News Line| Off Air
Generic placeholder image

Dec
11

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන කෝටි හත පනියි

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසය ආසාදනය වූ ලොව පුරා පුද්ගලයින් ගණන කෝටි හත ඉක්මවා ගොස් තිබෙනවා. එම ගණන 70,720,317ක්. වාර්තා වී ඇති මරණ ගණන 1,588,437ක් වනවා. ඊයේ දිනය තුල පමණක් අමෙරිකාවෙන් කොරෝනා ආසාදිතයින් 200,718 ක් වාර්තා වුණා.


Dec
11

මහනුවර පාසල් 42ක් ලබන සඳුදා සිට යළි ඇරඹේ

Generic placeholder image

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබු මහනුවර නගර සීමාව තුළ ඇති පාසල් 42ක් එළඹෙන සඳුදා දින සිට යළි විවෘත කිරීමට තීරණය කර ඇති බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා සදහන් කළා. ඒ අනුව වසා දමා තිබු පාසල් 45න් පාසල් තුනක් හැර සෙසු පාසල් සියල්ල මෙලෙස විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.


Dec
11

LPL තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබු කණ්ඩායම්

Generic placeholder image

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා කණ්ඩායම් 4ක් සුදුසුකම් ලබා තිබෙනවා. ඒ දඹුල්ල වයිකින්ග්, කලම්බු කිංග්ස්, ජැෆ්නා ස්ටැලියන්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් යන කණ්ඩායම්. ඊයේ පැවැති කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර පැවැති තරඟයෙන් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම කඩුලු 9කින් පරාජයට පත් කිරීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත් වුණා.


Dec
11

නාවලපිටියේ පාසලක සිසුවියකටත් කොරෝනා

Generic placeholder image

නාවලපිටිය ප්‍රදේශයේ පාසලක 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියකට කොරෝනා වෛරසය අසාදනය වී තිබෙන සිදු කරනු ලැබූ pcr පරීක්ෂණයකින් හදුනාගෙන තිබෙන බව වාර්තා වෙනවා. අදාල සිසුවියගේ පියාටද මීට පෙර වෛරසය අසාදනය වී තිබෙන බව හදුනාගෙන තිබෙන අතර මේ වන විට ඇය ඇසුරු කල පාසලේ ගුරුවරු 4ක් හා සිසුවියන් 16 දෙනෙක් නිරෝධායනය සදහා යොමු කර තිබෙනවා.


Dec
11

සංචාරක කලාප වල යටිතල පහසුකම් සංවර්ධනය නව වැඩපිළිවෙලක්

Generic placeholder image

සංචාරක කලාප වල යටිතල පහසුකම් සංවර්ධනයට අන්තර් අමාත්‍යංශ ඒකාබද්ධ වැඩපිළිවෙලක් සැකසීමට පියවර ගෙන තිබේ.ඒ අනුව සංචාරක අමාත්‍යංශය, මහාමාර්ග අමාත්‍යංශය, ජල සම්පාදන අමාත්‍යංශය, විදුලිබල අමාත්‍යංශය, ග්‍රාමීය මාර්ග හා අව‍ශේෂ යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යංශය වැනි ඊට අඳාල අමාත්‍යංශ වල සහය ඒ සඳහා ලබාගන්නා බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. සංචාරක ව්‍යාපාරය නැවත ආරම්භ කිරීමේදී සංචාරක කලාප […]


Dec
11

ඊයේ දිනයේ නව කොරෝනා ආසාදිතයින් 538ක් හදුනා ගැනේ

Generic placeholder image

ඊයේ දිනයේ මෙරටින් නව ආසාදිතතතයින් 538 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. එයින් වැඩිම ආසාදිතයින් ගණනක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එම ගණන 304 ක්. මහනුවර දිස්ත්‍රික්කයෙන් 38ක් හා ගම්පහ දිස්ත්‍රික්කයෙන් 28ක් නව ආසාදිතයින් වාර්තා වී තිබෙනවා. ඊයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් 68 දෙනෙක් විදෙස්ගතව සිට මෙරටට පැමිණි අය වන අතර මේ අනුව මේ දක්වා මෙරටින් හදුනාගෙන තිබෙන සමස්ත […]


Dec
11

අද වැසි රහිත කාලගුණයක්

Generic placeholder image

සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ දකුණු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මඩකළපුව, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක උදය කාලයේදී වැසි ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන […]


Dec
10

කොරෝනා වැළඳී මියයන පුද්ගලයින්ගේ සිරුරු භූමිදාන කිරීමට ඇති හැකියාව ගැන සෙවීමට අගමැතිගේ ප්‍රධානත්වයෙන් හමුවක් (ඡායාරූප)

Generic placeholder image

කොරෝනා වෛරසයෙන් මියයන පුද්ගලයින්ගේ මෘත දේහ භූමිදානය කළ හැකි දැයි සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ සෞඛ්‍ය ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද පැවැත්වුණා. වෛරසයෙන් මියයන පුද්ගලයින්ගේ දේහ භූමි දානය කිරීම සඳහා සෞඛ්‍ය විශේෂඥයින්ගේ උපදෙස් අනුව භූගත ජල මට්ටම ඉතා ගැඹුරු, වියළි භූමියක් තෝරා ගත යුතු යැයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී උපදෙස් දුන්නා. […]


Dec
10

විදෙස්ගතව සිට දිවයිනට පැමිණි 69කටත් කොරෝනා

Generic placeholder image

විදෙස් රටවල සිට මෙරටට පැමිණි පිරිසකටත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබෙනවා. එම සංඛ්‍යාව 69ක්. ඒ අනුව අද දිනය තුළ වාර්තා වූ සමස්ත රෝගීන් ගණන 538ක් දක්වා ඉහළ ගියා.


Dec
10

රත්ගම වැඩ විසූ නෙදර්ලන්ත හිමිනමගේ අපවත් වීම ඝාතනයක් බවට සැකයක්?

Generic placeholder image

රත්ගම, පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ වැඩ විසූ නෙදර්ලන්ත හිමිනමගේ අපවත් වීම ඝාතනයක් බවට සැක මතුව ඇතැයි වාර්තා වනවා. එම හිමිනමගේ දේහය පසුගියදා රාත්‍රියේ රත්ගම කලපුවේ තිබී හමු වූ අතර පොලීසිය පැවසුවේ, 60 හැවිරිදි උන්වහන්සේ නෙදර්ලන්තයේ ජිනරතන නමින් පැවිදිව වැඩ වාසයකර ඇති බවයි. 35 වසරක් පැවිදිව සිටි උන්වහන්සේ මියන්මාරය සහ තායිලන්තය වැනි රටවල මින් පෙර වැඩවාසය කර තිබුණා. […]


Dec
10

තවත් කොරෝනා මරණ දෙකක් වාර්තා වෙයි

Generic placeholder image

මෙරටින් වාර්තා වන කොරෝනා මරණ ගණන 146 දක්වා ඉහළ ගියා. ඒ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තවත් කොරෝනා මරණ දෙකක් පිළිබඳ තොරතුරු තහවුරු කිරිමත් සමගයි. එලෙස මියගොස් ඇත්තේ කොළඹ 2 සහ වැලිගම යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවන් දෙදෙනෙක්. ඔවුන්ගේ මරණ පිළිබඳ තොරතුරු පහතින් :


Dec
10

කොරෝනා වැළඳී රෝහල්ගත වන සහ මියයන රජයේ සේවකයින්ට ලැබෙන දේ

Generic placeholder image

කොරෝනා වෛරසය වැළඳී රෝහල්ගත වන රජයේ සේවකයින්ට දිනකට රුපියල් 3,000 බැගින් දින 10ක් ලබා දීමට තීරණයකර තිබෙනවා. ඒ, අග්‍රහාර රක්ෂණාවරණය යටතේයි. එමෙන්ම කොරෝනා වෛරසයෙන් මියයන එම සේවකයින්ට අදාළ රක්ෂණාවරණය යටතේ රුපියල් ලක්ෂ 7ක වන්දියක් ගෙවීමටත් තීරණය වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post