ඊයේ දවසේ සමාජ ජාල කළඹපු Video එකක් තිබුනා. ඒ තමයි අපේ අගමැතිතුමා එක්ක ප්‍රවීණ නිළි අයිරාංගනි සේරසිංහ මහත්මිය එකට නර්තනයක යෙදෙන අවස්ථාවක් තියෙන Video එක. ලංකාවේ පළවෙනි වතාවට තමයි මේ විදිහට අගමැති කෙනෙක් නර්ථනයක යෙදෙනවා අපට දකින්න පුළුවන් වුනේ. සමාජ ජාල වල හරිම ඉක්මනට මේ Video එක උණු කැවුම් වගේ Share වෙන නිසා, YouTube Trending වල මේ Video එක තාමත් තියෙන්නේ නම් 45 වෙනි තැන.
කොහොම වුනත් මේ සිද්ධියෙන් පස්සේ අගමැතිතුමා, ප්‍රවීණ නිළි අයිරාංගනි සේරසිංහ මහත්මිය එක්ක තියෙන නෑකම ගැනත් නොදන්නා ගොඩක් දෙනෙක් දැනගත්තා. ඉතින් මේ ගැන අයිරාංගනි සේරසිංහ මහත්මිය කියන්නේ නම් මේ වගේ කතාවක්.
නාලනීගේ පුතා වන රනිල් වික්‍රමසිංහ නෑකමින් ඔබේ බෑනා. අගමැතිට ඔබ නැන්දා?
“රනිල් දේශපාලනයට යනවා කිව්වම ඕ…මයි ගෝඩ් කියලා කියවුණා. දේශපාලනය කියන්නේ දඩබ්බර අයට හොඳ දෙයක්. රනිල් වගේ නිවුන අයෙක්ට ඒක සුදුසු නෑ කියලා හිතුණේ. දේශපාලනයට ගිහින් කතාවක් කරගන්නේ කොහොමද කියලයි මට හිතුණේ. ඔහු අගමැති වූ විට මම පුදුම වුණා. රනිල්ට හොඳ මොළයක් තිබෙනවා. ඒ වගේම තමයි බලයටවත් දේපළවලටවත් ඔහුට කිසිම කෑදරකමක් නෑ. කාලයක් ඔහුට මිනිස්සු බනිනවා. ඔයා පොත් කියවන්න, සිංදු අහන්න දේශපාලනය අත්හැරදාන්න කියලා මම රනිල්ට කිව්වා. ඔහුගේ උත්තරය වුණේ මම අභියෝගවලට කැමැතියි කියන එකයි. ඔහුත් එක්ක මම දේශපාලනය කරන්න කැමැති නෑ.”
-අයිරාංගණී සේරසිංහ-