News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
16

සියලු සුරාසැල් අද සහ හෙට වසයි

Generic placeholder image

දිවයිනේ සියලු සුරාසැල් අද සහ හෙට වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. ඒ මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීමකට අනුව ය. ඒ අනුව එම දිනවල නීතිවිරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය, ප්‍රවාහනය, සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම තහනම් වේ. සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම නීති කඩකරන පුද්ගලයින්ට එරෙහිව නඩු පවරන බවයි.


Nov
16

නිදහසේ ඡන්දය භාවිත කරන්න පුළුවන් – ජනපති

Generic placeholder image

අද පැවැත්වෙන ජනාධිපතිවරණයේදී , ඡන්ද දායකයින්ට නිදහසේ ජන්දය භාවිත කිරීමට අවශ්‍ය වාතාවරණය රට තුළ ශක්තිමත් කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිතුමා පෙන්වා දෙන්නේ, මැතිවරණය සාමකාමීව පැවැත්වීම සඳහා පොලීසිය , ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ යොදවා ඇති බවයි. අනවශ්‍ය ප්‍රචාර සහ කට කථාවලට නොරැවටී තම ජන්ද මධ්‍යස්ථානවලට ගොස් ඡන්දය භාවිත […]


Nov
16

ඡන්ද විමසීම ආරම්භ වෙයි

Generic placeholder image

මෙරට 7 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත්කරගැනීම සඳහා වන 2019 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු අද (16) උදෑසන 7.00ට දිවයින පුරා පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථාන 12,845 කදී ආරම්භ කෙරුණි. ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනිම සඳහා මෙවර සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් ගණන එක්කෝටි 59 ලක්ෂ 92,096 ක්. මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ඊයේ (15) විශේෂ ප්‍රකාශයක් […]


Nov
15

මැතිවරණ රාජකාරී සඳහා පැමිණි නිලධාරීන් 51 ක් ආහාර විෂවීමක් හේතුවෙන් රෝහල් ගතකෙරේ

Generic placeholder image

ආහාර විෂවීමක් හේතුවෙන් මැතිවරණ රාජකාරී සඳහා පැමිණි නිලධාරීන් 51 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. කොළඹ රාජකීය විද්‍යාලයේ මැතිවරණ රාජකාරී සඳහා පැමිණි නිලධාරීන් පිරිසක් මෙලෙස රෝහල්ගත කර ඇති බව පොලීසිය පැවසුවා. දහවල් ආහාරය ලබාගැනීමෙන් අනතුරුව උදර වේදනාව හා වමනය යන රෝගී තත්වයන් මතුවීම හේතුවෙන් ඔවුන් රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති බව සදහන්. රෝහල් […]


Nov
15

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මිකී ආතර් පත් කරයි

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මිකී ආතර් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව සදහන්. මිකී ආතර් හිටපු දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෙකු මෙන්ම, පුහුණුකරුවෙකු ද වන අතර, කලක් පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ද කටයුතු කර තිබෙනවා. වසර දෙකක කොන්ත්‍රාත් කාලයක් සඳහායි ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත් […]


Nov
15

සියලු අධිවේගී මාර්ගවල බස් ගාස්තු පහලට

Generic placeholder image

අධිවේගී මාර්ගවල බස් ගාස්තු අඩු කිරීමට තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව සියලු අධිවේගී මාර්ගවල බස් ගාස්තු පහල දමා තිබෙන අතර එය අද අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනවා. මාකුඹුර සිට ගාල්ල දක්වා බස් ගාස්තුව රුපියල් – 410 කොළඹ සිට මාතර දක්වා – 570 කඩවත සිට ගාල්ල දක්වා බස් ගාස්තුව රුපියල් – 470 […]


Nov
15

ලබන වසරේ සිට කාඩ්පත් මගින් ජල බිල්පත් ගෙවීමට අවස්ථාවක්

Generic placeholder image

ලබන ජනවාරි මාසයේ සිට මනු කියවන්නන් විසින් ජල බිල්පත් ලබාදෙන අවස්ථාවේදීම පාරිභෝගිකයාට කාඩ්පත් මගින් ගෙවීම් සිදුකළ හැකි ක්‍රමවේදයක් ආරම්භ කිරීමට පියවර ගන්නා බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. බිල්පත් නොගෙවීම නිසා ජලය කප්පාදු කරන අවස්ථාවකදී වූවද, පාරිභෝගිකයාට එම මොහොතේම ගෙවීම් කිරීමේ පහසුව මේ යටතේ සැලසෙන බව එම මණ්ඩලයේ බිල් කිරීමේ අංශයේ සහකාර සාමාන්‍යාධිකාරී පියල් […]


Nov
15

ඡන්දපොළ තුළ දුරකථන භාවිතය තහනම්

Generic placeholder image

ඡන්දපොළ තුළ දුරකථන භාවිත කරන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගත හැකි ප්‍රතිපාදන පවතින බව පොලිසිය සදහන් කළා. කොළඹ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියාසිටියේ ඡන්ද පොළ නිළධාරීන්ගේ රාජකාරිවලට බාධා කිරීමේ චෝදනාවට අදාළව එලෙස පියවර ගත හැකි බවයි.


Nov
15

ඡන්දය භාවිත කරන නිවැරදිම ආකාරය මෙන්න

Generic placeholder image

මෙවර මැතිවරණයේදී ඡන්දය භාවිත කිරීමේදී කතිරය හා ඉල්ක්කම භාවිත කරමින් ඡන්දය භාවිත කිරිම පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ. ඒ අනුව ඡන්දය භාවිත කළ හැකි ආකාරය පහත පරිදිය. 01 – තම අපේක්ෂකයාට x (කතිරය) හෝ 1 (අංක එක) යෙදීමෙන් 02 – මනාප සටහන් කරන්නේ නම් තමන් කැමති අපේක්ෂකයන් වෙනුවෙන් පිළිවෙළින් අංක 1,2,3 යෙදීමෙන් ඡන්දය භාවිත […]


Nov
15

තිරිගු පිටි මිල ඉහලට

Generic placeholder image

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි තිරිගු පිටි මිල ඉහළ දැමූ බවයි ප්‍රිමා සමාගම පවසනවා. ඒ අනුව තිරිගු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 8.50 කින් ඉහළ දමා තිබෙනවා. එමෙන්ම මේ හේතුවෙන් තිරිගු පිටි මිල ඉහළ යාම හේතුවෙන් බේකරි නිෂ්පාදනවල මිලද අද මැදියම් රැයේ සිට ඉහල දමන බවයි වාර්තා වන්නේ.


Nov
15

ශ්‍රී ලංකාවේ ආරක්ෂක තත්ත්වය පිලිබදව අමෙරිකානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

Generic placeholder image

අමෙරිකානු තානාපති කාර්යාලයෙන් එරට පුරවැසින්ට ශ්‍රී ලංකාවේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිලිබදව දැනුවත් කරමින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එනම් හෙට පැවැත්වෙන ජනපතිවරණය හේතුවෙන් උද්ඝෝෂණ හා මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා සිදු විය හැකි බැවින් ඒ පිලිබදව අවධානයෙන් පසු වන ලෙසට.


Nov
15

ජනාධිපතිවරණය නිරීක්ෂණයට නිරීක්ෂණ කණ්ඩායම් සුදානමින්

Generic placeholder image

2019 ජනපතිවරණයේ ඡන්ද විමසීමේ කටයුතු නිරීක්ෂණය සදහා නිරීක්‍ෂණ කණඩායම් බොහොමයක් මේ වන විට තම නිරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා. විශේෂයෙන්ම හෙට පැවැත්වෙන ජන්ද විමසීම් කටයුතු සදහා සිය නිලධරීන් සුදානමින් සිටින බව නිරීක්‍ෂණ කණඩායම් වැඩි දුරටත් සදහන් කරනවා. විදේශ නියෝජිතයන්ද නිරීක්‍ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post