News Line| Off Air
Generic placeholder image

Mar
25

මේ වසරේ මේ දක්වා වන අලි 83 ක් මිය යයි

Generic placeholder image

මේ වසරේ මේ දක්වා වන කාලය තුල වන අලි 83 ක් මිය ගොස් ඇති බව වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශය සදහන් කරනවා.


Mar
25

යාපනය නගරාධිපතිටත් කොරෝනා

Generic placeholder image

යාපනය නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වෙනවා. නගරාධිපතිවරයා මීට පෙර විවාහ මංගල උත්සවයකට සහභාගි වී ඇති අතර එම උත්සවයට සහභාගී වූ පිරිසකට ද මෙලෙස කොරෝනා ආසාදනය වී ඇති බව හදුනාගෙන තිබෙනවා.


Mar
25

බස්නාහිර පළාතේ කතෝලික පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල් අප්‍රේල් මස 05 ඇරඹෙයි

Generic placeholder image

බස්නාහිර පළාතේ පිහිටි අගරදගුරු පදවියේ සියලුම කතෝලික පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල් අප්‍රේල් මස 5වන දා ආරම්භ කිරීමට තීරණයකර තිබෙනවා.


Mar
25

සිය බිරිදගේ ගෙල කපා ඝාතනය කර සැමියාද ගිනි තබාගෙන මියයයි

Generic placeholder image

ගම්පොල අගුරුමුල්ල ප්‍රදේශයේ දී සැමියෙක් විසින් සිය බිරිදගේ ගෙල කපා ඝාතනය කර පසුව සැමියාද පෙට්‍රල් වලින් ගිනි තබා ගෙන ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.. කලක පටන් තිබු පවුල් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනයන් සිදුව ඇති බවයි පැවසෙන්නේ. එකම ඉඩමේ නිවාස දෙකක මෙම අඹු සැමි යුවල වාසය කර ඇති අතර අධිකරණය විසින් බිරිදට නඩත්තු මුදලක් ලබා දෙන ලෙස ද […]


Mar
25

සිය මංගල ටෙස්ට් තරගයේදීම පැතුම් නිශ්ශංකගෙන් ශතකයක්

Generic placeholder image

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය අද වන අතර ඊයේ දිනයේ සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 34ක් ලබා ගෙන සිටියා. පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 169කට සිමා වුණ අතර […]


Mar
25

ඉන්දියාව ඇස්ට්‍රා සෙනෙකා එන්නත් අපනයනය තාවකාලිකව නතර කරයි

Generic placeholder image

ඉන්දියාව ඇස්ට්‍රා සෙනෙකා එන්නත් අපනයනය තාවකාලිකව නතර කිරීමට තීරණය කර තිබෙනවා. ඒ එම එන්නත එරට තුල ඉල්ලුම ඉහළ යාමත් සමග අදාළ එන්නත ඉන්දිය ජාතිකයින්ට ලබාදීමට සිදුවන හෙයින්. ඒ අනුව අප්‍රේල් මාසය අවසානය දක්වා ඉන්දියාවේ නිෂ්පාදනය කෙරෙන ඇස්ට්‍රා සෙනෙකා එන්නත අපනයනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. කෙසේ වෙතත් ඉන්දියාව එලෙස තීරණය කර තිබුණත් ශ්‍රී ලංකාවට එන්නත් ලබාදෙන බව […]


Mar
25

අද දිනයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වෙයි

Generic placeholder image

අපවත් වී වදාල ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහ නාහිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවයේ රිය පෙරහර හේතුවෙන් අද පස්වරුවේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන අතර ඒ අනුව, රිය පෙරහර ගමන් කරන ගල්කිස්ස, ගාලුපාර, බම්බලපිටිය, තුම්මුල්ල හන්දිය හරහා නිදහස් චතුරස්‍රය දක්වා මාර්ගයේ ගමන් ගන්නා රියදුරන් අද පස්වරු 1 සිට විකල්ප […]


Mar
25

ඊයේ දිනයේ මෙරටින් තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වෙයි

Generic placeholder image

ඊයේ දිනයේ මෙරටින් තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත මරණ ගණන 554 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. එම නිවේදනය පහතින්,


Mar
25

දිවයිනේ ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි

Generic placeholder image

දිවයිනේ දකුණු අර්ධයේ අහස වලාකුළින් බරව පවතී. සබරගමුව, බස්නාහිර,වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක. නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි ඇතිවේ. ගාල්ලසහ මාතර දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවල […]


Mar
24

ජාතික හැඳුනුම්පත් ලබාගැනීමට පැමිණෙන පිරිසට විශේෂ දැනුම් දීමක්

Generic placeholder image

මේ වන විට පවතින කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් ජාතික හැඳුනුම්පත් නිකුත්කිරීමේ එක් දින සේවාව සීමාකර තිබීම හේතුවෙන් ජාතික හැඳුනුම්පත් ලබාගැනීමට පැමිණීමට පෙර දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීම අනිවාර්ය බව එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සදහන් කරනවා. ඒ අනුව මෙම දුරකථන අංක අමතා 0115 – 226126, 0115 – 226100 , දිනයක් සහ වේලාවක් වෙන්කරවා […]


Mar
24

මියන්මාර් පොලීස් වෙඩි පහරින් 07 හැවිරිදි දැරියක් ජිවිතක්ෂයට

Generic placeholder image

මියන්මාර් හමුදා පාලනයට එරෙහිව එරට පවතින විරෝධතා අතරතුර මියන්මාර් පොලීසිය විසින් සිදුකළ වෙඩි තැබීමකින් 7 හැවිරිදි දැරියක් මියගොස් තිබෙන බව වාර්තා වෙනවා. එම දැරිය විරෝධතා අතරතුර සිය පියා වෙත දිව යමින් සිටියදී එරට පොලිසිය විසින් මෙලෙස වෙඩිතබා ඝාතනය කර තිබෙනවා. මේ අනුව මේ දක්වා සිදු කල වෙඩි තැබීම වලින් මිය ගිය ළාබාලතම දැරිය මැයයි.


Mar
24

ජාතික ක්‍රීඩා දිනයක් ප්‍රකාශයට

Generic placeholder image

සෑම වසරකම ජූලි 31 වැනිදා ජාතික ක්‍රීඩා දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.ඒ නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍ය වරයා ගේ යෝජනාවක් අනුවයි.


News Articles
Latest Videos
Most Popular Post