ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ වල පවතින කි‍්‍රයාකාරි වළාකුළු පද්ධතිය හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල තද වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ධීවර සහ නාවික ප්‍රජාව මේ පිලිබදව අවධානයෙන් පසුවිය යුතු බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියා.
අද සිට සති දෙකක කාලයක් බන්ධනාගාර රැඳවියන් බැලීම සඳහා ඥාතීන් කිසිවෙකුටත් අවස්ථාව ලබා නොදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. කොරෝනා වෛරසය පැතිරයාමේ අවදානම හේතුවෙන් මෙම තීරණය ගත් බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ජයසිරි තෙන්නකෝන් කියා සිටියා.
කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් බොලිවුඩ් සිනමාවේ සියළු චිත්‍රපට නිෂ්පාදන කටයුතු අත්හිටු වීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ලබන 19 වනදා සිට 31 වනදා දක්වා අතර කාලය තුලයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි අංක. 1090, ශ්‍රී ජයවර්ධනපුර, රාජගිරිය ලිපිනයේ ස්ථාපනය කර ඇති කොවිඩ් 19 වෛරසය පාලනය සඳහා වන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කර තිබෙනවා. මහජන සුභසිද්ධිය සහතික කිරීම සඳහා පොදු සෞඛ්‍ය හා සෙසු සේවාහි මනා සම්බන්ධීකරණයකින් යුත් නිවාරණ හා කළමනාකරණ පියවර ගන්නා බවට සහතික කිරීමේ […]
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත කටුනායක ගුවන් තොටුපළ වසා දැමීමට රජය තීරණය කර තිබෙනවා. කොරෝනා මර්ධන කාර්ය සාධක බලකායේ අද පැවති විශේෂ රැස්වීමකදී මේ තීරණය ගෙන ඇති බව සඳහන්. ඒ අනුව අද සිට සති 02 ක කාලයක් සඳහා කටුනායක ගුවන් තොටුපළට ගුවන් යානා ගොඩබැස්වීමට අවසර ලබා නොදීමට රජය තීරණය කර ඇති බව වැඩි දුරටත් […]
කොරෝනා නිරෝධායන මෙහෙයුම්වලට සම්බන්ධ වූ යුධ හමුදා නිලධාරියෙකුට, එම වෛරසය ආසාදනය වී ඇති බව හමුදා ප්‍රකාශකවරයා දැනුම් දී තිබෙනවා.
කොවිඩ් 19 වෛරසය සම්ප්‍රේෂණය වීම වැළැක්වීම වෙනුවෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග වෙනුවෙන් ස්ථාපිත කර ඇති ජනාධිපති කාර්යසාධක බළකායේ ප්‍රධානී ලෙස යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කර තිබෙනවා. මෙම කාර්ය සාධක බළකාය සෞඛ්‍ය අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශ්‍ය, ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, ගුවන් සේවා අධිකාරිය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, රාජ්‍ය බුද්ධි සේවාවන්හි ප්‍රධානීන්ගෙන් මෙම […]
අද (17) මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි කටාර්, බහරේන් සහ කැනඩා යන රට වලින් පැමිණෙන සියලු මගීන්ට ශ්‍රී ලංකාවට ඇතුළු වීමට අවසර නොමැති බව සිවිල් ගුවන්සේවා අධිකාරිය නිවේදනය කරනවා.
ශ්‍රී ලංකාව තුල ව්‍යප්ත වන කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුතුව සහ පාර්සල් භාර ගැනීමට අදාල සියලු මුදල් පරිහරණ කටයුතු වලින් අද දිනයේ සිට ඉවත් වීමට දුම්රිය ස්ථානාධිපතිවරුන් තීරණය කර තිබෙනවා ඒ අනුව අද දහවල් 12.00 සිට එම කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර තිබෙන්නේ. එමෙන්ම සියළු දුම්රිය ධාවනය […]
මේ දක්වා කාලය තුල කොරෝනා බවට සැකකෙරෙන රෝගීන් 280 දෙනෙකුගේ ජීව සාම්පල පරීක්ෂාව ලක් කිරීම සදහා වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමු කර ඇති බව වාර්තා වෙනවා. ශ්‍රී ලංකාව තුල මේ වන විට පුද්ගලයින් 28 දෙනෙකුට වෛරසය ආසාධිත වී ඇති බවට තහවුරු කරගෙන තිබෙනවා.
නිරෝධායන මධ්‍යස්ථාන ඉදිකිරිම් කටයුතු සදහා හමුදා භටයන් සිය ශ්‍රම දායකත්වය නොමදව සැපයු අයුරු දිස්වෙන ඡායාරූප මේ වන විටත් සමාජ මාධ්‍යන් තුල ප්‍රචාරය වෙම්න් පවති. ඉන් කිහිපයක්,
පවතින මාරාන්තික කොරෝනා වෛසරය හේතුවෙන් සහ එම වෛරසයෙන් ආරක්ෂා වීම සදහා දී ඇති සෞඛ්‍ය උපදෙස් එරට ජනතාව වැඩි වශයෙන් නොසලකා හැරිම හේතුවෙන් දින 15ක් සඳහා ප්‍රංශය වසාදැමීමට ජනාධිපති එමානුවෙල් මැක්රොන් පියවර ගෙන තිබෙනවා. ඒ අනුව එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම, රැකියාවට යාම, ව්‍යායාම කිරීම හෝ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම හැර අන් සියලු දෙනා සිය නිවෙස් […]