ඩුබායි සිට මෙරටට එවන ලද මත්පෙති 4962 ක් හා කුෂ් මත්ද්‍රව්‍ය අඩංගු පාර්සල් 02 ක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයට ගෙන ඇති බව පොලීසිය සදහන් කරනවා.
ඊයේ දිනයේ දී මෙරටින් තවත් කොරෝනා මරණ 03ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සදහන් කරනවා.ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 557 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අන්තවාදී මත පැතිරවීම සදහා කටයුතු කල පුද්ගලයින් දෙදෙනෙකු ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය මගින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන අපරාධකරුවෙකු වන සහරාන්ගේ සමීපතමයෙකු බව මින් එක් පුද්ගලයෙකු හඳුනාගෙන තිබෙන අතර ඉකුත් දෙසැම්බර් 5 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටුවහල් කර ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයෙක් වන බව ද මේ වන විට කරුණු තහවුරු කරගෙන තිබෙනවා. […]
නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව, බස්නාහිර,වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව, බස්නාහිරසහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක. මධ්‍යම,සබරගමුව,ඌව […]
විදේශයන්ගෙන් ගෙන්වා පොල් තෙල් සහ පාම් තෙල් තොග අලෙවි කරන දඹුල්ලේ ස්ථාන දෙකක් සීල් තැබීමට පියවර ගෙන තිබෙනවා. මෙම පොල්තෙල් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 60ක් බව පැවසෙන අතර ඒ ස්ථානයේ තිබී පොල්තෙල් හා ෆාම් තෙල් ගබඩා ටැංකි පරීක්ෂා කොට බැලීමේදී ඒවායේ විවිධ මියගිය කෘමීන් ගේ කොටස් තිබී හමුව තිබෙනවා.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කොන්ත්‍රාත් පදනම මත සිටින වසර 5ට වැඩි පළපුරුද්ද සහිත සියලුම සේවකයන් ස්ථිර කිරීමට තීරණයකර තිබෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සදහන් කළා. මේ අතර, පවතින රියදුරු උපදේශක පුරප්පාඩු සම්පූර්ණ කිරිම සඳහා එළඹෙන මැයි මාසයේදී අදාල විභාගය පවත්වා බඳවා ගැනීම් සිදුකිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩි දුරටත් සඳහන් […]
සුවස් ඇල හරහා ගමන් කරමින් තිබු “MV Ever Given” නම් නෞකාවක් සිරවීම නිසා එම ඇල හරහා භාණ්ඩ ප්‍රවාහනය කරන බහාලුම් නෞකා ගමනා ගමනයට බාධා එල්ලවී තිබෙන බව වාර්තා වෙනවා. MV Ever Given” නම් මෙම නෞකාවේ ටොන් ලක්ෂ 02ක් පමණ බරකින් යුත් භාණ්ඩ ප්‍රමාණයක් තිබෙන බවයි වැඩි දුරටත් සදහන් වන්නේ.. මේ අතර එම නෞකාවට පිටුපසින් ආ […]
කොළඹ නගරයේ වායු දුෂණය තව දුරටත් ඉහළ ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කරනවා.
ජපාන මුහුද ට උතුරු කොරියාව විසින් බැලස්ටික් මිසයිල ප්‍රහාර දෙකක් එල්ල කර ඇති බව වාර්තා වෙනවා. උතුරු කොරියාවේ මෙම ක්‍රියා කලාපය ජපානය සහ ඇමෙරිකාව දැඩිව විවේචනය කරන අතර උතුරු කොරියාවට බැලස්ටික් මිසයිල අත්හදාබැලීම තහනම් කර ඇති පසුබිමකයි මෙලෙස ක්‍රියා කර ඇත්තේ.
එළඹෙන උත්සව සමයේ පරිභෝජනයට නුසුදුසු සහල් සොයා විශේෂ වැටලීම් සිදු කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සදහන් කරනවා. ඒ අනුව ලබන 28 වෙනිදා සිට මෙම වැටලීම් සිදු කිරීමට නියමිත බවයි පැවසෙන්නේ. මේ අතර අහිතකර වර්ණක අඩංගු සහල් ඇතුළු ධාන්‍ය වර්ග අලෙවි කිරීමේ ජාවාරමක් ලද තොරතුර මත සිදු කරනු ලැබූ වැටලීමකදී සොයාගෙන තිබෙනවා.
මහෙස්ත්‍රාත්වරුන් සහ විනිසුරුවරුන් 72ක් සඳහා ස්ථාන මාරුවීම් ලබාදීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවරගෙන තිබෙනවා. ඒ වාර්ෂික ස්ථාන මාරුවීම් යටතේ අප්‍රේල් මස 05 වන දින සිට ක්‍රියාත්මකවන පරිදියි. මෙම වාර්ෂික ස්ථාන මාරුවීම් සඳහා අද දිනය දක්වා අභියාචනා ඉදිරිපත් කළ හැකි බව අධිකරණ සේවා කොමිෂන් සභාව වැඩි දුරටත් සදහන් කරනවා.
ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ උත්තරීතර මහනායක අග්ගමහා පණ්ඩිත ගෞරවාර්හ කොටුගොඩ ධම්මාවාස නාහිමිපාණන් පිළිබඳ ආදාහන පූජෝත්සවය හේතුවෙන් අද ( මාර්තු 25) ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.