අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද (20) කොළඹට පැමිණීමට නියමිතව ඇත. ඒ අනුව අද දහවල් 12.00 ට ලිප්ටන් වටරවුමේ සිට කොළඹ කොටුව දක්වා ඔවුන් පැමිණිමට නියමිතව ඇති බවයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සඳහන් කළේ.
කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය. C D E F G H I J K L කලාප සඳහා සවස් කාලයේ පැය 1 යි P Q R S T U V කලාප සඳහා සවස් කාලයේ පැය 1 යි A B W කලාප සඳහා උදෑසන කාලයේ පැය 1 යි
ජාති, ආගම්, පක්ෂ භේදයකින් තොරව ආරම්භ වූ ගාලු මුවදොර ආදරයේ අරගලයට අදට දින හැට එකක් වනවා. ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට ගෙදර යන ලෙස බල කරමින් මෙම අරගලය ආරම්භ වුණා. ගෝඨා ගෝ ගම නිර්පාර්ශවික අරගලයට පහර දී මසක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ලේ හා ඇස් දන් දීමේ වැඩසටහනක් රතු කුරුස සංවිධානය හා ගෝඨා ගෝ ගමේ දී පැවැත්වෙනවා.
අද (08) මධ්‍යම රාත්‍රීයේ සිට ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සියලු රාජකාරි කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර ඇත. විදුලිබල පනත සංශෝධනය කිරීමට විරෝධය පළ කරමින් ඔවුන් එම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කරන බවයි එහි සභාපති අනිල් රංජිත් ඉඳුවර සඳහන් කළේ.
ලෝක ආහාර ආරක්ෂණ දිනය සෑම වසරකම ජුනි මස 07 වනදාට යෙදී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රථමයෙන් මෙම දිනය නම් කරන ලද්දේ 2018 වසරේදීය. 2022 දී එනම් මෙම වසරේ ලෝක ආහාර ආරක්ෂණ දිනයෙහි තේමාව වන්නේ “යහපත් සෞඛ්‍ය සදහා ආරක්ෂිත ආහාර” යන්නයි. ලෝකයේ ආහාර ආරක්ෂණ දිනය සූදානම් කර ඇත්තේ ආහාර අවධානම් වැළැක්වීම, හදුනාගැනීම සහ කළමනාකරණය කිරීම […]
නයිජීරියාවේ කතෝලික දේවස්ථානයක තුවක්කුකරුවන් විසින් සිදු කළ ප්‍රහාරයකින් කාන්තාවන් සහ ළමුන් ඇතුළු පුද්ගලයින් 50 ක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ප්‍රහාරයට හේතුව පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති අතර එරට පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
පවතින අඩු විදුලි ඉල්ලුම සහ ජල විදුලි උත්පාදනය මගින් විදුලිය ලබා ගැනීමේ හැකියාව මත මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ජූනි 02 වැනිදා සිට 05 වැනිදා දක්වා විදුලි කප්පාදුව පැය 02කට සහ පැය 01කට සීමා කර ඇත. ඒ අනුව, ජූනි 2 විදුලි කප්පාදුව පැය 2ක් ජූනි 3 විදුලි කප්පාදුව පැය 2 ක් ජූනි 4 විදුලි කප්පාදුව […]
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි. දිවුරුම් දීම අද (25) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ සිදු විය.
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් යළි ඉන්ධන මිල ඉහළ නංවා තීබේ. එම මිල වැඩි කීරිම් අද(24) අලුයම 03.00 සිට ක්‍රියාත්මක වන බව නිවේදනයක් නිකුත් කරමින් සංස්ථාව පවසා තිබේ. එම නිවේදනය හා නව මිල ගණන් මෙසේය.
කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය. A B C D E F G H I K L කලාප සඳහා දිවා කාලයේ පැය 2 යි විනාඩි 10 යි. P Q R S T U V W කලාප සඳහා දිවා කාලයේ පැය 2 යි විනාඩි 10 ක් විදුලි කප්පාදුව සිදුවේ.
LTTE ත්‍රස්තවාදය පරාජය කරමින් මුළුමහත් රට එක්සේසත් කර රණවිරුවන් අත්කර ගත් යුද ජයග්‍රහණයට අදට වසර 13 ක් සපිරෙනවා. 2009 වසරේ මැයි මස 18 වනදා නන්දිකඩාල් කලපුවේදී LTTE නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු LTTE නායකයින් මියයාමත් සමග වසර 30 ක් පුරා රටම වෙළාගත් ත්‍රස්තවාදය මෙරටින් සහමුලින්ම අතුගා දැමීමට ත්‍රිවිධ හමුදා රණවිරුවන් සමත් විය.
ලෝක අධි රුධිර පීඩන දිනය අදට යෙදී ඇත. 2022 වර්ෂයේ ලෝක අධි රුධිර පීඩන දිනයේ තේමාව වනුයේ,” දිගුකල් ජීවත් වන්නට ඔබේ රුධිර පීඩනය නිවැරදිව මැන පාලනය කරගන්න ” යන්නයි. අධි රුධිර පීඩනය වැළැක්වීම පිළිබදව ප්‍රජාව දැනුවත් කිරීමේ අරමුණෙන් ලෝක අධි රුධිර පීඩනය පිළිබද එකමුතුව විසින් ලෝක අධි රුධිර පීඩන දිනය සෑම වසරකම මැයි 17 වන […]