දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව පොලිස් වසමට අයත් යව 3.6 L කණුව අසල සුඛෝපබෝගී බස් රථයක් හදිසි ගිනි ගැනීමකට ලක්ව ඇති බව පොලීසිය සදහන් කරනවා. මාකුඹුර සිට ගාල්ල දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක් මෙලෙස ගිනි ගෙන ඇති බව පොලිසිය වැඩි දුරටත් සදහන් කරනවා. මේ වන විට ගින්න සම්පූර්ණයෙන් සම්පූර්ණයෙන් මැඩ පවත්වා ඇති බව පොලිස් විශේෂ […]
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමට එම පක්ෂය තීරණය කර තිබෙනවා. ඒ ඊයේ පස්වරුවේ රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ගත් තීරණයට අනුවයි.
පවතින තත්වය පාලනය කරගැනීමට ද කොරියාව ,ඉතාලිය , ඉරානයෙන් පැමිනෙන සියලු දෙනා ට සති දෙකක් ලංකාවට ඇතුළු වීම තහනම් කර ඇති බව වාර්තා වෙනවා.
කැනඩා අගමැති බිරිඳ ට කොරෝනා වැලදී ඇති බව තහවුරු වී තිබෙනවා. අමරිකානු ජනාධිපති පසුගියදා හමුවී සාකච්ඡාව ක් පවත්වනු ලැබූ මෙක්සිකෝවේ ජනපති මාධ්‍ය අධ්‍යක්ෂටත් කොරෝනා වැලදී තිබෙන අතර ඒ අනුව ට්‍රම්ප් ජනපතිටත් කොරෝනා අවදානමක් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් යුත් නව ලංකා නිදහස් පක්ෂය හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජනබලවේගය සමඟ එක්ව තිබෙනවා.
පාකිස්ථානයෙන් ගෙන්වන ලද අල කන්ටේනරයක අල ගෙඩි ලෙස ව්‍යාජ ලෙස අසුරා තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 75ක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මීගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගෝමරන්කඩවල – මැදවච්චිය වැවේ ගිලී පසුගිය 19 වැනිදා හාලිඇල විද්‍යා විද්‍යාලයේ සිසුන් සිව් දෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් එම විද්‍යාලයේ විදුහල්පතිවරයා ස්ථාන මාරු කර, ගුරුවරුන් හය දෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරයාද ඒ අතර සිටින බව පළාත් අධ්‍යාපන ලේකම් සන්ධ්‍යා අඹන්වල ප්‍රකාශ කළා. වගකීම් පැහැර හැරීම ඔවුන්ට එල්ල වී ඇති චෝදනාවයි.
විශ්වවිද්‍යාල විවෘතව තබන්නේද යන්න පිළිබඳ තීරණගැනීමේ වගකීම රජය විසින් උපකුලපතිවරුන්ට පවරා තිබෙනවා. මේ අතර හෙට (13) සිට සති දෙකක කාලයක් ගතවන තුරු පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීමෙන් වළකින ලෙස සමස්ත ලංකා වෘත්තිය දේශකයන්ගේ සංගමය උපකාරක පන්ති ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. එමෙන්ම අධ්‍යාපන අමාත්‍යංශයේ තීරණය අනුව යමින් සියලු පෞද්ගලික හා ජාත්‍යන්තර කතෝලික පාසල්ද හෙට සිට අප්‍රේල් 20 වැනිදා […]
මහ මැතිවරණය සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද නාම යෝජනා සඳහා අත්සන් තැබීම සිදුකළා. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කය සඳහායි.
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ඇමෙරිකාවේ ඇමේසන් සේවකයන්ට මේ මාසය තුළදී අසීමිත ලෙඩ නිවාඩු ලබාගැනීමේ අවස්ථාව පාලනාධිකාරිය විසින් උදාකර දි තිබෙනවා. කෙසේ වෙතත් ඒ සඳහා ගෙවීම් නොකරන බව සදහන්. එහෙත් කොවිඩ් -19 රෝගයෙන් පෙළෙන සේවකයන්ට වැටුප් සහිත සති දෙකක අසනීප නිවාඩු ලබාගැනීමේ අවස්ථාව ලබා දී ඇති බව විදෙස් වාර්තා පැවසුවා.
කොරෝනා වෛරසය ගැන අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා ඇතුළු ආයතනවල කාර්ය මණ්ඩල සාමාජිකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. එහි පළමුවැන්න අද (12) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණා. රෝගය හඳුනාගැනීම, ඉන් වැළකී සිටීම මෙන්ම ආරක්ෂාකාරීව ක්‍රියාකිරීම පිළිබඳව වෛද්‍ය දේශාන්ත දිසානායක මහතා කාර්ය මණ්ඩලය දැනුවත් කළා. මේ පූර්වාදර්ශය අනුව රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ සෑම ආයතනයකම වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නියමිත […]
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා හෙට දිනය තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් මෙම නියෝගය නිකුත් කළා. මුදල් විශුද්ධිකරණ පණත යටතේ පවතින නඩුවේ සාක්ෂිකරුවන්ට තර්ජනය කළ බවට වන චෝදනාවට අදාලව සජින් වාස් ගුණවර්ධන මහතා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.