News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
28

නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙසට දිවුරුම් දුන් තුන්දෙනෙකු රාජ්‍ය ඇමතිවරුන් ලෙසට දිවුරුම් දෙයි

Generic placeholder image

ඊයේ දිනයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙසට දිවුරුම් දුන් තුන්දෙනෙකු අද දිනයේ රාජ්‍ය ඇමතිවරුන් ලෙසට දිවුරුම් දී තිබෙනවා. ඒ අනුව කංචන විජේසේකර තේ කර්මාන්ත සංවර්ධන රාජ්‍ය ඇමති ලෙස සහ ඉන්දික අනුරුද්ධ නිවාස පහසුකම් සංවර්ධන රාජ්‍ය ඇමති ලෙසට දිවුරුම් දෙනු ලැබුවා. නිමල් ලන්සා ප්‍රජා සවිබල ගැන්වීමේ රාජ්‍ය ඇමති ලෙසට දිවුරුම් දී තිබෙනවා.


Nov
28

ආදායම මත උපරිම බදු ප්‍රතිශතය අඩු කෙරේ – බැංකු ගිණුම් පොලිය මත අය කළ රැඳවුම් බද්ද අහෝසි වෙයි

Generic placeholder image

සියයට 24 ක්ව පැවති ආදායම් මත පැනවූ උපරිම බදු ප්‍රතිශතය නව බදු සංශෝධන සමග සියයට 18 දක්වා අඩු කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කළා. ආදායම් බද්දට යටත් වන රුපියල් දෙලක්ෂ 50,000 සීමාවේ සිට සියයට 6, සියයට 12 සහ සියයට 18 වශයෙන් බදු ප්‍රතිශත 3 ක් හඳුන්වාදී ඇති බව රජයේ ප්‍රවෘත්ති […]


Nov
28

ලකුණු 4 කට දැවී යාම පිලිබඳ කණගාටුවෙන් ස්මිත් තමන්ටම දඬුවම් කරගනී

Generic placeholder image

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ස්ටීව් ස්මිත් සංචාරක පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවති පළමු ටෙස්ට් තරගයේ දී ලකුණු 4 කට අඩු ලකුණු මට්ටමකට දැවී යාම හේතුවෙන් තමන් විසින් තමන්ට දඬුවම් කරගෙන ඇති පුවතක් වාර්තා වනවා. බ්‍රිස්බේන් හිදී පැවති එම තරගාවලියේ ලකුණු 5ක දැවැන්ත ජයක් හිමි කර ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වුණා. එම තරගයේ දී ලකුණු 4කට දැවී ගිය […]


Nov
28

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පාසල් ප්‍රධානීන්ට විශේෂ දැනුම්දීමක්

Generic placeholder image

ඩෙංගු ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බැවින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ ආරක්ෂාව සඳහා ධුමායන කටයුතු සිදුකරන ලෙසට පාසල් ප්‍රධානීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. විභාගය පැවැත්වීමට පෙර හෝ ඉරිදා දිනයකදී සෞඛ්‍ය නිලධාරින් සමග සාකච්ඡා කර එම ධුමායන කටයුතු සිදුකරන ලෙසට උපදෙස් ලබාදී ඇති බව සදහන්. ලබන වසරේ පළමු පාසල් වාරය ආරම්භ වීමට පෙර […]


Nov
28

ජපන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හදිසි අවස්ථාවකදී පලදන්න හිස් වැසුමක්

Generic placeholder image

හදිසි අවස්ථාවකදී පැලඳිය හැකි හිස් වැසුමක් ජපාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හඳුන්වා දී තිබෙනවා. ඒ භූකම්පන වලින් ආරක්ෂාවීමේ එක් පියවරක් ලෙසයි. ජපානය නිරන්තරයෙන් භූමිකම්පාවලට මුහුණ දෙන රටක් වන අතර භූකම්පන වලින් සිදුවිය හැකි හානි අවම කර ගැනීම සඳහා ඔවුන් විවිධ අත්හදාබැලීම් සිදුකරනවා. පාර්ලිමේන්තු සැසිවාරයක් අතරතුරදී ඇතිවිය හැකි භූකම්පනයකට මුහුණදීම සම්බන්ධයෙන් පසුගිය දිනක මන්ත්‍රීවරුන් දැනුවත් කර අති අතර […]


Nov
28

ජපන් රැකියා පෙන්වමින් මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට

Generic placeholder image

ජපානයේ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කළ කාන්තාවක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකාරියට රු. 600,000 ක මුදලක් ලබාදී පොරොන්දු වූ පරිදි රැකියාව ලබා නොදුන් බවට පුද්ගලයෙකු විසින් කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට සිදුකළ පැමිණිල්ලක් අනුව මෙලෙස අත්අඩංගුවට ගැණුනා. වැලිවේරිය ප්‍රදේශයේ පදිංචි මෙම සැකකාරිය ඇය […]


Nov
28

අරලිය ගහ මැදුරේ පිරිතක් හා දානමය පුණ්‍ය කර්මයක් පවත්වයි

Generic placeholder image

කොළඹ අරලිය ගහ මන්දිරියේ පිරිතක් හා දානමය පුණ්‍ය කර්මයක් පැවැත්වීමට කටයුතු කර තිබෙනවා. ඒ ඊයේ රාත්‍රිය මුළුල්ලේ පැවැති පරිත්‍රාණ ධර්ම දේශනයකින් පසුව අද පෙරවරුවේ දානයක් පවත්වා තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලිය ගහ මන්දිරයේ සිය රාජකාරී ආරම්භ කිරීමට මත්තෙන් මෙම පරිත්‍රාණ ධර්ම දේශනය හා දානමය පුණ්‍ය කර්මය පවත්වා තිබෙනවා.


Nov
28

ජනපති ඉන්දියාව බලා පිටත් වෙයි

Generic placeholder image

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දෙදින නිල සංචාරයක් සඳහා අද පස්වරුවේ ඉන්දියාව බලා පිටත් වුණා. ඒ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයකට අනුවයි. ජනාධිපතිවරයා මෙම සංචාරයේදී ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් හමුවීමට ද නියමිතයි. ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල් – 195 දරණ යානයෙන් ජනාධිපතිවරයා පිටත්ව ගිය බව සදහන්.


Nov
28

රෝහිතට එරෙහි නඩුව කල්යයි

Generic placeholder image

සිය නීත්‍යානුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 41.1 ක වත්කම් උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වූ බවට චෝදනා කරමින් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ වැඩිදුර විභාගය දෙසැම්බර් මස 18 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කළා. මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී විනිසුරුවරයා නියම කළේ […]


Nov
28

උත්සව සමයේ දී හිඟයකින් තොරව සහල් වෙළෙඳපොළට

Generic placeholder image

එළඹෙන උත්සව සමයේ දී හිඟයකින් තොරව උපරිම සිල්ලර මිල යටතේ පාරිභෝගික ජනතාවට සහල් ලබා දීම සඳහා දැනට වී අලෙවි මණ්ඩලයේ ගබඩාවල ඇති වී තොග සහල් බවට පත් කර ලංකා සතොස අලෙවිසල් හරහා වෙළෙඳපොළට නිකුත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් ඉකුත් මහ කන්නයේ දී මිල දී ගත් වී තොග මේ වන විට අදාළ […]


Nov
28

මාවනැල්ලේ බුදු පිළිම විනාශ කිරිමට අදාළ 14 දෙනා තවදුරටත් රිමාන්ඩ්

Generic placeholder image

මාවනැල්ල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක බුදු පිළිමවලට හානි කිරීමේ සිද්ධියට අදාලව අත්අඩංගුවට ගත් සැකකරුවන් 14 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනුව ඔවුන් ලබන මස 12 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා නියෝග ක‌ළා. පසුගිය ජනවාරි මස දෙවනදා හෝ ඊට ආසන්න දිනක දී මාවනැල්ල ප්‍රදේශයේ […]


Nov
28

හොංකොං විරෝධතාකරුවන්ට ට්‍රම්ප්ගේ සහය හිමිවෙයි

Generic placeholder image

හොංකොං විරෝධතාකරුවන්ට සහාය පල කිරීම සඳහා වන නීති කෙටුම්පතකට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබෙනවා. අමෙරිකාවේ එම පියවර චීනය සමඟ පවතින මතබේදය උත්සන්නවීමට තුඩුදෙනු ඇතැයි සඳහන් වෙනවා. තම දේශයේ ස්වාධීනත්වය උදෙසා හොංකොං වැසියන් ආරම්භ කර ඇති දැවැන්ත විරෝධතාවට සහාය පල කරමින් ඉකුත් ජූනි මාසයේදී අමෙරිකාව නව කෙටුම්පතක් ගෙන එනු ලැබුවා. පසුගිය මාසයේදී අදාළ කෙටුම්පතට […]


News Articles
Latest Videos
Most Popular Post