News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
21

පොල් ගස් කැපීම තහනම් කිරීමට යෝජනාවක්

1757 Views


පොල් ගස් කැපීම තහනම් කිරීමට යෝජනාවක්

පොල් ගස් කැපීම තහනම් කරමින් නීති පනවන්නැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනය රජයට යෝජනා කර තිබෙනවා.

පොල් ගස ද ගස් වැවීමේ පනතට එක්කරන ලෙස ඔවුන් ඉල්ලා ඇති අතර තල්, දෙල් සහ කොස් යන ශාක මෙම පනත යටතට ඇතුලත්.

ඊට අදාළ නීති යටතේ ඒවා කපා දැමීම ද දඩුවම් ලැබිය හැකි ක්‍රියාවක්.

එම නීති පද්ධතියට පොල් ගස ද ඇතුලත් කරන ලෙස සමස්ත ලංකා ගොවිජන සම්මේලනය රජයට යෝජනා කර තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවති විශේෂ සාකච්ඡාවක දී මෙම යෝජනාව ඉදිරිපත් කළ බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා සඳහන් කළා.

 


News Articles
Latest Videos
Most Popular Post