අගුණකොළපැලැස්ස ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශ්වාසයක් ගොඩනැගි ඇති බවයි. මේ අතර යම් යම් භාණ්ඩ ආනයනය කිරීමේ දී සීමාවන් පැනවීම රටක් වශයෙන් දුරදිග බලා ගත් තීන්දුවක් ලෙස සලකන බවයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසන්නේ.
රජයේ විධායක නිලධාරීන්ට ලබන 1 වැනි දා සිට රුපියල් 15,000 ක විශේෂ දීමනාවක් ලබාදීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, ඒ සඳහා වන චක්‍රලේඛය ඉදිරි සතියේ නිකුත් කරන බවයි. එමෙන්ම තමන්ට විශේෂ දීමනාවක් ලබා දෙන්නැයි ඉල්ලා පසුගිය සමයේ රජයේ විධායක නිලධාරීන්ගේ සංගමය අඛණ්ඩ […]
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ දිවයිනට ගිනිකොන දෙසින් පහල වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා විශේෂයෙන්ම නැගෙනහිර, ඌව, උතුරු-මැද සහ උතුරු, මධ්‍යම සහ උතුරු පළාත්වල පවතින වැසි තත්ත්වය අද 08 සිට 10 වෙනිදා දක්වා තවදුරටත් වැඩි වේ යැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපර්තමේන්තු පවසනවා.
උතුරු කොරියාව තවත් මිසයිලයක් අත්හදා බලා තිබෙනවා. ඒ තුලින් අනාගත උපාය මාර්ගික තත්ත්වයන් වෙනස් කිරීමට හැකි බවයි ඔවුන් අනතුරු ඇගවීම් සිදු කරන්නේ. කෙසේ වෙතත් උතුරු කොරියාවේ මෙම ක්‍රියාව පිලිබදව ජාත්‍යන්තරයේ අවධානය යොමුව තිබෙනවා.
පවතින කාලගුණ විපර්යාසයන් හමුවේ සාගරය තුළ ඇති පෝෂ්‍ය පදාර්ථ මෙන්ම පවතින ඔක්සිජන් ප්‍රමාණය අතින්ද අඩු වෙමින් පවතින බවද විද්‍යාඥයින් පවසනවා. මෙම පරීක්ෂණය සිදු කරන ලද්දේ සොබාදහම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයට අනුබද්ධ පර්යේෂකයින් පිරිසක් මගින් සිදුකළ අධ්‍යනයකදීයි. සාගර කලාපවලින් ස්ථාන හත්සියයක පමණ මේවනවිටත් මෙම ව්‍යසනයට ගොදුරු වී ඇති බවයි එම පරීක්ෂණයෙන් පෙන්වා දෙන්නේ.
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ ඓතිහාසික කැලණිය රජමහා විහාරස්ථානය වැඳපුදා ගත්තා. එමෙන්ම කැලණිය විද්‍යාලංකාර පුදබිමට පැමිණ කුලපති ආචාර්ය පුජ්‍ය වැලිමිටියාවේ කුසලධම්ම හිමියන් ඇතුළු මහා සංඝරත්නය බැහැ දැක ඇති බවද වාර්තා වෙනවා. එහිදී මහා සංඝරත්නය ජනාධිපතිවරයාට ආශිර්වාද පල කළ බවයි වාර්තා වන්නේ.
දිවයින පුරා අද සිට ඉදිරි දින කිහිපයක පුරා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව නැගෙනහිර, ඌව, උතුරු-මැද, මධ්‍යම, උතුර සහ වයඹ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සහ දිවයිනේ ඇතැම් ස්ථාන වලට මි.මී. 200 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය […]
විදුලිබල අමාත්‍යාංශයේ විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී විදුලි බල පනත සංශෝධනය සදහා විශේෂ කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව මෙම පනත සංශෝධනය කිරීම මගින් විදුලි නිෂ්පාදනයට බාධාවක් වන ආකාරයේ කරුණු ඉවත් කිරීමට අමාත්‍යවරයා මෙම කමිටුව පත් කොට ඇත්තේ.
2015 වසරේ යාපනය, පුංකුඩිතිව් ප්‍රදේශයේ දී ශිවලෝගනාදන් විද්‍යා නමැති පාසල් සිසුවිය පැහැරගෙන ගොස් දූෂණය කර මරා දැමීම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය ලබා සිටින විත්තිකරුවන් හත් දෙනෙකු විසින් එම දඬුවමින් තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන අභියාචනා මැයි මස 19 වනදා පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා. මෙම නඩුව අද ප්‍රසන්න […]
අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හැටන් දික්ඔය ප්‍රදේශයේ ජලය බෙදා හැරීම දින කිහිපයක් අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය පාරිභෝගිකයන් වෙත දැනුම් දී තිබෙනවා.
දිවයිනට දකුණු ප්‍රදේශයෙන් බෙංගාලබොක්ක ප්‍රදේශයේ යළි කැළඹිලි සහිත ස්වභාවයක් හටගෙන තිබෙනවා. මීට පෙර පැවති කැළඹිලි සහිත ස්වභාවය පහව ගියද ඉදිරි සතිය තුළත් තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. විශේෂයෙන් උතුර, නැගෙනහිර, උතුරුමැද, ඌව සහ මධ්‍යම පළාත්වලට එළඹෙන 11 වනදා පමණ වනතෙක් තද වැසි බලාපොරොත්තු විය හැකියි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්තවලට […]
වත්මන් රජය මගින් ලබාදුන් බදු සහන මත බේකරි නිෂ්පාදනවල මිල පහල දැමීමට කටයුතු කල හැකි බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය සදහන් කරනවා. පාන් හැර සෙසු බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 05කින් පහල දැමීමට සියලු බේකරි හිමියන් සමග කතිකා කරන බවයි ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.