News Line| Off Air
Generic placeholder image

Jan
15

බදාදා PCR කළ මන්ත්‍රීවරුන්ගේ ප්‍රතිඵල නිකුත් වෙයි

Generic placeholder image

පෙරේදා දිනයේ පී.සී.ආර්. පරීක්ෂණ සිදු කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 15 දෙනාගේ ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා. ඒ අනුව ඔවුන්ට කොරෝනා වෙෙරසය ආසාදනය වී නොමැති බවට එම ප්‍රතිඵලවලින් තහවුරු වී ඇති බවයි වාර්තා වන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් සහ අමාත්‍ය වාසුදේව නානායක්කාර යන මහත්වරුන්ට වෙෙරසය ආසාදනය වීමත් සමග ඔවුන්ව සමීපව ඇසුරු කළ පිරිසක් හඳුනා ගැනුණා. ඔවුන්ට නිරෝධායනය වන […]


Jan
15

කොරෝනා වසංගතය මැද ඉන්දියාවේ කුම්බමේලා සැණකෙලියත් ආරම්භ වෙයි

Generic placeholder image

ලොව පුරා පැතිර යන කොරෝනා වසංගත තත්වය මධ්‍යයේ ඊයේ දිනයේ ඉන්දියාවේ කුම්බමෙලා සැණකෙලිය ආරම්භ වී තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. ගංගා නදියේ දිය නා පව් සෝදා මෝක්ෂය මෙම සැණකෙළියේදී ඉන්දියානු වැසියෝ බලාපොරොත්තු වන අතර ඒ සදහා මේ වන විට දහස් ගණනක් පිරිස් එක්රැස් ව සිටින බවයි පැවසෙන්නේ. ඒ අතර බොහෝ පිරිසක් මුහුණු ආවරණ පවා […]


Jan
15

නව වෙෙරසය ආසාදනය වූ එංගලන්ත ක්‍රීඩක මොයින් අලී ට තවදුරටත් ප්‍රතිකාර

Generic placeholder image

කොවිඩ් 19 වෙෙරසයේ නව ප්‍රභේදය ආසාදනය වී සිටින එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක මොයින් අලී තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටිනවා. සෞඛ්‍ය  අමාත්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ, මොයින් අලීව වෙන්කර තබා ප්‍රතිකාර කිරීම හේතුවෙන් ඔහුගෙන් සමාජයට වෙෙරසය ව්‍යාප්ත වීමක් සිදු නොවන බවයි. ඒ සඳහා සියලු පියවර මේ වනවිටත් ගෙන ඇතැයි ද විශේෂඥ වෛද්‍ය සුදත් […]


Jan
15

නාවික හමුදාවට නව මාණ්ඩලික ප්‍රධානියෙක්

Generic placeholder image

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ මහතා පත්කර තිබෙනවා. අදාළ පත් වීම කරනු ලැබ ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්.


Jan
15

තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකට අදත් PCR

Generic placeholder image

තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අද දිනයේත් PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා. එහි පළමු අදියර ඉකුත් 13 වෙනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී ඇතුළු 463 දෙනකු හට PCR පරීක්ෂණ සිදු කල අතර අද දිනයේ දෙවන අදියර පැවැත්වෙන බවයි වාර්තා වන්නේ. ඒ අනුව අද පෙරවරු 09.00 සිට දහවල් 12.00 දක්වා මන්ත්‍රීවරුන් ඇතුළු නිලධාරීන් PCR පරීක්ෂණ සඳහා යොමු […]


Jan
15

ප්‍රංශයේ ඇඳිරි නීතිය දැඩි වෙයි

Generic placeholder image

කොරෝනා වෛරසය එරට තුල දැඩි ලෙස ව්‍යප්ත වීම සැලකිල්ලට ගෙන පවත්නා ඇඳිරි නීතිය හෙට සිට තවදුරටත් දැඩි කරන බව එරට අග්‍රාමාත්‍ය ජීන් කැස්ටෙක්ස් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබෙනවා. ඒ අනුව සවස 6 සිට පසුදා උදෑසන 6 දක්වා රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනු ඇති. දින 15 දක්වා මෙම ඇදිරි නීති කාලය පවත්වා ගෙන යාමට […]


Jan
15

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 50,000 පසු කරයි

Generic placeholder image

ශ්‍රී ලංකාවෙන් මේ දක්වා වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 50,899ක් බව සෞඛය අමාත්‍යාංශය පවසනවා. එහි වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ, වෛසරය ආසාදනය වූ 6,901 දෙනෙකු තවදුරටත් රෝහල්වල ප්‍රතිකාර ලබන බවයි. ඊයේ දිනය තුළදීත් නව ආසාදිතයින් 670 දෙනෙකු හඳුනා ගැනුණා. ඉන් ආසාදිතයින් 7 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ බන්ධනාගාර ආශ්‍රයෙන් වන අතර සෙසු ආසාදිතයින් 663 දෙනා වාර්තා වුණේ, […]


Jan
15

ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක් – තිදෙනෙක් මරුට

Generic placeholder image

ඉන්දුනීසියාවේ, සුලාවේසි දිවයිනේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. එය ප්‍රබලත්වය මැග්නිටියුඩ් ඒකක 6.2 ක් ලෙස සටහන් වී ඇති අතර එම භූ කම්පනයෙන් සිදු වූ අනතුරු වලින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තවත් 24 දෙනකු තුවාල ලබා තිබෙන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ. අවදානම් කලාපවල සිටින ජනතාව මේ වන විට ආරක්‍ෂිත ස්ථාන […]


Jan
15

වාහන දඩ ගෙවීමට දුන් සහන කාලය අදින් අවසන්

Generic placeholder image

තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල් සහ උප තැපැල් කාර්යාල මගින් රථවාහන දඩ ගෙවීමට දී තිබූ සහන කාලය අදින් අවසන් වන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය සැළකිල්ලට ගනිමින් අදාළ සහනය ලබා දීමට එම දෙපාර්තමේන්තුව පසුගියදා කටයුතු කළා. තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසුවේ, අදින් පසුව වරද කළ දින සිට දින 14ක් දක්වා අතිරේක දඩ […]


Jan
15

පොල් කඩන පිහියෙන් ඇන සිය බිරිද ඝාතනය කල සැමියාට මරණිය දණ්ඩනය

Generic placeholder image

වසර 08 කට පෙර වීරකැටිය ප්‍රදේශයේ දී අඹු සැමි යුවලක් අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් බිරිදව පොල් කඩන පිහියෙන් ඇන ඝාතනය කල තිදරු පියෙකුට එරෙහිව තංගල්ල පළාත් බද මාහධිකරණයෙන් මරණිය දණ්ඩනය ලබා දී තිබෙනවා. අදාල පුද්ගලයා රැකියාව ලෙස සිදු කර තිබෙන්නේ පොල් කැඩීම වන අතර මිට වසර 08 කට පෙර බිරිද සමග ඇති […]


Jan
15

“සිටි බස්” අධි සුඛෝපභෝගි බස් රථ සේවාව අද සිට

Generic placeholder image

පාර්ක් ඇන්ඩ් රයිඩ් සංකල්පය මත ක්‍රියාත්මක කිරීමට සැළසුම්කර තිබූ “සිටි බස්” අධි සුඛෝපභෝගි බස් රථ සේවාව අද සිට ආරම්භ වන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. එහි පළමු අදියර අදින් ආරම්භ වන අතර ඒ යටතේ කොළඹ අවට කාර්යාලයන්හි රාජකාරීවලට යන මගීන් සඳහා එම සේවාව ක්‍රියාත්මක වනවා. අදාළ මගීන් ප්‍රවාහනය මාකුඹුර සිට පිටකොටුව දක්වා සිදු වන බවයි […]


Jan
15

නවතම කොරෝනා ප්‍රභේද දෙකක් අමෙරිකාවෙන් වාර්තා වෙයි

Generic placeholder image

කොරෝනා වෛරස් කාණ්ඩයේ නව ප්‍රභේද දෙකක් මේ වන විට අමෙරිකාවෙන් හදුනාගෙන තිබෙන බව වාර්තා වී තිබෙනවා. ඒ ඇමෙරිකාවේ ඔහයෝ ප්‍රාන්තයෙන්. මෙම වෛරසයේ නව ප්‍රභේද 02 ක් එම ප්‍රාන්තයේ පුද්ගලයින් දෙදෙනෙකුට අසාදනය වී ඇති බව ඔවුන්ට සිදු කරනු ලැබූ පරීක්ෂණ තුලින් අනාවරණය වී තිබෙනවා. ඒ අනුව මේ වන විට කොරෝනා වෛරසයේ නව ප්‍රභේද 04 ක් ලෝකයට […]


News Articles
Latest Videos
Most Popular Post