ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද කැදවා තිබෙනවා. රැස්වීම පස්වරු 06 00 ට පැවැත්වෙන්නේ කොළඹ පිහිටි ජනාධිපති නිළ නිවසේදීයි.
ඉදිරි ජනාධිපතිවරණයේදී ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂය කටයුතු කරන ආකාරය පිලිබදව එහිදී සාකච්ඡ වනු ඇති බවයි නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සියත ප‍්‍රවෘත්ති වෙත සදහන් කළේ.
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගත වීම පිළිබද පවත්වන සාකච්ඡ ඉදිරියට ගෙනයාම සම්බන්ධයෙන්ද එහිදී තීරණයක් ගැනීමට නියමිත අතර ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අතර 6 වන සාකච්ඡ වටය ලබන 27 වනදා කැදවා තිබෙනවා. එමෙන්ම සන්ධානගතවීම සම්බන්ධයෙන් මේ වන විට පක්ෂ දෙක අතර සාකච්ඡ වට 05 ක් පවත්වා අවසන්.
සන්ධාන ගතවීමේදී ඇති කරගත යුතු එකගතා සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුනේ යෝජනාවලිය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට භාර දී තිබෙන අතර එය සමාලෝචනය සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කමිටුවක් ද පත් කර තිබුණා.