ගම්පහ ඇතුළු පොලිස්බල ප්‍රදේශ 64කට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් එලෙසින්ම ක්‍රියාත්මක බව නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසනවා. පොදු සහ පෞද්ගලික ප්‍රවාහන සේවා තුළ නිසි ලෙස නිරෝධායන නීති අනුගමනය නොකළ තත්ත්වයක් දක්නට ලැබුණු බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේ. මේ අතර කොරෝනා ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් නිවෙස් තුළම නිරෝධායනයට ලක් කිරීමට […]
මේ වන විට ශ්‍රී ලංකාව පුරා දෙවන කොරෝනා රැල්ල ප්‍රබල ලෙස දැඩි බලපෑමක් එල්ල කරමින් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය සදහන් කරනවා. දිවුලපිටිය සහ මිනුවන්ගොඩ ආශ්‍රිත කොරෝනා රැල්ල මෙන්ම පෑලියගොඩ අනුපොකුරත් සමග දිවයිනේ සෑම ප්‍රදේශයකම පාහේ ආශ්‍රිතයින් සොයා ගැනීමට හැකි වී තිබීම අතිශය භයානක තත්වයක් බවයි එම සංගමය පවසන්නේ. මෙම පොකුරු වලට සම්බන්ධයක් නැති […]
හැටන් නගරය වහාම ක්‍රියාත්මක වන පරිදි මේ මොහොතේ සිට හුදෙකලා කර තිබෙනවා. යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, කොරෝනා වෛරස් ව්‍යාප්තිය සැළකිල්ලට ගනිමින් එය වැළැක්වීම සඳහා එම තීරණය ගත් බවයි.
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ආශ්‍රිතව කල පරීක්ෂණයකදී පුද්ගලයින් 18 දෙනකු හට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පී.සී.ආර්. පරීක්ෂණවලට ඉදිරිපත් කිරීමට සහ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගැනීමේදී අදාල පුද්ගලයින් මාළු වෙළෙඳ සංකීර්ණය අසල පිහිටි කුණු ඇළකට පැන පලාගොස් තිබෙනවා. කෙසේ වෙතත් පැන ගිය පිරිස සොයා මෙහෙයුම් දියත් කර ඇති අතර එම පිරිස අතර මත්කුඩු පානයට […]
මේ වන විට කොරෝනා වෛරසය හමුවේ ජනතාව නව ජිවන රටාවකට හුරු වී ඇති පසුබිමක මුව ආවරණයක් ඒ තුලින් එක් සුලබ කරුණක්. කෙසේ වෙතත් සෞඛ්‍ය අංශ අවදාරණය කර සිටින්නේ මුව ආවරණයක් උපරිම පැළඳිය යුත්තේ පැය 4 ක් පමණයි. එය ඉවත් කර කසළ බඳුනකට දමා නව මුව ආවරණයක් පැළඳ සිය වැඩ කටයුතු කරගෙන යෑම සෞඛ්‍යාරක්ෂිත බවයි. එමෙන්ම […]
දිවයිනේ පළාත් කිහිපයකට සහ දිස්ත්‍රික්ක කිහිපයකට අද දිනයේ වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ඌව, නැගෙනහිර, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට, මන්නාරම, මුලතිව්, වවුනියාව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් පස්වරු කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. ඌව පළාතට සහ අම්පාර දිස්ත්‍රික්කයට තරමක තද වැසි ඇති විය හැකි බවයි […]
ඇමරාකාවේ රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා නිල සංචාරක් සඳහා අද දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ, ඔහුගේ මෙරට සංචාරය තුළදී ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් සමග නිල සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි. ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ආසියානු සංචාරය අතරතුර අද දිනයේ ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිත අතර ඔහු ඊයේ අසල්වැසි ඉන්දියාවේ සංචාරය […]
නව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙකු පත් කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළා. ඒ අනුව කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා ලෙස සේවය කළ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා එම ධුරයට පත් කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, ඊට අදාළ පත්වීම ඊයේ රාත්‍රී සිදු කළ බවයි. වැඩබලන සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ එස්. ශ්‍රීධරන් මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැළසුම් අංශයේ නියෝජ්‍ය […]
තවත් කොරෝනා ආසාදිතයින් 261 දෙනෙකු හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ අනාවරණ කරනවා. ඉන් 27දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගෙන ඇති අතර අනෙක් 234 දෙනා මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොරෝනා පොකුරුවල අශ්‍රිතයින්. ඒ අනුව මෙරට මේ වනතෙක් හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 8413ක් දක්වා ඉහළ ගියා.
මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 8152 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඉන් 4203 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර 3933 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබෙනවා. මේ අතර කොරෝනා වෛරසය තවමත් මෙරට තුළ සමාජගතවීමක් සිදුව නැතැයි ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. අද පස්වරුවේ […]
තවත් කොරෝනා ආසාදිතයින් 280 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඉන් 15 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගෙන ඇති අතර සෙසු 265 දෙනා මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයින් බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.
කොරෝනා ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් ඔවුන්ගේ නිවෙස් තුළම නිරෝධායනයට ලක් කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ අනුව එම තීරණය අද සිට ක්‍රියාත්මක වනු ඇති. මේ අතර මෙරටින් හමුවී ඇති සමස්ත ආසාදිතයින් 7,872 ගෙන් 3,923 දෙනෙකු රෝහල් 32ක ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළා. එමෙන්ම සැකකටයුතු […]