News Line| Off Air| Games
Generic placeholder image

Jun
11

සුදු වෙන්න ක්‍රීම් ගාන්නේ බලාගෙනයි (VIDEO)

Generic placeholder image

වර්තමානයේ බොහෝ පිරිසක් සම පැහැපත් කර ගන්න විවිධ ආලේපන වර්ග භාවිත කරනවා. මේ සඳහා වැඩි වශයෙන් තරුණ තරුණයින් යොමුවීම දක්නට පුළුවන්. ප්‍රමිතියක් නැති ආලේපන වර්ග භාවිත කිරීමෙන් දියවැඩියාව සහ පිළිකා ඇති වීමේ අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.


Jun
10

ජනපති හා බංග්ලාදේශ අගමැතිනිය අතර හමුවක්

Generic placeholder image

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම් දීමේ නිල උත්සවයට සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ බංගලාදේශ අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා (Sheikh Hasina) අතර හමුවක් නවදිල්ලි නුවරදී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කෘෂි නවීකරණ වැඩසටහන සඳහා බංගලාදේශයේ සහාය ලබාදෙන බව බංගලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා, ජනාධිපතිවරයා ඉදිරියේදී සහතික වී තිබෙනවා.


Jun
7

සෙල්ෆියක් කාන්තාවන් දෙදෙනෙක් බිලිගනී

Generic placeholder image

මෙක්සිකෝවේ කාන්තාවක සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට යාමේදී දුම්රියක ගැටී මියගොස් තිබෙනවා. ඇය සිය දරුවා සමඟ ඡායාරූපය ගැනීමට යාමේදීයි මෙම අනතුර සිදුව ඇත්තේ. කැනඩාවේ සිට අමෙරිකාව හරහා මෙක්සිකෝවට ගමන් කළ දුම්රියේ ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ. මේ අතර බ්‍රසීලයේ uberada ප්‍රදේශයේදී ද කාන්තාවක සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට යාමේදී දුම්රියක ගැටී තිබෙනවා.


Jun
6

විදුලි බිලේ නව මිල ගණන් මෙන්න

Generic placeholder image

ඇමති කංචන විජේසේකර අද (06) පාර්ලිමේන්තුවේදී පැවසුවේ විදුලි බිල ජූලි මස පළවෙනිදා සිට අඩු කිරීමට පියවර ගන්නා බවයි. ඒ අනුව ඒකක බින්දුවත් 30ත් අතර මිල රුපියල් 06 දක්වාත්, ඒකක 30 – 60 අතර රුපියල් 09 දක්වාත් අඩු කෙරෙනු ඇති. ඒකක 60 – 90 රුපියල් 18 දක්වා අඩු වන අතර ඒකක 90 සිට 120 දක්වා මිල […]


May
30

ශ්‍රී ලාංකිකයන්ටත් තායිලන්තයෙන් නොමිලේ වීසා

Generic placeholder image

ජූනි පළවෙනිදා සිට මෙරට සංචාරකයන්ට වීසා රහිත ප්‍රවේශයක් ලබා දීමට තායිලන්තය තීරණය කර තිබෙනවා. මෙම ප්‍රවේශය දින 60ක කාල සීමාවක් සඳහා වලංගුවනවා.


May
30

රයිසිගේ දෙවන වාර්තාවත් එළියට

Generic placeholder image

හිටපු ජනාධිපති රයිසිගේ මරණය සිදුවූ හෙලිකොප්ටර් අනතුර සම්බන්ධයෙන් වූ දෙවන වාර්තාව ද නිකුත් කර තිබෙනවා. කඩාකප්පල්කාරී ක්‍රියාවක් සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් හමුවී නැති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ. හෙලිකොප්ටරයේ සුන්බුන් සහ සිරුරු කොටස් මත නියදි පරීක්ෂාවන් ද සිදුකර තිබෙනවා. ගුවන් යානයේ කාර්ය මණ්ඩලය අතර කතාබහ ද පටිගත කිරීම් ඔස්සේ පරික්ෂා කර ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. අවසන් […]


May
27

කැළඹුණු ගුවන් යානා අනතුරින් 8 දෙනෙකු රෝහලට

Generic placeholder image

දෝහා සිට අයර්ලන්තයේ ඩබ්ලින් බලා පියාසර කරමින් පැවති කටාර් එයාර්වේස් සමාගමට අයත් ගුවන්යානයක් තුළ හදිසි කැළඹීමක් හටගෙන තිබෙනවා. ඒ හේතුවෙන් යානයේ ගමන් ගත් මගීන් 12 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. ඉන් 8 දෙනෙකු රෝහල් ගත කර ඇති බවද වාර්තා වනවා. තුර්කිය හරහා ගමන් කරමින් සිටියදීයි මෙම තත්වය හටගෙන ඇත්තේ. සිදුවීම සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් […]


May
21

වෙසක් සතිය අදින් ඇරඹේ (VIDEO)

Generic placeholder image

ජාතික වෙසක් සතිය අදින් (21) ආරම්භ වනවා. වෙසක් සතියේ සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියමිතයි. මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.


Feb
15

ලෝක ළමා පිළිකා දිනය අදයි

Generic placeholder image

ලෝක ළමා පිළිකා දිනය අදට (15) යෙදී තිබෙනවා. ලොව පුරා දිනකට ළමයින් දහසකට අධික ප්‍රමාණයක් පිළිකාවට ගොදුරු වෙනවා. ලංකාවේද වාර්ෂිකව දහසකට අධික ළමා පිළිකා රෝගීන් වාර්තා වන බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. මේ අතර රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් නිවේදනය කළේ පිළිකාවට එරෙහි එන්නතක් ළඟදිම නිර්මාණයට රුසියාව සුදානම් බවයි.


Feb
9

යළිත් රත් වූ අයිස්ලන්තය

Generic placeholder image

අයිස්ලන්තයේ, රෙයික්ජාන්ස් අර්ධද්වීපයේ යළිත් වරක් ගිනි කන්දක් විදාරණය වී තිබෙනවා. පසුගිය වසරේ සැප්තැම්බර් මාසයෙන් පසු තුන්වන ගිනි කඳු පිපිරීම මෙය බවයි වාර්තා වන්නේ. ඊයේ (08) දිනයේදීත් සිදු වූ ලාවා ගලා යාම් නිසා පාරවල් හරහා වැටී ඇති ජල නළ පුපුරා ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.


Feb
6

3 වන චාල්ස් රජුට පිළිකාවක්

Generic placeholder image

3 වන චාල්ස් රජුට පිළිකාවක් වැළදී ඇති බව බකිංහැම් මාළිගාව නිවේදනය කර තිබෙනවා. ඒ අනුව ඔහුට අවශ්‍ය ප්‍රතිකාර ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ. එසේම චාල්ස් රජුගේ මෙම අසනීප තත්ත්වය නිසා සියලු මහජන කටයුතු කල් දමා ඇති බව බකිංහැම් මාළිගය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.


Feb
5

අමෙරිකාවේ සීඝ්‍රයෙන් පැතිර යන දිලීර ආසාදනයක්

Generic placeholder image

අමෙරිකාවේ සිඝ්‍රයෙන් පැතිර යන භයානක දිලීර ආසාදනයක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙලෙස විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ Candida auris නම් දිලීර ආසාදනය පිළිබඳවයි. මෙම දිලීර අසාදනය මීට වසර ගණනාවකට පෙර සොයාගෙන තිබෙනවා. නමුත් මාසයක් තුල ආසාදිතයින් සිව් දෙනෙකු වාර්තා වීමත් සමඟ මේ සම්බන්ධයෙන් ලෝකයේම අවධානය යොමු වී තිබෙනවා. Candida auris කොරෝනා වෛරසය මෙන් […]


News Articles
Latest Videos
Most Popular Post