News Line| Off Air
Generic placeholder image

Aug
26

ඇමේසන් ගින්න අභ්‍යකාශ මධ්‍යස්ථානයේ ඇසට – ඡායා රූප මාධ්‍යට නිකුත් කරයි

6621 Views


ඇමේසන් ගින්න අභ්‍යකාශ මධ්‍යස්ථානයේ ඇසට – ඡායා රූප මාධ්‍යට නිකුත් කරයි

බ්‍රසීලයේ ඇමේසන් වනාන්තරයේ හටගෙන තිබෙන ලැව් ගිනි දිගින් දිගටම ව්‍යාප්තවෙමින් පවතින බව වාර්තා වෙනවා. මේ වන විට බ්‍රසීල ජනාධිපතිවරයා ගේ නියෝග අනුව හතලිස් හතරදාහක යුධ හමුදා බල ඇණියක් මෙම ලැව් ගිනි වයාප්තවිම වැළැක්වීමේ අරමුණින් මෙහෙයුම් වලට එක් කර තිබෙනවා.

එමෙන්ම ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය විසින් ඇමේසන් වනාන්තරයේ හටගෙන තිබෙන ලැව් ගිනි සම්බන්ධයන් ගනු ලැබූ ජයාරූප කිහිපයක් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.මේ අතර ලැව් ගිනි පාලනය කිරීමට බ්‍රසීලයේ පරිසර සංගම් කිහිපයක් එක්වී තාවකාලික පදනමින් මුදලට ගිනි නිවීමේ නිලධාරීන් බඳවා ගැනීමට කටයුතු කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ. විශේෂයෙන්ම ඇමේසන් වනාන්තරය කේන්ද්‍ර කරගනිමින් ජිවත් වන ස්වදේශී ජනතාවගේ ගම්මානද මේ වන විට ලැව් ගිනි හේතුවෙන් විනාශ වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

මේ අතර ලොව විශාලතම ජලය රැගෙන යා හැකි බෝයිං 747 වර්ගයේ “සුපර් ටැන්කර්” වර්ගයේ ගුවන් යානයක් ද ඇමේසන් වන්නාන්තරයේ හටගෙන තිබෙන ලැව් ගිනි පාලනය කිරීමේ මෙහෙයුම් සඳහා එක් කර ඇති බවද වාර්තා වෙනවා.

මේ අනුව මේ වසරේදී මේ දක්වා ඇමේසන් වන්නාන්තරයේ පමණක් ලැව් ගිනි 75,000ක් පමණ වාර්තාවී තිබෙන අතර එය වාර්තාගත ලැව් ගිනි ප්‍රමාණයක් වන පැවසෙනවා.


News Articles
Latest Videos
Most Popular Post