රාගම පොලිසියේ ස්ථානාධිපතිවරයාට කොරෝනා වෛසරය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. මේ අතර දිවයින පුරා පොලිස් නිලධාරීන් 358 දෙනෙකුට කොරෝනා වෛසරය වැළඳී ඇති බවට හඳුනාගෙන ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවා. ඉන් 85 දෙනෙකු ඊයේ දිනය තුළ හඳුනාගෙන ඇති අතර බස්නාහිර පළාතෙන් පොලිස් නිලධාරීන් 199 දෙනෙකු වාර්තා වී ඇති බවයි එම මධ්‍යස්ථානය […]
ලබන 09 වෙනිදා සිට පවතින ඇදිරි නීතිය ඉවත් කල පසු මේ වන විට ශ්‍රී ලංකව තුන්වන මට්ටමේ අවදානම් මට්ටමට පැමිණෙන නිසාවෙන් ඒ සදහා අනුගමනය කල යුතු බව නව මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව අදාල පිළිපැදිය යුතු නව මාර්ගෝපදේශ මාලාව පහත පරිදි වේ,
නිරෝධායනය වන පුද්ගලයින් සඳහා ලබා දෙන බඩු මල්ල ගැනීමට වංචනික උත්සාහයක නිරත වූ තිදෙනෙකු පිළිබඳ තොරතුරු වාර්තා වනවා. බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය පැවසුවේ, එම බඩු මල්ල ගැනීමේ අරමුණින් නිරෝධායනය වූ අදාළ පුද්ගලයින් තිදෙනා පිළිබඳ දැනටමත් තොරතුරු ලැබී ඇති බවයි. ඔවුන් එලෙස නිරෝධායනය වී ඇත්තේ, තමන් පෑලියගොඩ මත්ස්‍යය වෙළඳසැලට ගිය බවත්, එහි වෙළෙඳුන්ගෙන් මාළු මිල […]
මේ වන විට කොරෝනා අසාදිත බව හදුනා ගැනෙන pcr පරීක්ෂණයේ වාර්තා ලබා ගැනීමට යම් සැලකිය යුතු කාලයක් ගත වීම නිසා එය ඉක්මනින් රෝගීන් හදුනා ගැනීම සදහා යම් ගැටළුවක් වී තිබෙනවා. ඒ හේතුවෙන් මිනිත්තු 20න් කොරෝනා ආසාදිත බව හදුනා ගැනෙන ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ මේ වන විට ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ඉතා ඉක්මනින් බොහෝ […]
මාවනැල්ලේ මංගල උත්සවයක මනාල යුවලකට සහ මනාලයාගේ මවට කොරෝනා වෛසරය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. මනාලයා කොළඹ ප්‍රදේශයේ සේවය කරන පොලිස් නිලධාරියෙකු වන අතර මංගල උත්සවයට කොළඹ සිට පැමිණි මනාලයාගේ පාර්ශවයේ සිව්දෙනෙකුට වෛරසය වැළඳී ඇති බවට පරීක්ෂණවලින් තහවුරු වුණා. ඉන් පසු මනාල යුවළට සහ මනාලයාගේ පාර්ශවයට සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණයේදී එම යුවලට සහ මනාලයාගේ […]
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය (LPL) පැවැත්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ කොරෝනා මර්දනය කිරීම සඳහා වූ කාර්ය සාධක බලකාය අවසර ලබා දී තිබෙන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරනවා. එතුමා මේ පිලිබදව සදහන් කලේ සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින්.
රිජ් ආර්යා ළමා රෝහලේ වෛද්‍යවරයෙකු ඇතුළු 33 දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. ඔවුන්ගෙන් 20 දෙනෙකු දරුවන් වන අතර 12 දෙනෙකු මව්වරුන් බව රිජ්වේ රෝහලේ අධ්‍යක්ෂවරයා පවසනවා. මේ අතර එම රෝහලේ වෛද්‍යවරයෙකුට ද වෛසරය ආසාදනය වී ඇති බවට හඳුනාගැනුණා. කෙසේ වෙතත් එම වෛද්‍යවරයාට වෛසරය වැළඳී ඇත්තේ රෝහල තුළින් නොවන බව තහවුරු වී […]
පූගොඩ, ජර්මන්වත්ත ප්‍රදේශයේ පිහිටි පාළු නිවසක වහලයේ එල්ලෙමින් තිබූ තරුණ මළ සිරුරු දෙකක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. එලෙස සිය දිවි හානි කරගෙන ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 21 හැවිරිදි තරුණයෙක් සහ 16 හැවිරිදි පාසල් සිසුවියක්. සිද්ධිය පිලිබදව කරන ලද පරීක්ෂණ වලින් අනාවරණය වී තිබෙන්නේ ඔවුන්ගේ පෙම් සබදතාවට දෙදෙනාගේම පවුල් වල දෙමවුපියන් අකමැති වී සිට ඇති බවයි. […]
අද වන විට බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවලට අනුයුක්ත සේවය කරන පොලසි නිලධාරීන් 199 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව වාර්තා වෙනවා. මේ අතර එම පුද්ගලයින් ඇසුරු කල නිලධාරීන් 1500 කට අධික ප්‍රමාණයක් නිරෝධායනයට යොමු කර තිබෙනවා.
මින් පෙර හුදෙකලා ප්‍රදේශ ලෙස නම්කර තිබූ කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය සහ ගලිගමුව යන පොලිස්බල ප්‍රදේශ යළි විවෘත කර තිබෙනවා. ඒ අනුව අද සිට එම පොලිස්බල ප්‍රදේශ හුදෙකලා තත්ත්වයෙන් මුදා හරින බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ.
තවත් කොරෝනා වෛසරස් ආසාදිතයින් 170 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඔවුන් සියලු දෙනාම ආශ්‍රිතයින්. ඒ අනුව, අද දිනයේ මේ දක්වා හඳුනාගත් කොරෝනා ආසාදිතයින් ගණන 383ක් වන අතර මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 12,570ක් දක්වා ඉහළ ගියා. එමෙන්ම මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරුවලින් මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 9,092ක් බවයි යුද හමුදාපතිවරයා පවසන්නේ.
කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 213 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළා.. එහි ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, එලෙස හඳුනාගත් සියලු දෙනා මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 12,400 දක්වා ඉහළ ගියා.