මැයි 30 සහ 31 දෙදින ආර්ථික මධ්‍යස්ථාන විවෘත කර තැබීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව සිල්ලර වෙළෙඳුන්ට සහ ජංගම වෙළෙඳුන්ට භාණ්ඩ මිලදී ගැනීම අවස්ථාව හිමි වෙනවා.
මේ වන විට ක්‍රියාත්මක සංචරණ සීමා අඛණ්ඩව ජූනි 7 වනදා අලුයම 4 වන තෙක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව 31වනදා සහ 4 වනදා සංචරණ සීමා ලිහිල් කිරීම සිදු නොකරෙනු ඇති.
ලබන සතියේ සිට රුපියල් 5,000 දීමනාව යළිත් ලබාදීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සදහන් කරනවා. සංචරණ සිමා කිරීම් හේතුවෙන් දෛනික ආදායම් අහිමි වූ ජනතාව වෙත මෙම දීමනාව යළි ලබා දෙනු ඇති.
මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරනවා. ඒ රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා මතයි. මොරටුව මොල්පේ මෙතෝදිස්ත දේවස්ථානයේ පැවති එන්නත් ලබාදීමේ වැඩසටහන අතරතුර රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා මත නගරාධිපතිවරයා අත් අඩංගුවට ගැනුණා. ඒ නගරාධිපතිවරයා පොලිසියට භාර වීමෙන් පසුවයි.
රුසියාවේ නිෂ්පාදිත ‘ස්පුට්නික් V’ එන්නත් මාත්‍රා 50,000ක ප්‍රමාණයක් ඊයේ රාත්‍රියේ කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළ වෙත ගෙනැවිත්තිබෙනවා. ඒ ශ්‍රී ලංකාව සිදු කල ඇණවුමකටයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.50ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැක. ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. දිවයින හරහා සුළගේ වේගය විටින් […]
ක්ෂේත්‍ර කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මතයි. ඒ අනුව වරාය අධිකාරිය, පෙට්‍රෝලියම් නිෂ්පාදන ඇතුළු සියළුම ඉන්දන සැපයුම හා බෙදාහැරීම, වරාය හා නාවික කටයුතු, දුම්රිය දෙපාර්තමේන්තුව හා ලංකා ගමනාගමන මණ්ඩලය සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල , ග්‍රාම නිලධාරීන් , සමෘද්ධි […]
ආරක්ෂක ලේකම්වරයාගෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටින්නේ රට තුළ ත්‍රස්ත ක්‍රියා සිදුවිය හැකි බවට පැතිර යන ව්‍යාජ ප්‍රචාරවල පදනමක් නොමැති බවයි. එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ ආරක්ෂක අමාත්‍යාංශය, ආරක්ෂක හමුදා සහ නීතිය සම්බන්ධයෙන් ක්‍රියා කරන අනෙකුත් ආයතන ජාතික ආරක්ෂාව මනා ලෙස ස්ථාපිත කර ඇති බවත් ඒ නිසා ශ්‍රී ලාංකිකයින්ට ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් […]
ඊයේ ආසාදිතයින් 2,377 දෙනෙකු වාර්තා වුණ අතර වැඩිම කොවිඩ් -19 ආසාදිතයින් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙන අතර එම සංඛ්‍යාව 573ක්.
අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ මගී දුම්රිය අංගනයක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 08 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා. ඇමෙරිකාවේ සෑන්ජෝස්හි සැන්ටක්ලෙයාර්වැලි දුම්රිය අංගනයේදී මෙම වෙඩි තැබීම සිදු වී තිබෙන අතර එහි සේවකයෙක් විසින් මෙම වෙඩි තැබීම සිදු කර තිබෙන අතර මිය ගොස් ඇත්තේ ද එම දුම්රිය අංගනයේ සේවකයින් පිරිසක්.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එන්නත්කරණ වැඩසටහන ආරම්භ කර තිබෙන අතර ඒ අනුව එම මධ්‍යස්ථානයේ කම්කරුවන්, වෙළෙඳ සේවකයන් සහ ව්‍යාපාරිකයන් 1,610 දෙනෙකුට කොරෝනා එන්නත ලබාදීම අද සිට ආරම්භ කර තිබෙනවා.
චීනයේ සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 05න්, මාත්‍රා 125,000 ක් කුරුණෑගල , ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ජනතාවට ලබා දීමටත් තීරණය කර ඇති බව වාර්තා වෙනවා.