ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර පිහිටි කැපිටල් ගොඩනැගිල්ලට ඇතුළු වී ඊට දැඩි අලාභහානි කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් කටයුතුකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. පිරිස අවි අතැතිව බලහත්කාරයෙන් අදාළ ගොඩනැගිල්ලට ඇතුළු වී දේපළවලට ද හානිකර, එහි පාලනය සියතට ගැනීමට කටයුතුකර තිබූ බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ. ට්‍රම්ප්ට සහයෝගය දක්මින් පැවැති විරෝධතාවක් අතරතුරදී මෙම තත්ත්වය උද්ගතව තිබූ අතර […]
අද දිනයේත් යුක්‍රේන සංචාරකයින් 192 දෙදෙනකු මෙරටට පැමිණීමට නියමිත බව වාර්තා වෙනවා. ඒ සංචාරකයින් සඳහා වන සංශෝධිත සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුවයි.
මීගහකිවුල ප්‍රදේශයේ පුද්ගලයෙකු කළ පහරදීමකින් ඔහුගේ පියා, මුත්තනුවන් සහ මිත්තණිය රෝහල්ගතකර තිබෙනවා. පොලිසිය පැවසුවේ අදාළ පුද්ගලයා සිය පියා ඇතුළු පිරිස පදිංචි නිවසට පැමිණ ඔවුන්ට පොල්ලකින් පහර දී ඇති බවයි. එම පහර දීමට හේතුව මෙකෙන් අනාවරණ වී නැහැ. සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ අදාළ පුද්ගලයාගේ පියා, මුත්තනුවන් සහ මිත්තණිය මීගහකිවුල රෝහලට ඇතුළත් කෙරුණා. පොලිසිය පැවසුවේ වැඩිදුර ප්‍රතිකාර […]
බස්නාහිර පළාත තුල දින දෙකක් ඇතුලත මුහුණු ආවරණය නොපැළද සිටි පුද්ගලයින් 16 දෙනකු කොරෝනා ආසාදිතයින් බව හදුනා ගෙන තිබෙනවා. ඒ මුව ආවරණ නොමැතිව සැරිසැරූ පුද්ගලයින් හට කරන ලද ඇන්ටිජන් පරීක්ෂණ හා PCR පරීක්ෂණ වල ප්‍රතිපල මතයි. තවත් 700 කට අධික පිරිසකගේ PCR පරීක්ෂණ ප්‍රතිපල ලැබීමට නියමිතව තිබෙනවා.
මෙරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 219 දක්වා ඉහළ නංවමින් ඊයේ රාත්‍රී තවත් මරණ දෙකක් පිළිබද තොරතුරු වාර්තා වුණා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පැවසුවේ දෙහිවල සහ අලව්ව යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු එලෙස මිය ගිය බවට තොරතුරු ලැබී ඇති බවයි. ඔවුන් අවුරුදු 60 සහ 78 යන වයස්වල පසු වූවන්. […]
පොලිස් හදිසි ඇමතුම් අංකය වන 119 අමතා වැරදි තොරතුරු දෙමින් පොලිසිය නොමග යැවීමට උත්සහ කල දෙහිවල කල්දේරා පාර ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක් පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා. අදාල පුද්ගලයා පෙරේදා (5) දිනයේ හදිසි දුරකථන අංකය අමතා තොරතුරක් ලබා දී තිබෙන අතර ඒ පිලිබදව පොලිසිය කල විමර්ශයකදී අනාවරණය වී ඇත්තේ ඔහු පොලිසිය නොමග යැවීමට කටයුතු […]
ඊයේ රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ දිස්ත්‍රික්කයේ තවත් පොලිස් වසම් කිහිපයක් හුදෙකලා බවින් ඉවත් කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළා. ඒ අනුව හුදෙකලාකර තිබූ කොටහේන, ආදුරුප්පු වීදිය, රුවන්වැල්ල යන පොලිස් වසම් සහ කුරුදුවත්ත පොලිස් වසමේ 60 වත්ත ප්‍රදේශය එම තත්ත්යෙන් ඉවත් වනු ඇති.
උතුරු, නැගෙනහිර,උතුරු-මැද, මධ්‍යම සහඌව පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මධ්‍යම සහඌව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලටමි.මී. 50 ට වැඩි තරමක් තදවැසි ඇතිවිය හැක. සෙසුප්‍රදේශවල ප.ව. 1.00 න්පමණපසුවතැනින් තැන වැසි හෝ ගිගුරුම්සහිත වැසි ඇති වේ. සබරගමුව, බස්නාහිර සහවයඹපළාත්වලත්ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්ඇතැම්ස්ථාන වලටමි.මී. 100 ට වැඩි තදවැසි ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය […]
ගාල්ලේ ප්‍රධාන පෙළේ පාසලක පළමු ශ්‍රේණියට දරුවෙකු ඇතුළත්කර දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම පුද්ගලයා පවසා ඇත්තේ රජයේ ඉහළ පෙළේ නිලධාරීන් සමග තමන්ට සමීප සබදතා පැවැතීම හේතුවෙන් දරුවා අදාළ පාසලට ඇතුළත්කර දීමට හැකි බවයි. ඒ සදහා රුපියල් ලක්ෂ හයක මුදලක් අවශ්‍ය බවත් ඔහු පවසා තිබුණා. කෙසේ වෙතත් එම පුද්ගලයා සිදු […]
ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයක කුරුළු උණ පැතිරෙමින් පවතින බව එරට වාර්තා සදහන් කරනවා. ඒ හේතුවෙන් ප්‍රාන්ත කිහිපයක පක්ෂීන් මැරී වැටී හමුව තිබෙන අතර කුරුලු උණ මිනිස්සුන්ට වැළදීමේ ප්‍රතිශතය අවම මට්ටමක පවතින නමුත් පක්ෂීන් ඇල්ලීමෙන් වලකින ලෙස ද එරට බලධාරීන් ජනතාව දැනුවත් කර තිබෙනවා.
කන්කසන්තුරයේ සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර කන්කසන්තුරයේ සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ වල සුළං ගිණිකොණ දෙසින් හමන අතර දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ වල සුළං නිශ්ච්ත දිශාවකින් තොරව හමයි. සුළගේ […]
ඉකුත් 31 වැනිදා පොළොන්නරුව, ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පළා ගිය කොරෝනා ආසාදිත රැඳවියන් පස් දෙනාගෙන් තවත් අයෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. ඒ ආරච්චිකට්ටුව, ආනවිලුන්දාව ප්‍රදේශයේදීයි. එලෙස අත්අඩංගුවට ගත් තැනැත්තා 52 හැවිරිදි වියේ පසු වූ රැදවියෙක් වන අතර ඔහුට රැඳී සිටීමට උපකාර කළ පුද්ගලයාව ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ. එලෙස පළා […]