News Line| Off Air
Generic placeholder image

Dec
6

පවතින අධික වැසි හේතුවෙන් ජලාශ ගණනාවක් තවමත් වාන් දමයි

Generic placeholder image

පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් දිවයින පුරා ජල මට්ටම ඉහල ගිය ජලාශ ගණනාවක වාන් දොරටු තව දුරටත් විවෘත කර තිබෙන බව වාරීමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරනවා. ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහකනදරාව නාච්චාදූව සහ අභය වැව ආදී වැව් ගණනාවකත් පුත්තලම දිස්ත්‍රිකක්යේත්, හම්බන්තොට දිස්ත්‍රිකක්යේ මෙලෙස බොහෝ ජලාශ වල වාන් දොරටු තවමත් විවෘත කොට ඇති නිසාවෙන් පහල බිම් වල […]


Dec
6

නිලානි රත්නායක තවත් රන් පදක්කමක් හිමිකරගනී

Generic placeholder image

පසුගියදා පැවති කාන්තා මීටර 1500 ඉසව්වේ රන් පදක්කම හිමිකර ගත් නිලානි රත්නායක අද දිනයේ තවත් රන් පදක්කමක් හිමිකර ගැනීමට සමත් වුණා. ඒ කාන්තා මීටර 5000 ඉසව්වෙන්. මිනිත්තු 16.55.18 කදී තරගය නිමා කරමින් ඇය එම ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට සමත් වුණා.


Dec
6

පියංකර ජයරත්නට එරෙහිව අල්ලස් කොමිස‌මෙන් යළිත් නඩු පවරයි

Generic placeholder image

සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ සිය බලය අයුතු ලෙස පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට එරෙහිව අල්ලස් කොමිසම අද කොළඹ මහාධිකරණය හමුවේ යළි නඩුවක් පැවරුවා. 2014 වසරේ මැයි මස 21 දා විත්තිකාර පියංකර ජයරත්න මහතා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ ශ්‍රී ලන්කන් කේටර්ස් සමාගමට අයත් රුපියල් […]


Dec
6

විපක්ෂනායක සජිත් ලෙස කරු පිළිගනියි

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම විසින් ගනු ලැබූ තීරණය පරිදි විපක්ෂනායක ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පත්කරන ලෙස ඉල්ලා සිටිමින් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කිරියවසම් මහතා මගින් කථානායක වෙත යොමු කරන නිර්දේශය කථානායකවරයා පිළිගත් බව කථානායක මාධ්‍ය ඒකකය පවසනවා. ළැඹෙන ජනවාරි 03 වන දින පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කර ජනාධිපතිවරයාගේ රාජාසන […]


Dec
6

වෛද්‍ය සාෆිගේ දේපල සාධාරණීකරණ කල නිලධාරීන්ට එරෙහිව පරීක්ෂණයක් කල යුතු බව රතන හිමි කියයි

Generic placeholder image

කුරුණෑගල රෝහලේ වෛද්‍ය සාෆි ශාබ්දීන් මහතාගේ දේපළ සාධාරණීකරණය කිරීම සම්බන්ධයෙන් ඒ පිළිබඳ විමර්ශන මෙහෙයවු නිළධාරීන්ට එරෙහිව පරීක්ෂණයක් සිදුකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි පුජ්‍ය අතුරලියේ රතන හිමි පවසනවා. උන්වහන්සේ පෙන්වා දෙන්නේ අදාළ නිළධාරීන් විසින් එම වෛද්‍යවරයාට තිබු චෝදනා මඟ හැරීමට ක්‍රියාකළ බවයි. පොහොර සහනාධාරය වෙනුවට ගොවීන්ට පොහොර ලබාදීමේ වැඩපිළිවෙලක් වසරකට පමණ පසු ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා […]


Dec
6

කිළිනොච්චියේ සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානයක් ජලයෙන් යටවෙයි

Generic placeholder image

අධික වර්ෂාව නිසා කිළිනොච්චිය, ආනන්දපුරම් ඇතුළු ගම්මාන කීපයක කොටු වී සිටි පුද්ගලයින් 168 දෙනෙකු යුද හමුදාව විසින් අද (06) උදෑසන බේරාගෙන ආරක්ෂිත ස්ථාන කරා රැගෙන්විත් තිබෙනවා. කිළිනොච්චිය ආරක්ෂක සේනාංක ආඥාපතිවරයාගේ උපදෙස් මත හමුදා භට පිරිස් ගම්වල කොටුවී සිටි ගම්වැසියන් බේරා ගැනීමට අවශ්‍ය පියවර ගෙන තිබුණා. මේ අතර කිලිනොච්චිය, ධර්මපුරම් මහ විද්‍යාලයේ සහ කිලිනොච්චිය හින්දු විද්‍යාලයේ […]


Dec
6

රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ධුරයේ වෙනසක් සිදු වෙයි

Generic placeholder image

රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා ලෙස බ්‍රිගේඩියර් සුරේෂ් සලේ මහතා පත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වනවා. ඒ මහතා ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කර ඇති අතර යුද හමුදා නිලධාරියෙක් රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ධුරය සඳහා පළමු වතාවට වීමද විශේෂත්වයක්. මිට පෙර රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන ලද්දේ නියෝජ්‍ය […]


Dec
6

කළු සාගරගේ සගයෙක් හෙරොයින් සමග අත්අඩංගුවට

Generic placeholder image

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකුගේ මෙහෙයවීමෙන් හෙරොයින් ජාවාරමක් සිදුකළ පුද්ගලයෙකු නවගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සංවිධානාත්මක අපරාධ සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින චමින්ද රෝහණ මංජු නොහොත් කළු සාගර නැමැත්තාගේ සහයකයෙකු පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්. සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරමට අමතරව කොලොන්නාව ප්‍රදේශයේ සිදුවු […]


Dec
6

අමෙරිකාවේ කැපිටල් නත්තල් ගස ආලෝකමත් කරයි

Generic placeholder image

අමෙරිකාවේ කැපිටල් නත්තල් ගස ආලෝකමත් කිරීම නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායිකා නැන්සි පෙලෝසිගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරුණා. නත්තල් සමයේදී ප්‍රධාන වශයෙන් අමෙරිකාවේ වොෂින්ටන් අගනුවර නත්තල් ගස් දෙකක් පමණ ප්‍රදර්ශනය කරනු ලබනවා. ඉන් එකක් ධවල මන්දිරයේ ප්‍රදර්ශනය කෙරෙන අතර අනෙක කැපිටල් නත්තල් ගසයි. කැපිටල් නත්තල් ගස ආලෝකමත් කිරීමේ උත්සවය පසුගියදා උත්කර්ශවත් ලෙස පැවැත්වුණ අතර මෙවර කැපිටල් නත්තල් ගස […]


Dec
6

පොලිසියේ ඉහල තනතුරුවල වෙනසක්

Generic placeholder image

පොලිසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු පොලිසියේ ඉහල තනතුරු බොහොමයකට ස්ථාන මාරු වීම් සිදු කර තිබෙනවා. ජාතික පොලිස් කොමිෂන් සභාව අනුමැතියට යටත් ව මෙලෙස පොලිසියේ ඉහල තනතුරු රැසකට ස්ථානමාරු සහ නව පත්වීම් ලබාදී තිබෙන අතර ඒ අනුව ස්ථානමාරුවීම් ලද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ගේ 11 දෙනෙක් සහ පොලිස් අධිකාරීවරුන් 08 දෙනෙකු මෙන්ම සහකාර පොලිස් අධිකාරීවරුන් […]


Dec
6

ආදිවාසි නායක ගෝඹා ජීවිතක්ෂයට

Generic placeholder image

මහඔය පොල්ලේ බැද්ද ආදිවාසි නායක ගෝඹා ඊයේ (05) සවස මහඔය පොල්ලේ බැද්ද නිවසේ දී මියගොස් තිබෙනවා. මිය යන විට ආදිවාසි නායකයාට වයස අවුරුදු 90 ක් බව සදහන්. ආදිවාසි නායක ගෝඹාට පිරිමි දරුවන් හයදෙනෙක් සහ එක් ගැහැණු දරුවෙක් සිටිනවා. 1941 වසරේ දී ආර්. ස්පිටල් මහතා විසින් බිංගොඩ සිට පොල්ලේ බැද්ද ගම්මානයට පැමිණි සාමාජිකයෙක් වන මොහු වසර […]


Dec
6

මාර්ග තදබදය අවම කිරීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයෙන් යෝජනා මාලාවක්

Generic placeholder image

කොළඹ නගරයේ සහ තදාසන්න ප්‍රදේශවල පවතින මාර්ග තදබදය අවම කිරීම සදහා වන යෝජනා මාලාවක් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය විසින් ප්‍රවාහණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාට භාරදී තිබෙනවා. එම යෝජනා මාලාව සම්බන්ධයෙන් අමාත්‍යවරයා සාධණීය ප්‍රතිචාරයක් පළ කල බව සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post