News Line| Off Air
Generic placeholder image

Nov
19

පාසැල් ආරම්භය ගැන තීරණය ප්‍රකාශයට පත් කෙරේ

Generic placeholder image

බස්නාහිර පළාත සහ හුදකලා කර ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පාසල් මේ මස 23 වන සඳුදා ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සදහන් කරනවා. ඒ 6 සිට 13 දක්වා ශ්‍රේණි දක්වා යි.


Nov
19

ජනපති පාර්ලිමේන්තුවට එයි

Generic placeholder image

2021 අයවැය දෙවන වර කියවීමේ විවාදයේ දෙවන දිනය සදහා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව පැමිණ තිබෙනවා.


Nov
19

මුදල් භාවිතය අවම කර හැකි තාක් කාඞ්පත් මගින් ගනුදෙනු සිදු කරන්නැයි ඉල්ලීමක්

Generic placeholder image

මේ වන විට පවතින තත්වය හමුවේ හැකි තාක් ජනතාව මුදල් භාවිතය අවම කර කාඩ්පත් මගින් ගනුදෙනු සිදු කරන ලෙසට ශ‍්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමය ඉල්ලීමක් කරනවා. මුදල් හරහා කොරෝනා වෛරසය ව්‍යප්ත වීමේ අවදානමක් පවතින බැවින් එම අවදානම ද ඒ තුලින් අවම වන අතරම කාඞ්පත් මඟින් සිදුකරන ගනුදෙනු වලට වඩාත් හුරු වීමට ද එය අවස්ථාවක් බවයි පැවසෙන්නේ.


Nov
19

පාසල් ආරම්භ කිරීම පිලිබදව අවසන් තීරණය අද ප්‍රකාශයට

Generic placeholder image

කොරෝනා වෛරසය හේතුවෙන් පාසල් තුන්වන වාරය ආරම්භ කිරීම මේ මස 23 වෙනිදා දක්වා දිගු කල අතර කෙසේ වෙතත් ඒ පිලිබදව ද අවසන් තීරණය අද මාධ්‍ය වෙත ප්‍රකාශ කරන බව වාර්තා වෙනවා. ඊයේ පැවැති සෞඛ්‍ය බලධාරීන් හා අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් අතර කතිකාවේ ගත් අවසන් තීරණය මෙලෙස අද ප්‍රකාශ කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.


Nov
19

සිල් රෙදි නඩුවෙන් ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට නිදොස් කොට නිදහස්

Generic placeholder image

සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් වරදකරු වී වසර තුනක සිර දඬුවම් හා දඩ මුදල් නියම වී ඇප මත මුදාහැර සිටි හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට යන අය එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය නියම කළා. කුමුදුනි වික්‍රමසිංහ සහ දේවිකා අබේරත්න යන මහත්මීන් ගෙන් සමන්විත […]


Nov
19

අමු මාළු ආහාරයට ගත්තොත් වෙන දේ මෙන්න

Generic placeholder image

කොරෝනා වෛරසය සෑම පෘෂ්ඨයක් මතම රැදෙන බවට මේ වන විට සොයාගෙන තිබෙන නිසා අමු මාළු පෘෂ්ඨයන් මතද මෙම වෛරසය තිබීමට ඉඩ ඇති බැවින් අමුවෙන් මාළු අනුභව කිරීමෙන් වෛරසය සෘජුව ශරීර ගතවිය හැකි බවට වාර්තා වෙනවා. වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ සතුන්ගේ ආහාර ජීර්ණ පද්ධතිය අමු මාළු අනුභව කිරීම සඳහා සකස් වී තිබෙන නමුත් මිනිසාගේ එසේ නොවන බවත් […]


Nov
19

අමෙරිකාවේ පාසැල් ළමුන් අතර කොරෝනා වෛරසය සීග්‍රයෙන් පැතිර යයි

Generic placeholder image

මේ වන විට මාරාන්තික කොරෝනා වෛරසය හමුවේ බොහෝ පිඩාවට පත්ව සිටින ලොව පුරා රටවල් අතර ඇමෙරිකාව පෙරමුණේ තවමත් පසුවන අතර මේ වන විට ඇමෙරිකාව තුල කොරෝනා වෛරසය එහි පාසල් ළමුන් පුරා සීග්‍රයෙන් පැතිර යන බවට විදෙස් වාර්තා සදහන් කරනවා. ඒ අනුව එරට පාසල් ළමුන් ලක්ෂ 03 කට පමණ මේ වන විට මෙම වෛරසය ආසාදනය වී […]


Nov
19

ඊයේ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන 327ක්

Generic placeholder image

අද දින උදෑසන වන විට මෙරටින් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 327ක් හඳුනා ගෙන තිබෙනවා. දේශියව පුද්ගලයින් 325ක් සහ විදේශය රටවල සිට මෙරටට පැම්ණි විදේශිය මුහුදු ආරක්ෂකයින් 02 දෙනෙකු ලෙස එය වාර්තා වෙනවා. ඊයේ හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩ්ම ආසාදිතයින් පිරිසක් වාර්තා වන්නේකො ළඹ ප්‍රදේශයෙන් වන අතැර එම ආසාදිතයින් ගණන 157 ක්,ගම්පහ ප්‍රදේශයෙන් ආසාදිතයින් 111 ක්, රත්නපුර ප්‍රදේශයෙන් […]


Nov
19

අදත් ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

Generic placeholder image

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා.ඒ අනුව දකුණ, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මි. 75 ක පමණ තරමක් තද වැසි ඇතිවිය හැක. දකුණු පළාතේ සහ බස්නාහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය […]


Nov
18

මලාපවහන පද්ධති තුළත් කොරෝනා වෛරසය පැවැතිය හැකි බවට හෙළිදරව්වක්

Generic placeholder image

මලාපවහන පද්ධති තුළ ද කොරෝනා වෛරසය පැවතිය හැකි බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ, වෛරසයේ හැසිරීම තවමත් අධ්‍යයන මට්ටමේ පවතින බවයි.  මල ද්‍රව්‍ය ජල පද්ධතිවලට එකතුවීමේ හැකියාවක් පවතින බවත් ඒ තුළින් විවිධ ස්ථානවලින් වෛරසය හඳුනාගැනීමේ හැකියාව පවතින බවත් විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.


Nov
18

“මා සාර්ථක ද අසාර්ථක ද යන්න පිළිබඳ හොඳම මිනුම් දණ්ඩ ජනතා මතයයි” – ජනපති ජාතිය අමතමින් පවසයි

Generic placeholder image

තමන් සාර්ථක ද අසාර්ථක ද යන්න පිළිබඳ හොඳම මිනුම් දණ්ඩ ජනතා මතය මිස දේශපාලන විරුද්ධවාදීන් විසින් සමාජ ජාලවල පතුරන සංවිධානාත්මක බොරු ප්‍රචාර නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරනවා. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, අද රාත්‍රී ජාතිය අමතමින්. ජනතාව අපේක්ෂා කළ පරිදි රට සුරක්ෂිත කිරීමට අවශ්‍ය පියවර මෙම කෙටි කාලය තුළ ගෙන ඇති බවත්, ජාති […]


Nov
18

තවත් ආසාදිතයින් 92ක් වාර්තා වෙයි

Generic placeholder image

තවත් නව කොරෝනා ආසාදිතයින් 92ක් හඳුනාගෙන තිබෙනවා. යුද හමුදාපතිවරයා පැවසුවේ, ඔවුන් සියලු දෙනා මින් පෙර පෑලියගොඩ පොකුරෙන් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. ඒ අනුව අද දිනයේ මේ දක්වා වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 325ක්. එමෙන්ම දිවුලපිටිය සහ පෑලියගොඩ කොරෝනා පොකුරු ආශ්‍රයෙන් හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 14,893ක් ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post