පවත්නා කොරෝනා තත්ත්වය හේතුවෙන් ඇති වී තිබෙන වාතාවරණය හමුවේ කම්කරු අමාත්‍යවරයා කළ යෝජනාවකට අනුව පුද්ගලික අංශයේ සේවකයින්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් එකඟ වූ සහන කාල සීමාව ලබන මාර්තු මස අවසානය දක්වා දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත. ඒ අනුව 2020 දෙසැම්බර් මස 31 වනදායින් අවසන් වීමට නියමිතව තිබූ එම සහන කාලය ලබන මාර්තු මාසය අවසානය දක්වා […]
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට කොරෝනා වෙෙරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා. ඉකුත් දින කිහිපය තුළ අමාත්‍යවරුන් දෙදෙනෙකුට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොරෝනා වෙෙරසය වැළදී ඇති බවට තහවුරු වුණා. එහිදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් රැසක් වෙෙරසය ආසාදනය වූවන්ගේ ආශ්‍රිතයින් ලෙස හදුනා ගැනුණු අතර ඔවුන්ට පී.සී.ආර්. පරීක්ෂණ සහ නිරෝධායනය සදහා යොමු වන ලෙසයි දැනුම් දුන්නේ. […]
මලයාසියාව තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමට එරට අගමැති මුහයිඩීන් යස්සින් තීරණය කර තිබෙනවා. ඒ එරට තුල පැතිර යන කොරෝනා වෛරසය පාලනය කිරීම සැලකිල්ලට ගෙනයි. හදිසි තත්ත්වය අගෝස්තු මස 01 වැනිදා වෙනිදා දක්වා ක්‍රියාත්මක බවයි එරට බලධාරීන් සදහන් කරන්නේ.
මහියංගණය, කෙසෙල්පොත ප්‍රදේශයේදී අනියම් සැමියාට කැත්තකින් පහර දී ඝාතනය කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ මියගිය පුද්ගලයාගේ බිරිද වසර කිහිපයකට ඉහතදී මිය ගොස් ඇති අතර එම පුද්ගලයා සමග අදාළ කාන්තාව කලක සිට අනියම් ඇසුරක් පවත්වාගෙන ගොස් ඇති බවයි. එහිදී ඇති වූ ආරවුලක් දුර දිග යාම හේතුවෙන් පසුගියදා ඇති වූ ගැටුමකදී එම කාන්තාව අදාළ පුද්ගලයාට […]
වසර 4ක සිර දඩුවම් හිමි වූ හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතා නිරෝධායනය සදහා යොමුකර තිබෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ, රාමනායක මහතාව නිරෝධායනය සදහා මීගමුව, පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානය වෙත යොමු කළ බවයි. ශ්‍රේෂ්ඨාධිකරණය අද රන්ජන් රාමනායක මහතාට බරපතල වැඩ සහිතව වසර 4ක සිරදඩුවම් නියම කළේ, ඒ මහතාට එරෙහිව පවරා තිබූ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට අදාළ […]
ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ලෙස තේරී පත් වූ ජෝ බයිඩ්න් දෙවැනි කොවිඩ් එන්නත් මාත්‍රාව ලබා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුණා. ජෝ බයිඩ්න් වෙත පළමු එන්නත් මාත්‍රාව ලබා දුන්නේ, මීට සති තුනකට පමණ පෙරයි. අනෙකුත් ඇමරිකානුවන් තුළ ද ෆයිසර් එන්නත පිළිබඳ විශ්වාසය ඇති කිරීම සඳහා මෙලෙස එන්නත් ලබා ගත් බව ජෝ බයිඩ්න් පවසා තිබෙනවා. […]
නව තාක්ෂණයක් භාවිත කරමින් නම්‍යශීලි රාජකාරී වේලාවන් හඳුන්වා දීමට රජයේ අවදානය යොමුව තිබෙනවා. අද පැවැති කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මේ බව සදහන් කලේ. ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ සතියකට පැය 40ක සිය රාජකාරි වෙලාව සම්පුර්ණ කරන්නේ නම් සියලු දෙනාම එකම වේලාවකදී වැඩ ආරම්භ කිරීම සහ අවසන් කිරීම […]
හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට වසර 4ක බරපතල වැඩ සහිත සිර දඩුවම් නියමකර තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය එම නියෝගය නිකුත් කළේ, අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට රාමනායක මහතාව වරදකරු කරමින්. සිසිර ද ආබෲ, විජිත් මළල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඒකමතිකව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා. ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු […]
මුල්ලේරියාව පොලීසියට ලද තොරතුරක් මත කරන ලද විමර්ශනයකදී කුලියට වාහන ගෙන එම වාහන වලට ව්‍යාජ ලියකිවිලි සකස් කර අලෙවි කල ස්ථානයක් පොලිසිය විසින් වටලා තිබෙනවා. එහිදී වාහන 17ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වාහන කුලියට ගෙන එම වාහන වල එන්ජින් අංක වෙනස් කර විකුණ ඇති බවට කරුණු අනාවරණය වී තිබෙනවා. සිද්ධිය පිලිබදව පොලිසිය වැඩි දුර […]
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට රන්ජන් රාමනායක මහතාට එරෙහිව පවතින නඩුවේ තීන්දුව අද ලබා දීමට නියමිතව තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ එම තීන්දුව තව සුළු මොහොතකින් ලබා දීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ගත වූ සතියක කාලය තුල බස්නාහිර පළාතේ මුහුණු ආවරණ නොපැලඳව සිට අත් අඩංගුවට ගත් පුද්ගලයින් ගණන 2334 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. ඊයේ දිනයේත් පුද්ගලයින් 121 දෙනකු pcr පරීක්ෂණ සදහා යොමු කර තිබෙනවා. එම ප්‍රතිපල වාර්තා ලැබීමට නියමිත අතර මේ දක්වා සිදු කරනු ලැබූ pcr පරීක්ෂණ තුලින් පුද්ගලයින් 46 දෙනකු කොරෝනා ආසාදිතන් බව හදුනා ගෙන […]
සිය නැන්දණියට අමානුෂික ලෙස පහර දුන් ගම්පොළ, වල්ලහගොඩ ප්‍රදේශයේ කාන්තාවත් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ කාන්තාව සිය නැන්දණියට පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ද සංසරණය වෙමින් පවතිනවා. සිය නැන්දණියට පිහියකින් පහර දෙන එම කාන්තාව ඇයව තල්ලුකර දමන ආකාරයත් පසුව පහර කෑමට ලක් වූ කාන්තාව බිම ඇද වැටෙන ආකාරයත් අදාළ වීඩියෝවේ […]