කොරෝනා ආසාදිතයින් වාර්තා වීම හේතුවෙන් ප්‍රධාන තැපැල් කාර්යාල 4ක් සහ උප තැපැල් කාර්යාල 22 ක් ද තාවකාලිකව වසා දමා ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව කොම්පඤ්ඤ වීදිය, පානදුර කෙසෙල්වත්ත, හා ත්‍රිකුණාමලය ප්‍රධාන තැපැල් කාර්යාල මෙසේ වසා දමා තිබෙනවා.
අලුත් අවුරුදු පොකුරේ නව කොරෝනා ආසාදිතයින් 1,891 දෙනෙකු අලුතින් හදුනා ගෙන ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා.එය මෙරට දිනකදී වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන ද වන අතර ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 111,753 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා ( Lockdown) කර ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.ඒ අනුව , 📌නුවරඑළිය දිස්ත්‍රික්කය හඟුරන්කෙත පොලිස් වසම 🔺රත්මැටිය (494C) ග්‍රාම නිලධාරි වසම 📌කළුතර දිස්ත්‍රික්කය පානදුර දකුණ පොලිස් වසම 🔺පිංවත්ත (696) ග්‍රාම නිලධාරි වසම🔺නාරම්පිටිය (696A) ග්‍රාම නිලධාරි වසම🔺පිංවත්ත බටහිර (663A) ග්‍රාම නිලධාරි වසම බණ්ඩාරගම පොලිස් වසම බණ්ඩාරගම නැගෙනහිර (693A) […]
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව, මධ්‍යම, බස්නාහිරසහ වයඹ පළාත්වලත් පොළොන්නරුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය […]
තහනම් කරන ලද ප්‍රිය සාද, මංගල උත්සවය ආදිය නිවෙස්වල සහ වෙනත් ස්ථානවල පැවැත්වීම ද තහනම් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. මේ පිළිබදව අදහස් දක්වමින් යුධ හමුදාපතිවරයා වැඩි දුරටත් සදහන් කලේ “උත්සව පැවැත්වීම, සාද පැවැත්වීම හා මංගල උත්සව වුනත් හෙට දිනයෙන් පස්සේ, පැවැත්වීම අපි තහනම් කරලා තියෙන අවදියක අපිට වාර්තාවෙනවා සමහර ප්‍රදේශවල […]
මෙරටට පැමිණෙන මගී ගුවන් යානයකින් දිවයිනට රැගෙන ඒමට හැකි මගීන් සංඛ්‍යාව 75කට සීමා කර තිබෙන බව ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂවරයා සදහන් කරනවා.
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බව වාර්තා වෙනවා. ඒ අමාත්‍යවරයාගේ ආරක්ෂක අංශයේ සේවයේ නියුතු අයෙක්ට හා රියදුරුවරයාට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන්
ගෙවුණු පැය 24 තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් 1716 දෙනෙකු වාර්තා වී වූණා, එය එක් දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම අසාදිතයින් ගණන ද වන අතර එයින් වැඩිම ආසාදිතයින් පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර, එම සංඛ්‍යාව 375 ක්. දෙවැනියට වැඩිම ආසාදිතයින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 247 ක් ද, කළුතර දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 158 ක් ද වාර්තා […]
කළුතර දිස්ත්‍රික්කයේ – වලාන උතුර, වෑකඩ බටහිර, කිරිබේරිය, පාලමුල්ල නැගෙනහිර ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ – ඔර්ස් හිල්, අප්පුවාලිපුරම්, වලපනේ – නීල්දණ්ඩාහීන ග්‍රාම නිලධාරී වසම් වහාම ක්‍රියාත්මකවන පරිදි හුදකලා කර ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.
නව කොරෝනා ආසාදිතයින් 1716 දෙනෙකු ඊයේ අලුතින් හදුනා ගැනුණා. එය එක් දිනක් තුළ මෙරට වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් ගණනවන අතර ඒ අනුව මෙරට සමස්ත කොරෝනා කොරෝනා ආසාදිතයින් ගණන 109,862ක් දක්වා ඉහළ ගියා.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැක. නැගෙනහිර සහ උතුරු පළාත්වල උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි […]
ඇෆ්ගනිස්ථානයේ බෝම්බ පිපිරීමක් සිදුව තිබෙනවා. නැගෙනහිර ලෝගර් ප්‍රාන්තයේ පුල් ඊ අලාම් ප්‍රදේශයේ පාසල් ළමුන් රැඳී සිටින ස්ථානයක මෙම පිපිරීම සිදුව ඇති අතර . එම බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් 30 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 12 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර තවත් පිරිසක් සුන්බුන් අතර සිරවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.