News Line| Off Air
Generic placeholder image

Aug
16

පහේ හපනුන්ගේ ශිෂ්‍යාධාරත් දැන් Online ක්‍රමයෙන්

830 Views


පහේ හපනුන්ගේ  ශිෂ්‍යාධාරත් දැන් Online ක්‍රමයෙන්

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සදහා සෑම වසරකදී ම සිසුන් තුන්ලක්ෂ පනස්දහසකට ආසන්න පිරිසක් පෙනී සිටින අතර ඔවුන් අතරින් ශිෂ්‍යත්වය සමත් අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් එක්ලක්ෂ පනස්දහසකට පමණ ශිෂ්‍යාධාර ලබාදීම අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් සිදු කරනු ලබනවා.

ඒ අනුව ශිෂ්‍යාධාර ලබාදීම 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා අඛණ්ඩව සිදු කෙරෙන අතර සිසුන්ට ශිෂ්‍යාධාර මුදල් ගෙවීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂමව සිසුන්ට අපහසුවක් නොවන ආකාරයට නිශ්චිත කාල සීමාවක් තුළ සිදු කිරීම සඳහා තාක්ෂණ සහාය කර ගැනීමට පියවර ගෙන තිබෙන අතර
ඒ අනුව පළමු පියවර ලෙස ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට ජාතික පාසල්වල ඉගෙනුම ලබන සිසුන්ගේ තොරතුරු සහ ශිෂ්‍යත්ව විභාගයෙන් ලබා ඇති ලකුණු ඇතුළු ශිෂ්‍යාධාර දීමනාව සඳහා සුදුසුකම් ලැබීමට අදාළ සියලු සවිස්තරාත්මක දත්ත මේ වන විට Online ක්‍රමයට ඇතුළත් කර තිබෙන බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post