News Line| Off Air
Generic placeholder image

Dec
9

ස්විස් තානාපති සේවිකාවට රටින් පිටවීමේ තහනම් නියෝගය ලබන 12 දක්වා දිගු කෙරේ

Generic placeholder image

පැහැරගැනීමට ලක්වූ බවට සඳහන් කරන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල සේවිකාවට රටින් පිටවීම තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය එළැඹෙන 12 දා දිගු කිරීමට එම අධිකරණය අද නියෝග කළා. ඒ එම නඩුව අද අධිකරණය හමුවේ විභාගයට ගැනීමෙන් අනතුරුවය. මීට පෙර නඩුව කැඳවූ අවස්ථාවේදී ඇයට අද තෙක් රටින් පිටවීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කිරිමට අධිකරණයට කටයුතු […]


Dec
9

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 69 වන අභිමානවත් සංවත්සරය අදයි

Generic placeholder image

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 69 වන අභිමානවත් සංවත්සරය අදට(09) ට යෙදී තිබෙනවා. ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාව ලෙසින් 1937 වසරේ දී පළමුව ස්ථාපිත කරන ලද නාවික හමුදාව, දෙවන ලෝක යුද්ධයෙන් පසුව ශ්‍රී ලංකා රාජකීය ස්වේච්ඡා නාවික උපසේවය නමින් බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාව වෙත අන්තර්ග්‍රහනය කර ගෙන තිබෙනවා. ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයෙන් නිදහස ලැබීමෙන් පසුව, […]


Dec
9

ටෙස්ට් තරගාවලියට සහභාගී වීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඉස්ලාමාබාද් නුවරට

Generic placeholder image

පාකිස්තානයේ පැවැත්වෙන තරග දෙකකින් යුතු ටෙස්ට් තරගාවලිය සඳහා එක්වීමට පාකිස්තානය බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉස්ලාමාබාද් නුවරට ළඟාවුණා. 2009 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලාහෝර් නුවරදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමක් පාකිස්තානයේ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියකට එක්වෙන්නේ පළමු අවස්ථාවටය.


Dec
9

ශ්‍රි පාද වන්දනා සමය මෙවර පුන් පොහොයෙන් ඇරඹේ

Generic placeholder image

මෙවර ශ්‍රි පාද සමය ආරම්භ කරමින් සධාතුක කරඬුව සහ දේව ප්‍රතිමාව ශ්‍රි පාද උඩමළුව වෙත රැගෙන යාම හෙට දින සිදු කරනු ලබන අතර ඒ අනුව අද පස්වරුවේ සිට හෙට අළුයම දක්වා පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රිපාද රජමහා විහාරස්ථානයේ තැන්පත් කර ඇති සමන් දේව ප්‍රතිමාව සඳහා පුදපූජා පැවැත්වීමේ අවස්ථාව බැතිමතුන්ට හිමි වෙනවා. පුද පූජා පැවැත්වීමෙන් අනතුරුව හෙට අළුයම […]


Dec
9

බ්‍රිගේඩියර් ප්‍රියංකට එරෙහි තීන්දුව ගැන අවසන් තීරණය අද

Generic placeholder image

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා සම්බන්ධයෙන් එංගලන්තයේ වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාදුන් නඩු තීන්දුව පිළිබඳ අද(09) දිනයේ තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා වෙනවා. මේ සම්බන්ධයෙන් විදේශ සබඳතා අමාත්‍යාංශය විසින් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා කිරීමට නියමිත බව එම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළා. මීට අමතරව යුධ හමුදාව සමඟ ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා. බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු […]


Dec
9

එජාප පසුපෙළ අද රැස්වේ

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරුන් අද රැස්වීමට නියමිත බව වාර්තා වෙනවා. මෙම රැස්වීමේදී පක්ෂ නායකත්වය පිලිබදව සාකච්ඡා කෙරෙන බවයි පැවසෙන්නේ. කෙසේ නමුත් මෙම සාකච්ඡාව නිල මට්ටමෙන් සිදු කෙරෙන සාකච්ඡාවක් නොවන බවයි වැඩි දුරටත් සදහන් වන්නේ.


Dec
9

නවසීලන්තයේ ගිනි කන්දක් පුපුරා යෑමෙන් සියයකට අධික පිරිසක් අතුරුදන්

Generic placeholder image

නවසීලන්තයේ, ගිනි කන්දක් පුපුරා ගොස් ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා. මෙම ගිනි කන්ද නවසිලන්තයේ වයිට් අයිලන්ඩ් දුපතේ තිබෙන අතර මෙම කන්ද පුපුරන අවස්ථාවේ ඒ අසල සංචාරකයින් 100 කට අධික පිරිසක් සිටි බව පැවසෙනවා. තවමත් මෙම ස්ථානයට කිසිවෙකුට ලගා වීමට නොහැකි වීම හේතුවෙන් ඒම සංචාරකයින්ට කුමක් සිදුවේද යන්න නිශ්චිත තොරතුරක් අනාවරණ වී නොමැත.


Dec
9

කිරිපිටි මිල පහළට

Generic placeholder image

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ආනයනික කිරිපිටි මිල අද සිට අඩු කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව කිරිපිටි කිලෝ ග‍්‍රෑම් 01 ක මිල රුපියල් 40 කින් අඩු කිරීමටත් ග‍්‍රෑම් 400 ක බරකින් යුත් කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 15 කින් ද අඩු කිරීමට පියවර ගනු ලබනවා.


Dec
9

මැතිවරණ කොමිසමේ විශේෂ රැස්වීමක් හෙට

Generic placeholder image

හෙට පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන්.


Dec
9

වැස්ස තවත් වැඩි වෙන ලකුණු

Generic placeholder image

අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශ වල තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව දිවයිනේ නැගෙනහිර, ඌව, උතුරු-මැද, මධ්‍යම, උතුරු සහ වයඹ පළාත්වලත් ගිගුරුම් සහිත වැසි සහ තද සුළං මෙනේම සිදු විය හැකි අකුණු අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඒමේ දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. දිවයිනේ ඇතැම් ස්ථාන වලට මි.මී.150 […]


Dec
8

ගාලුකොටුව අසල ඉපැරණි බිත්තියක් කඩා වැටීමෙන් පල්ලිය පාර අවහිර වෙයි

Generic placeholder image

ගාලුකොටුව තුල පිහිටි ඉපැරණි ගොඩනැගිල්ලක බිත්තියක් කඩ වැටීමෙන් එම ගාලුකොටුව අසල පල්ලිය පර අවහිර වී ඇති බව පොලිසිය සදහන් කරනවා. විශේෂයෙන්ම මෙම මාරගය භාවිත කරන දෙස් විදෙස් සංචාරකයින් යම් අපහසුතාවයකට ලක් ව තිබෙනවා. ඉපැරණි තැපැල් කාර්යාල ගොඩනැගිල්ලක බිත්තියක් මෙලෙස කඩා වැටි ඇත්තේ. වැඩිදුර පරීක්ෂණ සදහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක්ද මේ ස්ථානයට පැමිණ තිබෙනවා.


Dec
8

නීති විරෝධී ලෙස මෙරට රැඳී සිටි ඉන්දීය ජාතිකයින් 06 කටුනායකදී අල්ලයි

Generic placeholder image

වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට රැදී සිටි අදාළ ඉන්දීය ජාතිකයින් පිරිස කටුනායක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා ව‌ෙනව. අවුරුදු 23ත් 52ත් අතර වයසේ පසුවන ඉන්දීය ජාතිකයින් හයදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් සම්බන්ධයෙන් කටුනායක පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


News Articles
Latest Videos
Most Popular Post