මහජනතාව අධිකරණ පද්ධතිය කෙරෙහි තබා තිබෙන විශ්වාසය ආරක්ෂා කිරීම විනිසුරුවරුන්ගේ පරම වගකීම බව නව අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා පවසනවා. අගවිනිසුරුවරයා මේ බව සඳහන් කළේ කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයේ දී අගවිනිසුරු ධූරයේ රාජකාරි ආරම්භ කිරීමේ උත්සවයට සහභාගී වෙමින්.එක් විනිසුරුවරු වරයෙකු හෝ එම විශ්වාසය කඩ කරනු ලැබුවොත් ඉන් සමස්ත අධිකරණ පද්ධතියටම පිරිමැසිය නොහැකි පාඩුවක් සිදූවිය හැකි බවයි නව […]
2019 ඡන්ද හිමි නාම ලේඛන බී ආකෘති පත්‍ර බෙදා හැරීමේ කටයුතු අද සිට ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා ඡන්ද හිමි නාමලේඛන බී ආකෘති පත්‍ර එකතු කිරීමේ කටයුතු ජුනි මස පළමු වනදා සිට සිදූ කිරීමට නියමිතයි මෙවර ඡන්ද හිමි නාම ලේඛන ආකෘති පත්‍රය සමඟ තවත් ලේඛනයක් ද සම්පූර්ණ කිරීම සඳහා මහජනතාවට ලබා දෙනවා අමතරව […]
ඇමරිකාව විසින් සිය නෞකාවක් අත්පත්කර ගැනීම නීති විරෝධී මංකොල්ලයක් බව උතුරු කොරියාව පවසනවා.එම නෞකාව යලි තමන් වෙත ලබා දෙන ලෙසයි උතුරු කොරියාව පවසන්නේ. එහෙත් ඇමරිකා එක්සත් ජනපදයේ අධිකරණ දෙපාර්තමේන්තුව උතුරු කොරියාවට චෝදනා කලේ ගල් අඟුරු ප්‍රවාහනය කරමින් තිබූ අදාල නෞකාව ජාත්‍යන්තර සම්බාධක උල්ලංගණය කර ඇති බවයි. නෞකාව ඇමරිකාවේ ආරක්ෂක අංශ යටතට ගැනීම හේතුවෙන් ඇමරිකානු ජනාධිපති […]
ජාතික මග – රට රකින – රට හදන මහජන ව්‍යාපාරයේ මංගල මහා සමුලුව ඊයේ පස්වරුවේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වුණා. තරුණයන් සමාජ මාධ්‍ය වල පල කරන ප්‍රකාශ පිලිබඳව පරීක්ෂණ පවත්වන අයුරින් අමාත්‍යවරුන් සිදූ කරන ප්‍රකාශ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදූකල යුතු බව පූජ්‍ය මාවරලේ භද්දිය හිමියන් පවසනවා. උන් වහන්සේ මේ බව සදහන් කලේ ජාතික මග මහජන සමුලුව […]
රිෂාඩ් බදියුදීන්ට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා සිදු කෙරෙමින් ඇතැයි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.උන්වහන්සේ පෙන්වා දෙන්නේ මෙම විශ්වාසභංග යෝජනාව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ශ්වයෙන් ගෙන එන්නේ නම් එය වඩාත් වැදගත් වනු ඇති බවය. බොහෝ දුරට අද දිනයේ දී විශ්වාසභංග යෝජනාව කථානායකවරයාට භාරදීමට හැකි වනු ඇති බවයි වැඩිදුරටත් ප‍්‍රකාශ කර තිබුනා.
බස්නාහිර, මධ්‍යම, වයඹ සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සවස 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් […]
ත‍්‍රස්තවාදය ශ‍්‍රී ලංකාවෙන් මුලිනුපුටා දමා ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට ශ‍්‍රී ලංකාවට ලබාදිය හැකි සෑම සහයක්ම ලබාදෙන බව චීන ජනාධිපති ෂි ජින්පින් මහතා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන වෙත සඳහන් කර තිබෙනවා. ඒ ඊයේ චීන ජනාධිපති අතර තිබූ නිල හමුව අතරතුරදීයි. ශ‍්‍රී ලංකාව තුළ මතුවූ මෙම හදිසි තත්ත්වය හමුවේ ආරක්ෂක අංශවල කටයුතු වෙනුවෙන් ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි රුපියල් කෝටි […]
කුලියාපිටිය අවට ප්‍රදේශවල සිදු වූ අවාසනාවන්ත සිදුවීම්වලට මූලික හේතුව වී තිබෙන්නේ අවට මුස්ලිම් ගම්මාන පරීක්ෂා කිරීම පිළිබඳ ඇතිවූ ගැටලුවක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පවසා සිටියා. මුස්ලිම් ගම්මානවල සිටින පිරිස් සිංහල ජනතාව පහරදෙනු ඇතැයි බියෙන් හා සිංහල ජනතාවට මුස්ලිම් ගම්මානවල සිටින පිරිස් පහරදෙනු ඇතැයි බියෙන් පසුවන […]
අද වන විට රටට ලොකුම තර්ජනය එල්ල වී ඇත්තේ ජාත්‍යන්තර ත්‍රස්තවාදයෙන් නොව, එක්තරා දේශාපාලන කණ්ඩායමකින් බව මුදල් ඇමති මංගල සමරවීර පවසනවා. ඊයේ කොළඹ පැවති වැඩසටහනකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇමතිවරයා මේ බව පවසා සිටියා. “ජාත්‍යන්තර ත්‍රස්ථවාදයට අද වන විට ලෝකයේ සෑම රටක්ම මුහුණ පා තිබෙනවා. අපි පිළිගන්නවා රජයක් ලෙස අඩුපාඩු තිබුණා ඒත් අද වන […]
වයඹ පළාතට පනවා ඇති ඇඳිරි නීතිය අද පස්වරු 4ට අවසන් කර නැවත සවස 6ට පැනවීමට තීරණය කර තිබෙනවා. නැවත ඇඳිරි නීතිය ඉවත්කරනුයේ හෙට අලුයම 6ට බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.
මධ්‍යම පළාත තුළ පවතින සුරාසල් අද පස්වරු 2 සිට වසා දමන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා විසින් නියෝග කර තිබෙනවා. ඒ රට තුල පවතින නොසන්සුන්තාවය ව්‍යප්ත වීම වැලැක්වීමේ පියවරක් ලෙසයි.
අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් අද දිනයේ කථානායකවරයා වෙත භාරදීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා. ඊට ඒකාබද්ධ විපක්ෂයේ ද සහය ලබා ගැනීමට බලාපොරොත්තු වන බවයි උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ.