News Line| Off Air
Generic placeholder image

Aug
15

සහරාන්ගේ බිරිඳ අධිකරණය හමුවේ රහස් ප්‍රකාශයක් ලබාදෙයි

1870 Views


සහරාන්ගේ බිරිඳ අධිකරණය හමුවේ රහස් ප්‍රකාශයක් ලබාදෙයි

කොළඹ ෂැංගී‍්‍රලා හෝටලයේ දී මරාගෙන මැරුණූ බෝම්බකරු වූ ජාතික තවුහීත් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් හෂීම් ගේ බිරිඳ අද (15) දින කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ඉදිරියේ මහේස්ත්‍රාත් රංග දිසානායක මහතාගේ නිල මැදිරියේදී රහස් ප‍්‍රකාශයක් ලබා දී තිබෙනවා.

සහරාන හෂීම් ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා විසින් එම රහස් ප‍්‍රකාශය ලබා දෙනු ලැබුවේ කොළඹ ෂැංගී‍්‍රලා හෝටලයේදී මරාගෙන මැරුණූ බෝම්බකරුවන් වූ මොහොමඩ් සහරාන් හෂීම් සහ මොහොමඩ් ඊබ‍්‍රාහිම් ඉල්හාම් අහමඩ් යන අයවලූන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ සාක්ෂි විභාගය කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ අද (15) පැවැත්වූ අවස්ථාවේදීයි.

මෙම මරණ පරීක්ෂණය සදහා සාක්ෂි ලබාදීමට මරාගෙන මැරෙන ප්‍රහාරය සිදුකළ මොහොමඩ් සහරාන් යන අයගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියා, ඔවුන්ගේ දියණිය වන සිව් හැවිරිදි මොහොමඞ් සහරාන් රුක්ෂියා, මරාගෙන මැරුණූ අනෙක් පුද්ගලයා වූ මොහොමඩ් ඊබ‍්‍රාහිම් ඉල්හාම් අහමඞ් නැමැත්තාගේ පියා සහ සහෝදරයින් දෙදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.


News Articles
Latest Videos
Most Popular Post