ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් සමෘද්ධි නිලධාරින් මේ වන විට බත්තරමුල්ල, පාර්ලිමේන්තු වටරවුම අසල විරෝධතාවයක නිරත වෙනවා. මේ හේතුවෙන් බොරැල්ල සහ බත්තරමුල්ල සහ ඒ අවට මාර්ගවල දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබෙන බව වාර්තා වන අතර විරෝධතාවය හේතුවෙන් දියත උයන ආසන්නයේ සිට පාර්ලිමේන්තුව දෙසට වන මාර්ගය මේ වන විට තාවකාලිකව වසා දමා තිබෙනවා.
අරාබි වසන්තයෙන් බලයෙන් පහ කළ හිටපු ටියුනීසියා ජනපති සිනේ එල් අබිදීන් බෙන් අලී අභාවප්‍රාප්ත වී තිබෙනවා. ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ හමුවේ ටියුනීසියාවෙන් පළාගිය ඔහු මේ දක්වා සෞදි අරාබියේ ජීවත් වී ඇති අතර මියයන විට ඔහු 83 වැනි වියේ පසුවුණා. ටියුනීසියානු හමුදා නිලධාරියකු වූ බෙන් අලී 1987 දී එරට අගමැති ධුරයට පත්ව ඇති අතර එම වසරේදිම සාමකාමී […]
රක්ෂිත බන්ධනාගාර ගත සිටිි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර මහත්වරුන් ඇප මත මුදා හරිමින් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය දුන් නියෝගය අහෝසි කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා ඉදිරිපත් කළ ප‍්‍රතිශෝධන පෙත්සම අද යළි විභාගයට ගැනුණු අතර නීතිපතිවරයා විසින් ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සමේ තින්දුව ඔක්තෝබර් මස 09 වෙනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය […]
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ පිහිටුවීම හා එක්සත් ජතික පක්ෂය ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම ලබන 24 දා සිදුකිරිමට නියමිතයි. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා මේ වන විට පුද්ගලයන් දෙදෙනෙකුගෙන් ලිඛිත ඉල්ලීම් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමුකර ඇති බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරනවා. එසේ ඉල්ලීම් කර ඇත්තේ අමාත්‍ය සජිත් […]
වත්තල ප්‍රදේශයේ මහල් තුනකින් යුත් ගොඩනැගිල්ලක ගින්නක් හට ගෙන තිබෙනවා. මෙය රෙදි පිළි අලෙවි සැළක් වන බව වාර්තා වෙනවා. අද උදෑසන මෙම ගින්න හටගෙන ඇති අතර ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 05ක් යොදවා තිබෙන බව වාර්තා වෙනවා. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මේ වන විට පරීක්ෂණ ක්‍රියාත්මකයි.
ලෝක කුසලාන තරගාවලිය අද ආරම්භ වනවා. 9 වන රග්බි ලෝක කුසලාන තරගාවලිය අද ආරම්භ වන්නේ ජපානයේ ටෝකියෝ හිදීයි. ලොවපුරා මහද්වීප නියෝජනයකරමින් කණ්ඩායම් 20 ක් මෙවර තරගාවලියට සුදුසුකම් ලබා සිටිනවා. ආසියාව නියෝජනය කරමින් තරගවදින එකම කණ්ඩායම බවට පත්ව ඇත්තේ සත්කාරක ජපාන කණ්ඩායමයි. තරගාවලියේ සමාරම්භය සටහන් කරමින් පළමු තරගය පැවැත්වෙන්නේ සත්කාරක ජපානය සහ රුසියාව අතරයි. අන්තර්ජාතික රග්බි […]
සෞදියේ තෙල් සැකසුම් මධ්‍යස්ථානයට එල්ල වූ ප‍්‍රහාර පිළිබදව එල්ල වන චෝදනා ඉරාන ජනාධිපති හසන් රවුහානි යළි ප‍්‍රතික්ශේප කර තිබෙනවා. ඉරාන ජනාධිපතිවරයා සදහන් කලේ ඇමරිකානු ජනාධිපිවරයා එල්ල කරන චෝදනා සිය රටට කල අපහාසයක් ලෙසයි. පසුගිය 14 වනදා මෙලෙස ඩ්‍රෝන ප‍්‍රහාරයක් එල්ල වුනේ සවුදියේ විශාලතම තෙල් සැකසුම් මධ්‍යස්ථානයටයි. මෙම ප‍්‍රහාරය ඉරානය විසින් එල්ල කර ඇති බව ඇමරිකාව […]
දිස්ත‍්‍රික් තේරීම් භාර නිලධාරීවරුන් / නියෝජ්‍ය සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් අද මැතිවරණ කොමිෂන් සභාවට කැඳවා තිබෙනවා. එම කොමිසම සඳහන් කළේ ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා කැඳවීම සිදු කර ඇති බවයි. එළඹෙන ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡුන්ද සහ අනෙකුත් කටයුතු පිළිබඳ ඉදිරි දින කිහිපය තුළ ප‍්‍රකාශයට පත් කිරීමට නියමිත බව ද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා. […]
පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලීම සඳහා පත්කළ තේරීම් කාරක සභාවේ සාමාජිකයින් අද පෙරවරු 10 00 ට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණීමට නියමිතයි.ඒ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සාක්ෂි ලබා ගැනීස සදහායි. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිිංහ ඇතලූ අමා්‍ය වරුන් කිහිප දෙනෙකු මීට පෙර කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන් අතර පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු විශේෂ තේරීම් […]
බස්නාහිර / සබරගමුව / දකුණු / මධ්‍යම සහ වයඹ පළාත් ඇතැම් ස්ථාන වලට මිලි මීටර 100 ක තද වැසි ඇති විය හැකි බව බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සදහන් කළේ අනුරාධපුරය / යාපනය සහ මන්නාරම දිස්ත‍්‍රික්කවලට වැසි වාර කිහිපයක් අපේක්ෂා කරන බවයි.ඉදිරි දිනවලදී ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් සහ පොළොන්නරුව දිස්ත‍්‍රික්කවලත් මිලමීටර් 50 […]
ඊයේ පස්වරුවේ සිට ක්‍රියාත්මක දුම්රිය සේවකයින් නිරතව ඇති අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක වෙන බව වාර්තා වෙනවා. එමෙන්ම ලබන අඟහරුවාදා දිනයේ දී අඛණ්ඩ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට නියමිත බවද පැවසෙනවා. මේ අතර මරදාන-කොටුව දුම්රිය ස්ථාන අතර සංඥා බිඳ වැටීමක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට ප්‍රබල ලෙස බාධා එල්ල වී තිබෙනවා. […]
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුරුන්ද යන්න ලබන සතිය තුළ තීරණය කරන බව පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. පක්ෂ නායකවරයා ඒ පිළිබඳ තමන් වෙත දැනුම් දුන් බව එම පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළා. මේ අතර ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීම සම්බන්ධයෙන් තවත් තීරනාත්මක සාකච්ඡාවක් එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් සහ […]