්රිය පීලිපැනීමට ලක් වූ අතර ඒ හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු අඩාල වී තිබුණා. ඒ අනුව කඩිනමින් එම නඩත්තු කටයුතු අවසන් කල හැකි බවයි දුම්රිය දෙපර්තුම්නේතුව සදහන් කලේ. ඒ අනුව අද උදෑසන කොළඹ සිට යලි දුම්රිය ධාවනයට ලක් කරන බවයි වාර්තා වන්නේ.


Nov
29

ජනපති අද ඉන්දීය අගමැති හා ජනපති අතර ද්වීපාර්ශවික සාකච්ඡාවක

Generic placeholder image

ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පළමු විදෙස් සංචාරය ලෙස අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුව ඉන්දියාව බලා පිටත් වුණා. නවදිල්ලියේ ඉන්දිරා ගාන්ධි ගුවන් තොටුපලෙන් ඉන්දියාවට පැමිණි ජනාධිපතිවරයාව එරට රාජ්‍ය ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය ආචාර්ය වී.කේ.සිංග මහතා විසින් පිළිගනු ලැබුවා. ඒ අනුව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දිනයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ ඉන්දීය ජනාධිපති […]


Nov
29

අදත් තද වැසි

Generic placeholder image

දිවයින පුරා අද දිනයේත් සවස් කාලයේ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව උතුරු, නැගෙනහිර, උතුරු-මැද, පළාත් වලත් ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් ඇතැම් ප්‍රදේශ වලට මි.මී. 75 ඉක්ම වූ වැසි බලාපොරොත්තු විය හැකි බවයි එම දෙපාර්තුමේන්තුව සදහන් කරන්නේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් […]


Nov
28

ලොව පුරා ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් බිඳ වැටීමකට ලක්වෙයි

Generic placeholder image

ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් යන සමාජ මාධ්‍ය අඩවි දෙක ලොව පුරා බිඳ වැටීමකට ලක්ව තිබෙනවා. මේ හේතුවෙන් දහස් ගණනක් පරිශීලකයින් අපහසුතාවන්ට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. අද (28) රාත්‍රී 6.30ට පමණ මෙම සමාජ මාධ්‍ය ජාල අඩවි දෙක බිදවැටීම පිලිබදව ගැටළු වාර්තා වී තිබෙනවා. ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් පරිශීලකයින්ට තම ගිණුම්වලට පිවිසීමට නොහැකි වී ඇති බව […]


Nov
28

වසීම් තාජුදීන් ඝාතනය සම්බන්දයෙන් හෙළිදරව්වක්

Generic placeholder image

රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ පරීක්ෂණ යටපත් කිරීම සඳහා රාජපක්ෂවරුන් බලපෑම් කළ බවට අසත්‍ය සාක්ෂි ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු නිලධාරීන් පිරිසක් තමන්ට බලපෑම් කළ බව නාරහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති හිටපු පොලිස් පරීක්ෂක සුමිත් පෙරේරා මහතා පවසනවා. සත්‍ය ගවේෂකයෝ සංවිධානය අද කොළඹදී කැඳවා තිබූ […]


Nov
28

මාලදිවයින් හිටපු ජනපතිට වසර 5 ක සිරදඬුවමක්

Generic placeholder image

මාලදිවයින් හිටපු ජනාධිපති අබ්දුල්ලා යාමීන්ට එරෙහිව එරට අධිකරණයක් මගින් වසර 5 ක සිරදඬුවමක් නියම කර තිබෙනවා. ඒ ඔහුට එරෙහි මුදල් විශුද්ධිකරණ චෝදනාවකට වරදකරු වීම හේතුවෙන්. සිර දඬුවමට අමතරව ඔහුට අමෙරිකානු ඩොලර් මිලියන 5 ක දඩයක් ද නියම කර ඇති බව විදෙස් වාර්තා සදහන් කළා.


Nov
28

පළමු විදෙස් නිල සංචාරයේ යෙදුණු ජනපති ඉන්දියාවට ළඟාවෙයි

Generic placeholder image

රාජ්‍ය සංචාරයක් සඳහා පිටත්ව ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට ළගාවී තිඛෙනවා. එරට අමාත්‍ය වී කේ සිං මහතා විසින් ජනාධිපතිතුමාව උණුසුම් ලෙස පිලිගනු ලැබුවා. අමාත්‍යවරුන් හෝ කිසිදු දේශපාලනඥයෙකු මෙම සංචාරයට එක් නොවීම විශේෂත්වයක්. හෙට දිනයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ඉන්දීය ජනාධිපති මන්දිරය වන රාෂ්ඨපති භවන්හිදී විශේෂ පිළිගැනීමේ උත්සවයක් පැවැත්වීමට නියමිත අතර ජනාධිපතිවරයා ඉන්දීය […]


News Articles
Latest Videos
Most Popular Post