News Line| Off Air
Generic placeholder image

Nov
5

තවත් කොරෝනා මරණ 5ක් වාර්තා වෙයි

Generic placeholder image

දිනයකදී සිදු වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව අද වාර්තා වුණා. එම සංඛ්‍යාව 5ක්. ඒ අනුව කොළඹ 2, වැල්ලම්පිටිය, කොළඹ 12, කොළඹ 14, කොළඹ 15 යන ප්‍රදේශවල පදිංචිව සිටි අවුරුදු 46, 68, 58, 73 සහ 74 යන වයස් කාණ්ඩවල පසුවන කාන්තාවන් තිදෙනෙකු සහ පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. ඔවුන්ගේ මරණ නිවෙස්වල සහ රෝහල්වල ආදී වශයෙන් වාර්තා වී […]


Nov
5

කොරෝනා මර්දනයට අදත් ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස් රැසක්

Generic placeholder image

කොරෝනා වෛසරයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට කරුණු පැහැදිලි කෙරෙන දෛනික සාකච්ඡාව අදත් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ කොවිඩ් මර්දන කාර්ය සාධක බලකායේ සාමාජිකයින් අතරයි. එහිදී ජනාධිපතිවරයා නිලධාරීන් අමතමින් කියා සිටියේ ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු ස්වයං නිරෝධායන ක්‍රියාවලිය දැඩිව නිරීක්ෂණය කරන ලෙසයි. මේ වනවිට දිවයන පුරා නිවෙස් 31,457ක 84,000කට ආසන්න පිරිසක් […]


Nov
5

අතවශ්‍ය භාණ්ඩ දිස්ත්‍රික්ක අතර ප්‍රවාහනය සදහා ඇදිරි නීති බලපත්‍ර අවශ්‍ය නෑ

Generic placeholder image

අතවශ්‍ය භාණ්ඩ සහිතව දිස්ත්‍රික්ක අතර ප්‍රවාහනය කරන ලොරි රථ සදහා ඇදිරි නීති බලපත්‍ර අවශ්‍ය නොවන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබෙනවා. ඒ ඊයේ පැවැති කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය රැස් වූ අවස්ථාවේ ගත් තීරණයකට අනුවයි.


Nov
5

අනවසර විදුලි රැහනක් උසස් පෙළ සිසුවෙක්ට මරු කැඳවයි

Generic placeholder image

හතරලියද්ද, ඇලෝටුව ප්‍රදේශයේ පිහිටි කුඹුරු යායක් සතුන්ගෙන් ආරක්ෂාකර ගැනීම සඳහා ඒ වටා ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලී 19 හැවිරිදි තරුණයකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔහු මෙවර පැවැත්වෙන උසස් පෙළ විභාගය සඳහා පසුගිය 2වැනිදා සහභාගී වී ඇති අතර පෙරේදා දිනයේ ද විභාගයට සහභාගී වීමට සූදානමින් සිට තිබෙනවා. එම සිසුවා 2වැනිදා රාත්‍රියේ වෙනත් නිවසක සිට සිය නිවස […]


Nov
5

ලෝක තරුණ ප්‍රජාව අතර කොරෝනා ව්‍යාප්තිය ඉතා ඉහළ මට්ටමක තිබෙනවා – WHO

Generic placeholder image

මේ වන විට කොරෝනා ව්‍යාප්තිය හමුවේ තරුණ ප්‍රජව ඉලක්කයක් වී ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනතුරු ඇගවීමක් කරනවා. එම දත්ත වාර්තා අනුව වර්තමානයේදී වසංගත කාලය තුළ තරුණ තරුණියන් වැඩි වශයෙන් කොරෝනා වෛරසයට ගොදුරු වීමක් දැක ගත හැකි බවයි. ඒ අනුව වයස අවුරුදු 15ත් 24ත් අතර කොරෝනා ව්‍යාප්තිය ප්‍රතිශතයක් ලෙස 14%ක් දක්වා වයස අවුරුදු 25ත් 64ත් […]


Nov
5

කටුගස්තොටින් ආසාදිතයෙක් – ආශ්‍රිතයින් 12ක් නිරෝධායනයට

Generic placeholder image

කටුගස්තොට, කුඩුගල ප්‍රදේශයෙන් කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයෙකු හඳුනාගෙන ඇති බව කටුගස්තොට පොලිසිය පවසනවා. ඒ අනුව ඔහුගේ ආශ්‍රිතයින් 12 දෙනෙකු මේ වනවිට නිරෝධායනයට යොමු කර තිබෙනවා. අදාළ පුද්ගලයා කුරුණෑගල ප්‍රදේශයේ වෙළඳ ආයතනයක සේවය කරන අතර ඉකුත් පළමුවැනිදා කුරුණෑගල ප්‍රදේශයේ සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු වී තිබුණා. ඉන් නිකුත් වූ වාර්තාව අනුව ඔහු ආසාදිතයෙකු බවට හඳුනාගෙන ඇත්තේ […]


Nov
5

පී.සී.ආර්. කරන්න යුද හමුදාවත් මැදිහත් වෙයි

Generic placeholder image

කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම සඳහා කෙරෙන පී.සී.ආර් පරීක්ෂණ සිදුකිරීමට යුද හමුදාව මැදිහත් වී තිබෙනවා. යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යුද හමුදාවට පී.සී.ආර්. යන්ත්‍රයක් පිරිනමා ඇති බවයි. ඉදිරියේදී තවත් යන්ත‍්‍ර ගෙන්වා දෛනිකව සිදු කෙරෙන පී.සී.ආර් පරීක්ෂණ සංඛ්‍යාව ඉහළ නැංවීමට යුද හමුදාවේ දායකත්වය ලබා දීමට කටයුතු කරන බව ද යුදහමුදාපතිවරයා කියා […]


Nov
5

ඇමෙරිකා ජනපතිවරණයට පසු දින එරටින් වාර්තාගත කොරෝනා ආසාදිතයින් ගණනක්

Generic placeholder image

ඇමෙරිකා ජනපතිවරණය මේ වන විට පවත්වා අවසන්. එහි ජන්ද ප්‍රතිපල අවසන් අදියරේ ගණනය කිරීම් සිදු වන පසුබිමක එරට ජනපතිවරණය පැවැත් වූ පසු දිනම වාර්තා ගත කොරෝනා ආසාදිතයින් ප්‍රමාණයක් හදුනාගෙන තිබෙනවා. එය සටහන් වන්නේ එක් ලක්ෂ දෙදෙහස් පන්සීය අනු එකක් ලෙසයි. මේ අතර රෝගීන් රෝහල් වෙත ඇතුලත් කර ගැනීමේදී ද ඉතා තදබදයක් පවතින බවයි එරටින් වාර්තා […]


Nov
5

දිනකදී සුව වූ වැඩිම සංඛ්‍යාව වාර්තා වෙයි – 765ක් නිවෙස් වෙත

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදනය වී, සුව වූ සංඛ්‍යාව අද 6000 පසු කළා. ඒ, රෝහල්ගතව සිටි 765 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමගයි. දිනකදී සුවය ලැබූ වැඩිම සංඛ්‍යාවත් මෙය වන අතර මින් පෙර එලෙස 506 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගියේ, පසුගිය පළමු වැනිදායි. මේ වනවිට පූර්ණ සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 6,623 දක්වා ඉහළ ගොස් […]


Nov
5

කොරෝනා ව්‍යාප්තය GPS තාක්ෂනය ඔස්සේ එක සිතියමකට ගත යුතුයි – GMOA

Generic placeholder image

මේ වන විට කොරෝනා රෝග ව්‍යාප්තිය GPS තාක්ෂනය උපයෝගී කරගෙන සිතියම්ගත කිරීමේ ක්‍රමවේදයක් මෙම සතිය තුළ ඇති කල යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරනවා. ඒ තුලින් නිවැරදිව දිනපතා වාර්තාවන රෝගීන් අනුව රටේ වැඩිම අවදානම ඇත්තේ කුමන පළාතේ ද දිස්ත්‍රික්කයේ ද ආදී වශයෙන් සොයා බලා හුදකලා කල යුතු ප්‍රදේශ හුදකලා කරමින් එම නගරයන් ආදී […]


Nov
5

දිගුකාලීන පෙණහලු රෝගීන්ට කොරෝනා ආසාදනය වුණොත් මැරෙනව ද?

Generic placeholder image

කොරෝනා වෛරසය හේතුවෙන් මරණයට පත් වූ බොහෝ දෙනෙකු දිගු කාලීන පෙණහලු දුර්වලතා පැවැති පුද්ගලයින් බවට ලන්ඩන් නුවර පර්යෂෙකයින් පිරිසක් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ඔවුන් තුළ පැවැති මෙම රෝග තත්ත්වයන් “දිගුකාලීන COVID ” ලෙස හැඳින්විය හැකි බවත්, එම රෝගීන් මාස ගණනාවක් පුරා එම රෝග ලක්ෂණවලින් පීඩා විඳිමින් සිටින්නට ඇති බවත් පර්යේෂකයින් පෙන්වා දෙනවා. කොරෝනා වෛරසය වැළඳී මරණයට […]


Nov
5

අනුරාධපුරේ ඒඩ්ස් මරණ 3 ක්

Generic placeholder image

ඒඩ්ස් රෝගය වැළඳීම හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පුද්ගලයන් තිදෙනකු මෙම වසරේ මියගොස් ඇති බව වාර්තා වෙනවා. ඒ අතර කාන්තවක් ද සිටින බවයි පැවසෙන්නේ. මේ පිලිබදව අදහස් දක්වමින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ලිංගික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරිවරිය සදහන් කලේ මේ වසර තුල එච්.අයි.වී. වයිරසය අසාදනය වූ රෝගීන් 11 දෙනකු පමණ හදුනාගෙන ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post