News Line| Off Air
Generic placeholder image

Oct
9

හොරණ රෝහලේ හෙදියන් දෙදෙනෙක්ටත් කොරෝනා

Generic placeholder image

හොරණ රෝහලේ හෙදියන් දෙදෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට හදුනා ගෙන තිබෙනවා. මේ හේතුවෙන් එම රෝහලේ වාට්ටු දෙකක්ද ද තාවකාලිකව වසා දැමීමට රෝහල් බලධාරීන් පියවර ගෙන තිබෙනවා. මෙම කොරෝනා ආසාදනය වූ හෙදියන් දෙදෙනාගේ එක් හෙදියකුගේ ස්වාමි පුරුෂයා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවය කර තිබෙන බවද සදහන්.


Oct
9

කටුනායක ඇගළුම් කම්හලක සේවිකාවකටත් කොරෝනා ආසාදනය වෙයි

Generic placeholder image

කටුනායක ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන සේවිකාවකටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව ඇයට සිදු කරන ලද PCR පරීක්ෂණයේදී තහවුරු වී තිබෙනවා. මේ අනුව මෙම කර්මාන්ත ශාලවේ අනෙකුත් සේවක සේවිකාවන් හටද PCR පරීක්ෂණ සිදුකිරීමට නියමිත බවද වාර්තා වෙනවා.


Oct
9

පොලිස් නියෝග කඩ කොට මිනුවන්ගොඩ ඇගළුම් සේවකයින් සගවා ගෙන සිටි පිරිසටත් දැඩි නිතිය

Generic placeholder image

ඉකුත් දා පොලිසිය දුන් නියෝග අනුව කටයුතු නොකළ පුද්ගලයින්ට හා ඔවුන් සගවා ගෙන සිටි පිරිසටද එරෙහිව දැඩිව නිතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරන්නේ. මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ සේවය කරන පුද්ගලයින් හට ඉදිරිපත් වන ලෙසට පොලිසිය විසින් දී තිබු කාලය ඊයේ දිනයෙන් අවසන් වුණා.


Oct
9

රිජ්වේ ආර්යා ළමා රෝහලේ මාස 09ක බිලිඳෙක්ට කොරෝනා

Generic placeholder image

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මාස 09 ක් වයසැති බිලිඳෙක්ට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. . මේ අනුව එම දරුවා ද වැඩි දුර ප්‍රතිකාර සදහා මේ වන විට කොළඹ IDH රෝහලට ඇතුලත් කිරිමට පියවර ගෙන තිබෙනවා.


Oct
9

ඇදිරි නිතිය කැඩූ පුද්ගලයින් 91 ක් පොලිස් අත් අඩංගුවට

Generic placeholder image

ගම්පහ ප්‍රදේශයේ ඇතැම් තැන් වලට පනවා ඇති නිරෝධායන ඇදිරි නීතිය කඩ කල පුද්ගලයින් 91 දෙනකු මේ වන විට පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. එමෙන්ම මීට අදාල රථ වාහන 23 ක් ද පොලිස් භාරයට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.


Oct
9

හෝමාගම අඹන්පොල හා ලග්ගල කොරෝනා රෝහල් බවට පත් කරයි

Generic placeholder image

පවතින තත්වය හමුවේ වාර්තා වන කොරෝනා ආසාදිතයින් ඇතුලත් කිරීම සදහා තවත් රෝහල් තුනක් සූදානම් කර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරනවා. මේ අනුව හෝමාගම මූලික රෝහල, අඹන්පොල ප්‍රාදේශීය රෝහල හා ලග්ගල පල්ලේගම ප්‍රාදේශීය රෝහල මෙලෙස කොරෝනා සදහා සුදානම් කර ඇති රෝහල් වෙනවා. රෝගීන් වාර්තා වීම සලකා තවත් රෝහල් ඉදිරියේදී සූදානම් කරන බවද එම අමාත්‍යාංශය වැඩි […]


Oct
9

ඇඳිරි නීතිය පැනවූ ප්‍රදේශවල වෙළෙදසැල් විවෘතයි – නිවසකින් එක් අයෙකු පමණක් බැහැරට යන ලෙසට උපදෙස්

Generic placeholder image

මේ වන විට ඇඳිරි නීතිය පනවා ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රදේශ වල ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සදහා අද දිනයේදී අවස්ථාව ලබා දී තිබෙනවා. මේ අනුව අද පෙරවරු 08.00 සිට රාත්‍රී 08.00 ට දක්වා මෙලෙස සතොස, සමුපකාර, සුපිරි වෙළදසැල්, ඖෂධ හල්, ධිවර සංස්ථාව ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට වෙළෙදසැල් විවෘත ව තැබෙනු ඇති. මේ අනුව […]


Oct
9

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට සවස් කාලයේ වැසි

Generic placeholder image

දිවයිනේ උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සදහන්. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇතිවේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් […]


Oct
8

වේයන්ගොඩ ප්‍රදේශය කොරෝනා අධි අවදානම් කලාපයක් ලෙස නම් කරයි

Generic placeholder image

පවතින තත්වය හමුවේ කොරෝනා රෝගීන් වාර්තා වීමත් සමග වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශය අධි අවදානම් කලාපයක් ලෙස නම් කිරීමට පියවර ගෙන තිබෙනවා.. මේ අනුව එම ප්‍රදේශයේ ජිවත් වන ජනතාව වඩාත් සුපරීක්ෂාකාරීව කටයුතු කරන ලෙසයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරන්නේ.


Oct
8

නිකරුණේ ඇදිරිය පනවා රට අකර්මණ්‍ය කිරීමට රජය සූදානම් නෑ – පවිත්‍රා

Generic placeholder image

දිවයින පුරා ඇදිරිනීතිය පැනවීම පිලිබදව සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සදහන් කරන්නේ එය එතරම් පහසු දෙයක් නොවන බවත් අවශ්‍යතාවය අනුව එම කටයුතු සිදු කිරීමට රජය සුදානම් බවයි. විශේෂයෙන්ම රෝගීන් හමුවීම අනුව ඒ තීරණ ගනු ලබන බවද ඒ මහත්මිය වැඩි දුරටත් සදහන් කළා. බුද්ධි අංශ හා සෞඛ්‍ය අංශ ගනු ලබන තීරණ අනුව කටයුතු කරන බවත් කොවිඩ් […]


Oct
8

මිනුවන්ගොඩ පොලිසියේ සියලු නිලධාරීන් නිරෝධායනයට

Generic placeholder image

මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ සේවය කරන සියලුම පොලිස් නිලධාරීන් PCR පර්යේෂණ සදහා යොමු කර තිබෙන අතර ඔවුන් නිරෝධායනය කිරිමටටද පියවර ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටින්නේ. මෙලෙස නිරෝධායනයට ලක් කිරීමටද පියවර ගෙන තිබෙන්නේ එම පොලිස් ස්ථානයේ ආපන ශාලාවේ සේවය කරනු ලබන පුද්ගලයෙකු හටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු […]


News Articles
Latest Videos
Most Popular Post