විද්‍යුත් තැපැල් අතර වඩාත් ජනප්‍රිය සේවාවක් වන Gmail සේවාවේ යම් තාකෂණික දෝෂයක් හටගෙන තිබෙන බව එම සේවා පරිශීලකයින් සදහන් කරනවා. මේ අනුව එය හැකි ඉක්මනින් යථා තත්වයට පත් කරන බවයි අදාල බලධාරීන් සදහන් කරන්නේ.
දෙහිවල ජාතික සත්ව උද්‍යානය එම ස්ථානයෙන් වෙනත් ස්ථානයකට ගෙන යෑම සදහා යෝජනවක් ඉදිරිපත්ව තිබෙනවා. එම යෝජනාව පිලිබදව විෂයභාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ අවධානය යොමුව තිබෙන බව වාර්තා වෙනවා. මේ අනුව දෙහිවල සත්ව උද්‍යානය පිළියන්දල කහපොළ ප්‍රදේශයට ගෙන යාම සදහායි මෙම යෝජනාව ඉදිරිපත්ව තිබෙන්නේ. සතුන් කූඩු කර ඇති කිරීම වෙනුවට නවීන ලෝකයට ගැලපෙන පරිදි සත්ව හිංසනයෙන් […]
නව වන පාර්ලිමේන්තුව අද සවස 03 දක්වා කල් තබා තිබෙනවා. මේ අනුව එම කාලය තුලදී හෙට දිනයේ පාර්ලිමේන්තුවේ කටයුතු කතිකා කිරීම වෙනුවෙන් විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැදවා තිබෙන බවයි වාර්තා වන්නේ.
09 වෙනි පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නම පිළි ගන්නා බවයි කථානායක මහින්ද යාපා අබේවර්ධන සභාවට දැනුම් දී තිබෙනවා.
09 වන පාර්ලිමේන්තුවේ සභානායක ලෙස අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා හට තනතුරු හිමිව තිබෙනවා.
09 වන පාර්ලිමේන්තුවේ පළමු ( මංගල ) සභා වාරය මේ වන විට ආරම්භ කර තිබෙනවා. නවවන පාර්ලිමේන්තුවේ කථානායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා තේරී පත්ව තිබෙනවා.
දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ලසහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවත් ත්‍රිකුණාමලය, මුලතිව් සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයකසවස් කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන්. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතී.
ආසියානු රටවල බොහෝ මිනිසුන් තමන්ගේ සමේ පැහැය වෙනස් කර ගැනීම වෙනුවෙන් බොහෝ දේවල් සිදු කිරීමට පෙළඹීම බහුලව දක්නට ලැබෙන කරුණක්. මෙය බොහෝවිට සමාජයට දිස්වන්නේ මෙම රටවල සිනමාකර්මන්තයෙනි. එනම් චිත්‍රපටයක රඟපෑමට පැහැපත් සමක් තිබිය යුතු බව පොදු මතයක් වී තිබීමෙනි. එමෙන්ම බොහෝ දැන්වීම් මගින් ප්‍රදර්ශනය වන පැහැපත් සමක් විශේෂයෙන් සුදු සමක් සහිත කාන්තාවන් තම සැමියා සමඟ […]
මහර බන්ධනාගාරයේ රදවා සිටින රැදවියන් බැලීම සදහා ඊයේ (18) පෙරවරුවේ පැමිණි කාන්තාවක් බන්ධනාගාරය තුල සිටින සැකකරුවෙකු වෙත මත්කුඩු ලබා දීමට තැත් කර තිබෙනවා. ඒ කලිසම් වාටියක සගවා සුක්ෂම අයුරින් රැගෙන ආ මත්කුඩු පැකට් 02ක් වන අතර එය ලබා දීමට උත්සාහ කරන අවස්ථාවේදී එම කාන්තාව අත්අඩංගුවට ගැනීමට මහර බන්ධනාගාරයේ රාජකාරියේ නියුතු නිළධාරින් සමත් වී තිබෙනවා. සැකකරු […]
හදිසි විදුලි බිඳවැටීමත් සමඟ හටගත් විදුලි අර්බුදය මෙම සති අන්තය වන විට විසඳෙනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය සදහන් කරනවා. විශේෂයෙන්ම මේ වන විට නොරොච්චෝලේ විදුලි බලාගාරයේ විදුලි සැපයුම නැවතීමත් සමග උද්ගත වූ තත්ත්වය හමුවේ ඊයේ (18) දිනයේ සිට දින 4 ක කාලයක් විදුලි කප්පාදුවක් සිදුකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කළා. කෙසේ වෙතත් සිකුරාදා හෝ […]
ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් නන්දිකඩාල් කලපුව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ලබන සතියේ ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා. පසුගිය වසර 30 ක පමණ කාලය පුරාවට මෙම කලපුව ප්‍රතිසංස්කරණ කටයුතු නොකිරීම නිසා එම කලපුවේ ස්වභාවික සෞන්දර්යට හානි සිදු වී තිබෙනවා. එපමණක් නොව මෙම කලාපයේ ධිවර කටයුතු වල නිරත වන ජනතාවද සිය ආර්ථික කටයුතු නිසියාකාරව සිදු කිරීමට […]
මෙරටට ගැලපෙන අන්තර් ජාතික ප්‍රමිතියෙන් යුත් නව පාසල් විෂය නිර්දේශයක් හඳුන්වා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.මේ අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සදහන් කලේ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතාගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි. ඒ අනුව එක ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණිය දක්වා විෂය මාලාව සංශෝධනය කරන අතර ලේකම්වරයා ප්‍රකාශ […]