ඊයේ රාත්‍රියේ 11.30 ට පමණ වාහනයක් තුල තිබී පිළිස්සුණු මළ සිරුරක් හමුව තිබෙනවා. මෙම මළ සිරුර හමුව ඇත්තේ කොහුවල, ආසිරි මාවතේ වැගන් ආර් වර්ගයේ මෝටර් රථයක් තුළ තිබීයදි. අදාල මෝටර් රථය හා එහි සිටි පුද්ගලයා මෙලෙස සම්පූර්ණයෙන්ම පිළිස්සී ඇති බව පොලිසිය වැඩි දුරටත් සදහන් කරනවා. අදාල මියගිය පුද්ගලයා කළුබෝවිල, ප්‍රදේශයේ පදිංචිව සිටි 33 හැවිරිදි පුද්ගලයෙකු […]
නැගෙනහිර, ඌව ස හඋතුරු මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සබරගමුව, බස්නාහිර, වයඹසහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි දඇති වේ. මධ්‍යම, සබරගමුව, […]
කොරෝනා ආසාදිත ව සිටි ඉන්දීය සුපිරි තරුවක් වූ අමිතාබ් බච්චන් හට මේ වන විට ඇස් අන්ධ වීමේ ප්‍රවණතාවයක් ඇතිව තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා. මේ පිළිබවද අදහස් දක්වමින් අමිතාබ් බච්චන් සදහන් කරන්නේ ලොව නිෂ්පාදිත හොදම උපැස් යුවළ භාවිතයට ගත්තද මගේ පෙනීම තවමත් හොද වී නොමැති බවත් පොත් පත් කියවන්නටත් , ලියන්නටත්, එකවර කිසිවෙකු […]
කොළඹ – කතරගම ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ගොවි නියෝජිතයින් 1500ක පමණ පිරිසක් විරෝධතාවක නිරත වන බවක් වාර්තා වෙනවා. ඒ හම්බන්තොට යෝජිත අලිවැට ගැසට් කිරීම ඇතුළු කරුණු 6ක් මුල්කර ගනිමින් ගොවි සංවිධාන කිහිපයක් දින 53ක් පුරා නිරත වන සත්‍යග්‍රහයට සහය පළ කරමින්. මේ අනුව කොළඹ – කතරගම ප්‍රධාන මාර්ගය අම්බලන්තොට ප්‍රදේශයෙන් අවහිර කර ඇති බවයි වැඩි […]
ක්‍රීඩාව සදහා මසුන් අල්ලන එක්තරා පුද්ගලයෙක් සිය රාජකාරි ස්ථානයේ ප්‍රධානීයා තමන් හට මේ ක්‍රීඩාව සදහා යෑමට ආරධනා කල බවක් අදාල පුද්ගලයා සිය බිරිදට සදහන් කරනවා. මේ ගමන යෑමට සිය ස්වාමියාට සියල්ල සුදානම් කර දුන් බිරිදට, හොරෙන් ගිය ගමන මාට්ටු වුණ හැටි… වැඩි විස්තර
අගරදගුරු අති උතුම් මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් සහ නීතිපති දප්පුල ද ලිවේරා මහතා අතර හමුවක් පැවැත්වී තිබෙනවා. ඒ පාස්කු කොමිසම් වාර්තාවේ ඉදිරි ක්‍රියාමාර්ග සහ පාස්කුඉරිදා ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ වල ප්‍රගතිය පිලිබදවයි. මේ අතර එම පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ වල ප්‍රගතිය පිලිබදව නීතිපතිවරයා අගරදගුරු හිමියන් දැනුවත් කර ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.
ශ්‍රී ලංකාව – බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින කි‍්‍රකට් තරඟය අද නෝර්ත් සවුන්ඩ් හිදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය මෙහෙයවන්නේ දිමුත් කරුණාරත්න වන අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නායකත්වය කිරාන් පොලාඩ් හට හිමිව තිබෙනවා.
කොවිඩ් වෛරසය සහ කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සදහා ලෝකයේ බොහෝ රටවල් විවිධ පර්යේක්ෂණ සිදු කෙරෙන අතර මේ එවැනි නව පරීක්ෂණයක් තුලින් අනාවරණය වී ඇති තොරතුරක්. එනම් කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවක් ලබා ගැනීම සදහා ලෝකයේ බොහෝ දෙනා මුහුණ ආවරණ පැළදීමට කටයුතු කරන අතර ඒ තුලිනුත් කෘත්‍රිම මුඛ ආවරණ වෙනුවට කපු රෙද්දෙන් නිපැවු මුඛ ආවරණ පැළදීම වැඩි ආරක්ෂාවක් […]
දිනයේ ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවේ දී අද විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා. ඒ් අනුව පෙරවරු 11 සිට පස්වරු 5.30 දක්වා පාස්කු කොමිෂන් සභා වාර්තාව විවාදයට ගැනෙන බව පාර්ලිමේන්තු මහාලේකම් ධම්මික දසනායක මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ.
පකිස්ථානයේ ඇදුම් මැසිමේ වෙළෙද සැලක් පවත්වාගෙන ගිය පස් දෙනකුගෙන් යුත් පවුලක් ගෙළ කපා ඝාතනය කර ඇති පුවතක් වාර්තා වෙනවා. මෙම සමුහ ඝාතනයට හේතුව මෙතෙක් අනාරණය වී නොමැති අතර මෙම ඝාතනය සිදු කරන්නට ඇති බවට පැවසෙන තියුණු ආයුධ එරට පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ මහාධිකරණය අද නියෝග කළා. ඒ තරුණයෙකු පැහැරගැනීමේ සිද්ධිය පිලිබදව නඩුව අද කැද වූ අවස්ථාවේ විත්තිකර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්.
මේ වන විට මෙරට කොරෝනා එන්නත්කරණ වැඩපිලිවෙල යටතේ ජනතාවට 743,775කට එන්නත් ලබා දී තිබෙනවා. මේ මාසය තුළ රජය ඇණවුම් කළ ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් දිවයිනට ලැබීමට නියම්ත බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සදහන් කරයි. එමෙන්ම ඉතිරි එන්නත් මාත්‍රා ලක්ෂ 05 ලබන මාසයේදී මෙරටට ලබාදීමට එම සමාගම එකඟ වී ඇත. ඒ අනුව මෙරට කොරෝනා […]